- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එතෙර පිරික්සුමෙන් ලංකාව බේරේ ?
2015 සැප්තැම්බර් මස 11 12:48:58 | . , තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව මේ මස 30 වැනි දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි ජීනිවා තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාද සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව ඉකුත් වසරේ මාර්තු මාසයේදී එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට සහාය දැක්වීමට පසුගිය මාසයේදී ඇමෙරිකාව යළි ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටීයි.
මීට පෙර මානව හිමිකම් මහ කොමසාරිස්වරයා යෝජනා කර සිටියේ ලංකාව සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටු වාර්තාව නිල වශයෙන් ලබන මස ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වීමෙන් එහි සාමාජික රටවල්වල අනුමැතියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවීමටය.
ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටියේ සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන දේශීය පරීක්ෂණයක් පවත්වන බවය.
නව රජය පත්වීමෙන් පසුව නිල සංචාරයක් සඳහා පැමිණී ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ බලධාරීන් සමඟ පැවත්වූ සාකච්ඡා වලින් පසුව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ලබන සඳුදා (14) රැස්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/347106