- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි
මෙම සමාගම වාණිජ පාරිභෝගික භාණ්ඩ,ඉංජිනේරු සේවා හා ගුවන් සේවා ආශ්‍රිත නිෂ්පාදන හා ව්‍යාපාර අංශයේ කටයුතු සිදු කරන ෆෝචුන් 100 වර්ගිකරණයේ 77 වැනියට 2012 වසරේ සිටි සමාගමකි.ලොව පුරා 130,000 ක පිරිසක් මෙහි සේවා සපයති.මෙහි වත්කම් වටිනාකම ඩොලර් බිලියන 40 ක් පමණ වේ.චීනයේ හා ඉන්දියාවේ මෙහි ව්‍යාපාර ඇත.
පසුගියදා මෙරට සංචාරයේ නියුතු ඇමෙරිකාණු රාජ්‍ය ලේකම් ජෝන් කෙළි ගේ සංචාරය තමාගේ මෙම සංචාරයට පසුබිම වු බව ඔහු කියා ඇත.
ඉදිරියේදි මෙහි ආයෝජන සම්බන්ධයෙන් සලකා බලන බව ඔහු කියා ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි
Thanks Nihal.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි
කිත්සිරි ද සිල්වා wrote:දැන් ඉතින් බයවෙන්න දෙයකුත් නැහැ නේ. 10 % කාරයත් අසනීපෙන්නේ මේ දවස් වල
සහලෝල උණ වෙන්ටැ,පවු අප්පා
- Market R
- Posts : 221
Join date : 2015-01-07
Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Fortune 100 සද්දන්තයෙක් ලංකාව බලන්න එයි
ඇමෙරිකාවේ මහා ධනවතා රහසේම ලංකාවට ආවේ ඇයි?
ලෝකයේ ප්‍රධානතම ව්‍යාපාරික සමාගම් 100න් එකක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ හනිවෙල් (Honeywell) සමාගම් සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි ඩේව් කෝට් (Dave Cote) මහතා කිසිදු දැනුම්දීමකින් තොරව පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඉන්දියාවට පැමිණ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමෙන් අනතුරුව ඩේව් කෝට් මහතා තම පෞද්ගලික ජෙට් යානයෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ ඇත.
ඉන් අනතුරුව ඩේව් කෝට් මහතා මහාමාර්ග ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සමඟ කොළඹදී පැයකට ආසන්න වේලාවක් සාකච්ඡා කර තිබේ. ෆෝචුන් (Foutune) සඟරාව මඟින් නම්කර ඇති ලෝකයේ ප්‍රධානතම සමාගම් 100 අතර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයකු මෙසේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන එරාන් වික්‍රමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පුදුමයට පත්වී තිබේ. ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට තිබෙන හැකියාව ගැන එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. අධි
තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කිරීම තම සමාගම ලෝකය පුරා සිදුකරගෙන යන බවත් එම අවස්ථාව
ශ්‍රී ලංකාවට ලබාදීම කෙරෙහි තම අවධානය යොමුවී තිබෙන බවත් ඩේව් කෝට් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
හොඳ අධ්‍යාපනයක් ලබාගෙන අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පරපුරක් ශ්‍රී ලංකාවේ සිටින බව තමා අසා ඇති බවත් ඔවුන් වෙනුවෙන් යම් අවස්ථාවක් ලබාදීමට තමා අවධානය යොමු කරන බවත් කෝට් මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමුවීමට අවශ්‍ය දැයි එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විමසා ඇති අතර එවිට කෝට් මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ අවස්ථාවේදී එය අවශ්‍ය නොවන බවයි. තමා ශ්‍රී ලංකාව ගැන මූලික අවබෝධයක් ලබාගැනීමට සඳහා පැමිණි බවත් පසුව පැමිණ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසීමට අපේක්ෂා කරන බවත් ඩේව් කෝට් මහතා ප්‍රකාශ කර තිබේ. ඉන්පසුව ඩේව් කෝට් මහතා ගාල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර එදින රාත්‍රි ගාල්ලේ හෝටලයක නතර වී ඊට පසු දින තම පෞද්ගලික ජෙට් යානයෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ වෙළෙඳ ව්‍යාපාරික හමුවේ සම සභාපතිත්වය දරන්නේද හනිවෙල් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි ඩේව් කෝට් මහතාය. මීට අමතරව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මහ බැංකුවේ ප්‍රබල සාමාජිකයෙක් වශයෙන්ද ඩේව් කෝට් මහතා ක්‍රියා කරයි.
http://www.mawbima.lk/31-86409-news-detail.html