- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වත්මන් රජය යටතේ 19.71% කින් රුපියල අවප්‍රමාණය වෙලා
April, 25, 2018
වත්මන් රජය බලයට පත් වූ 2015 ජනවාරි 09 දින සිට මේ දක්වා කාලය තුළ දී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 19.74% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මේ බව අනාවරණය වේ.
2017 ජනවාරි 08 දින එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම රු. 131.25 ක් වූ අතර අද (25) දිනයේ දී එහි අගය වාර්තා වූයේ රු. 157.13 ක් වශයෙනි. මේ අනුව ඩොලරයට එරෙහිව රුපියල 19.74% කින් අගය අඩු වී තිබේ.
මේ අතර වත්මන් රජයේ මේ දක්වා පාලන කාලසීමාව තුළ දී මහ බැංකු අධිපතිවරුන් දෙදෙනෙකු යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක විය. එහිදී 2015 ජනවාරි 26 දින සිට 2016 ජූනි 30 දින දක්වා මාස 17 ක කාලයක් මහ බැංකු අධිපති ධූරය දැරූ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක වටිනාකම රු. 132.00 සිට රු. 145.25 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ඩොලරයට එරෙහිව රුපියල 9.84% කින් අවප්‍රමාණය වීමකි.
වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම ධූරය සඳහා පත්වූයේ 2016 ජූලි 02 දිනය. එදින සිට මේ දක්වා මාස 22 ක කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් වටිනාකම රු. 145.25 සිට රු. 157.13 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය රුපියල 8.17% කින් අවප්‍රමාණය වීමකි.