The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
Today at 6:26 pm by serene

» අනං මනං! #/+?.<>
Today at 2:54 pm by Yin-Yang

» නාගරික සංවර්ධනයේ ඉඩමක් රු. බිලියනයකට ඇක්සස් ට බදු දෙයි
Today at 1:07 pm by Rana

» රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
Today at 12:54 pm by nihal123

» Dhamma Deshana
Yesterday at 8:05 am by ruwan326

» Amazon Founder Jeff Bezos Influenced By Smarter Sri Lankan
Fri Sep 21, 2018 5:20 pm by Ethical Trader

» ඩොලරයේ විකුණුම් මිල රු. 167 ඉක්මවයි
Fri Sep 21, 2018 9:43 am by Ethical Trader

» ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
Tue Sep 18, 2018 2:42 pm by yellow knife

» BLI.N0000 ( Bimputh Finance PLC )
Tue Sep 18, 2018 10:47 am by yellow knife

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
Sun Sep 16, 2018 6:13 pm by Senarath67

» CAL Securities Facilitates First Cross-Border Share Transaction by a Sri Lankan Stockbroker
Sat Sep 15, 2018 11:04 pm by serene

» මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
Fri Sep 14, 2018 12:48 pm by Ethical Trader

» ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී
Fri Sep 14, 2018 7:49 am by serene

» නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල
Thu Sep 13, 2018 6:44 pm by Ethical Trader

» ණය අපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි
Wed Sep 12, 2018 6:14 pm by Ethical Trader

» Banking Sector Outlook-
Wed Sep 12, 2018 8:17 am by serene

» Sri Lankan central bank rejects currency crisis report
Tue Sep 11, 2018 7:31 am by serene

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
Sat Sep 08, 2018 1:53 am by stockback

» අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
Wed Sep 05, 2018 6:26 pm by Ethical Trader

» ශ්‍රී ලංකා රුපියල
Wed Sep 05, 2018 6:24 pm by Ethical Trader

» සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්
Wed Sep 05, 2018 6:22 pm by Ethical Trader

» ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Wed Sep 05, 2018 2:26 pm by nihal123

» Sri Lanka car registration up in July, tax not yet hit
Mon Sep 03, 2018 5:14 pm by Ethical Trader

» 2018 මාස 08 කදී කොළඹ කොටස් 4.54% කින් පසුබසී
Mon Sep 03, 2018 5:11 pm by Ethical Trader

» Sri Lanka rupee ends steady, stocks flat
Mon Sep 03, 2018 7:26 am by The Invisible

» Sri Lanka's August inflation in Colombo hits 5.9-pct
Mon Sep 03, 2018 7:24 am by The Invisible

» ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018
Mon Sep 03, 2018 7:22 am by The Invisible

» Pictures & Stories ........
Sat Sep 01, 2018 6:57 pm by malanp

» සිංහ රෝහලට අසාධ්‍යයි
Fri Aug 31, 2018 7:56 pm by nihal123

» මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
Tue Aug 28, 2018 8:01 pm by spw19721

» Billionaire Ashok Pathirage controlled Asiri Health to launch an MBBS degree Program
Tue Aug 28, 2018 5:26 pm by Ethical Trader

» දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි
Mon Aug 27, 2018 11:47 am by Ethical Trader

» මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්
Fri Aug 24, 2018 6:06 pm by Ethical Trader

» Sri Lanka rupee opens at new low, stocks gain 0.15-pct
Fri Aug 24, 2018 5:55 pm by Ethical Trader

» Sri Lanka's John Keells fine-tunes hotel strategy
Fri Aug 24, 2018 5:53 pm by Ethical Trader

» Sri Lanka's The Finance struggle to recover Ceylinco assets
Fri Aug 24, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka increases planting subsidies for rubber
Thu Aug 23, 2018 10:34 am by The Invisible

» Sri Lanka eyes Euro, Yen and Renminbi bonds to cut costs
Thu Aug 23, 2018 10:33 am by The Invisible

» Sri Lanka to start first boat service in Colombo canals with navy
Thu Aug 23, 2018 10:32 am by The Invisible

» ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට
Thu Aug 23, 2018 8:41 am by Ethical Trader

» යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්
Thu Aug 23, 2018 8:39 am by Ethical Trader

» හැරී ගේ මීළඟ ඉලක්කය
Wed Aug 22, 2018 5:23 pm by Ethical Trader

» Sri Lanka pension fund to value hotel stake eyed by HPL Hotels
Wed Aug 22, 2018 11:29 am by The Invisible

