- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
චීනය සිය මූල්‍ය ඒකකය අවප්‍රමාණය කරයි
12 අගෝස්තු 2015
යවන්න
පසුගිය අඟහරුවාදා 1.9% කින් අවප්‍රමාණය කෙරුණු චීනයේ මුදල් ඒකකය වන යුවානය නැවතත් චීන මහ බැංකුව විසින් අවප්‍රමාණය කොට තිබේ.
චීනය විසින් යුවානයේ අගය පහත දැමීමත් සමග ආසියානු වෙළඳපළ තුල තැතිගැන්මක් ඇති කළද චීන මහ බැංකුව කියා සිටියේ මෙය නිරන්තර අගය පහළ බැසීමේ ආරම්භයක් නොවන බවයි.
දශක දෙකක කාලයක් තුල දින දෙකකදී විශාලම පහල බැසීම පෙන්නුම් කරමින් යුවාන් මුදල් ඒකකයේ අගය 1%කින් පහත වැටුණි.
යුවාන නව විනිමය අනුපාතය සකසා ඇත්තේ චීනයේ අපනයන දිරිමත් කිරීමටයි.
පසුගිය සති අන්තයේ සටහන් වූ දත්ත වලට අනුව චීන අපනයන 8%කින් පහත වැටී ඇති ආකාරය දැක්වෙයි.
ලෝකයේ දෙවන ස්ථානයට විශාලම ආර්ථිකය හිමි චීනයේ අපනයන පහත වැටීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.
3% කින් පමණ අවප්‍රමාණය කර ඇති යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර වෙළඳපොළ තුල යම් තැති ගැන්මක් ඇති කළත් බොහෝ දේශීය ව්‍යාපාරිකයින්ට එමගින් දැඩි බලපෑමක් සිදු නොකරයි.
නමුත් ඉදිරියෙදී නැවතත් යුවාන මුදලේ අගය පහත වැටුනොත් එමගින් දැඩි ලෙස පාඩු ලබන පාර්ශව සහ අධික ලාභ ලැබීමට හැකි වන පාර්ශව අනුමාන කර තිබේ.
ලාභ ලබන්නෝ
• චීන අපනයන කරුවන්- විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය සහ රථවාහන අංශයේ ව්‍යාපාර හිමියන්
• ජාත්‍යන්තර වෙළඳුන් චීන නිෂ්පාදන අඩු මිලට ලබා ගනු ඇති අතර චීන සේවා සහ අමුද්‍රව්‍ය භාවිතා කරන ව්‍යාපාරික ආයතන වලට දැරීමට සිදු වන වියදම අඩු වේ.
• චීනයට පැමිණෙන සංචාරකයින්ට රට තුල යුවාන් මුදල් ඒකකය භාවිතා කිරීම වැඩි ලාභ දායක වනු ඇති.
පාඩු ලබන්නෝ
• චීන සමාගම් වලට ජාත්‍යන්තර ණය පියවීමේදී වැඩි පොලියක් ගෙවීමට සිදුවන අතර යම් දේපල වෙළඳාම් කරන සමාගම් වලට සහ චීන රාජ්‍ය විසින් මිලදී ගන්නා රථවාහන වලට වැඩි වියදමක් වය වීමට ඉඩ ඇත.
• චීන ගුවන් සමාගම් ජාත්‍යන්තර ණය පියවීමේ අර්බුදයට මුහුණ දෙනු ඇති අතර විශාල ඉන්දන බිල් පත් ඩොලර් වලින් නැවත ගෙවීමේදී විශාල වියදමක් දැරීමට සිදු වේ.
• චීනයට සුඛෝපභෝගී භාණ්ඩ අපනයනය කරන ජාත්‍යන්තර සමාගම් වලට සිය මිල ගණන් වලට චීන වෙළඳ පලේ ඉල්ලුමක් නැති වීමට ඉඩ ඇත්තේ චීන මුදල පහල බැසීමෙන් එම භාණ්ඩ අධික මිලකට යනු ඇති අතර පාරිභෝගිකයන් ඒවා ප්‍රතික්ෂේප කිරීමයි.
http://www.bbc.com/sinhala/world/2015/08/150812_pp_china_economy
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27