- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලෝක බැංකුවෙන් යහ පාලන ආණ්ඩුවට ඔවදන් රැසක්
Friday, 17 April 2015 00:09
(www.randora.lk-17/04/15 )-නව රජයේ ආයෝජන යළි විමර්ශනය කිරිමේ තීරණයන් හමුවේ මේ වසරේ ආර්ථීක වර්ධනය සියයට 6.9 ක් දක්වා අපේක්ෂිත ප්‍රමානයට වඩා පහළ යනු ඇතැයි ලෝක බැංකු දකුණු ආසියානු ආර්ථීක විමර්ශණ වාර්තාවක් අවධාරණය කරයි.
නමුත් යහ පාලන රජය රාජ්‍ය අංශයේ පඩ් නඩ් වැඩි කරමින් ගත් පාරිභෝජනවාදි ක්‍රියා මාර්ග හමුවේ මෙම සෘණ බාහිරතා යම් තරමකින් අඩු කළ හැකි වෙතැයිද ඔවුහු අවධාරණය කරති.
එසේම,ලෝක ඛනිජ තෙල් මිල ගණන් වල ඉදිරි ඉහළ යාමේ ප්‍රවනතාවයන් රටේ බාහිර සමතුලිත බවට අහිතකරව බලපානු ඇති බවද මෙම වාර්තාව කියයි.
ගෝලිය මුල්‍ය තත්ත්වයන් හි පවතින දැඩ් කිරිම් නිසා ප්‍රාග්ධන ආයෝජන ගලා ඒමේ සහ ණය නැවත නැවත නිකුතු කිරිමේ පිරිවැය ඉහළ යාමට තුඩු දෙන කාරණාවක් වනු ඇති බවද මෙම වාර්තා කියයි.
යුරෝ කලාපයේ මේ දිනවල පවත්නා පසුබැස්ම අපනයන තරඟකාරිත්වයට අහිතකරව බලපානු ලබන ඇති බවද ඒ අනුව අපේ අපනයන වලින් සියයට 30 කට බලපාන මෙම කලාපයේ ඉල්ලුම් පහළ යාමි හමුවේ අපේ ආර්ථීකයට අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බවද සදහන්ය.
මෙරට උද්ධමනය ආසන්න අනාගතයේ සියයට 03 ක මට්ටමක රැදි පවතිනු ඇති බවද ගෝලිය භාණ්ඩ මිල පාලිත මට්ටමක පවතමින් ප්‍රධාන භාණ්ඩ වල බදු අඩු අගයක පවතිනු ඇති බවද වාර්තා කියයි.
එක් වරක් පමනක් අය කරනු ලබන ආදායම් ක්‍රමවේදයන් නිසා මේ වසරේ අය-වැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 05 ක මට්ටමක පවතිනු ඇති බවද වාර්තා කියයි.
කෙසේ වෙතත්,මෙම එක් වරකට පමනක් බලපාන බදු පදනමින් මිදි ආදායම් වැඩි කර ගැනිමට නම් 2015 ඔබිබට වෙනත් විකල්ප ස්ථාවර ආදායම් මාර්ග ගැන අවධානය යොමු කළ යුතු බවද වාර්තාවේ අවධාරණය කර ඇත.
දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය මත රදා පවතින ණය හා දළ ජාතික නිෂ්පාදිතය අතර වන අනුපාතය අදාල වර්ධන අනුපාත අඩු විම් හමුවේ පුළුල් විමට වැඩි ඉඩ කඩක් ඇති බවද මෙම වාර්තාව කියයි.
මෙරට ජංගම ගිණුමේ හිඟය මේ වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.8 දක්වා පටු අගයක් ගනු ඇති බවද කියයි.
විදේශ විනිමය පිටත ගලා යාම් නිසා 2015 වසරේ මුල් මාස 03 බිද වැටුණු විනිමය අනුපාත වර්ධනය වන සංචිත හමුවේ යළි සුපුරුදු තත්ත්වයට පත් වෙනු ඇති බවද සදහන්ය.
යෝජිත ස්වෛරිත්ව බැදුම්කර නිකුතුව ද එයට යහපත් අයුරකින් දායක විය හැකි බවද වාර්තාව කියයි.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ලෝක බැංකුවෙන් යහ පාලන ආණ්ඩුවට ඔවදන් රැසක්
Sincerely hope these politicians will not ruin the country for their narrow minded objectives.
As a general public we have still to play a major role to determine the destiny of the country.