» Sri Lanka's Hemas Holdings profitability seen improving: Fitch
Wed Aug 22, 2018 11:27 am by The Invisible

» Sri Lanka's LMF to invest Rs2bn in new dairy farm
Wed Aug 22, 2018 11:26 am by The Invisible

» Sri Lanka’s national inflation accelerates to 3.4-pct in July
Wed Aug 22, 2018 11:23 am by The Invisible

» Sri Lanka rupee ends at new low, stocks flat
Wed Aug 22, 2018 11:22 am by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Tue Aug 21, 2018 11:00 pm by Expert

» මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
Tue Aug 21, 2018 9:26 pm by Rana

» මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි
Tue Aug 21, 2018 6:07 pm by Ethical Trader

September 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Go down

මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by nihal123 on Mon Aug 20, 2018 12:16 pm

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC වෙත රුපියල් බිලියන 10 ක ණය මුදලක් මුදා හැරීම මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

මහජන බැංකුව විසින් තනි පාර්ශවයක් වෙත මෙතක් මුදා හැර ඇති වැඩිම ණය මුදල ලෙසින් මෙය සැලකෙන අතර ඒ සඳහා ණය යොදවා ඇති ව්‍යාපෘතිය ඇගයීම හැර ඇප සුරැකුම් රඳවා ගැනීමක් වාර්තා නොවේ.

මෙහි ඇති වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ MTD Walkers PLC හි සමූහ විධායක නියෝජ්‍ය සභාපති හා විධායක අධ්‍යක්ෂවරයා වන ජෙහාන් අමරතුංග, මහජන බැංකුවේ ද අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කිරීමයි.

මෙහිදී බැංකු අධ්‍යක්ෂවරයෙකු බැඳියාවක් දක්වනු ලබන ආයතනයකට හෝ ව්‍යාපාරයකට ලබා දෙනු ලබන ණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහළින් දැක්වේ.

තත්ත්වය මෙසේ තිබිය දී MTD Walkers PLC වෙත මහජන බැංකුව විසින් ලබා දී ඇති මෙම ණය මුදල පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු විසින් කර තිබේ. මහ බැංකුවේ කරුණු දැක්වීමට පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

MTD Walkers PLC 2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 830 ක අලාභයක් වාර්තා කර තිබෙන, මේ හේතුවෙන් මූල්‍ය වාර්තාවලට අනුව එම කාර්තුවේ දී රජයට බදු ගෙවීමක් ද සිදු කර නැත. එමෙන්ම 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී සමාගම වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 2.87 කි.



බැංකු අධ්‍යක්ෂවරයෙකු බැඳියාවක් දක්වනු ලබන ආයතනයකට හෝ ව්‍යාපාරයකට ලබා දෙනු ලබන ණය සම්බන්ධයෙන් කරනු ලබන පැහැදිලි කිරීමයි
බලපත්‍රලාභී බැංකුවක (මින් මතු, බැංකුව) අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සඳහා ලබා දෙනු ලබන ණය පිළිබඳ ව මෑතක දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් ඒ හා අදාළ වන නියාමන සහ අධීක්ෂණ රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

සාමාන්‍යයෙන් බැංකු විසින් පුද්ගලයින්, ආයතන, රජය, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත ආයතන, පුද්ගල සමිති සමාගම් හා අනෙකුත් ආයතන යනාදී විවිධ ණය ලබාගන්නන් හට ණය පහසුකම් ලබා දෙනු ලබයි. මෙම ණය පහසුකම් අදාළ බැංකුවේ ණය දීමේ ප්‍රතිපත්ති, ණය තක්සේරු කිරීමේ සහ ණය ලබා දීමේ ක්‍රියා පටිපාටි මත තීරණය වේ. බැංකුවේ ණය අවදානම් කළමනාකරණය කිරීම අදාළ බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට (Integrated Risk Management Framework) අනුව සිදු කළ යුතු අතර බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ ණය අවදානම් කළමනාකරණ උපාය මාර්ග, ණය අවදානම් ප්‍රතිපත්ති සම්පාදනය සහ කාලීන ව සමාලෝචනය කිරීම සිදු කළ යුතු වේ. මෙකී ණය පහසුකමක් ආපසු ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක දී බැංකුව විසින් අදාළ ණය පහසුකම අක්‍රීය ණය පහසුකමක් ලෙස වර්ගීකරණය කළ යුතු අතර ඒ සම්බන්ධ ව බලපැවැත්වෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විධානයන්ට අනුව මෙම අක්‍රිය ණය සඳහා ප්‍රමාණවත් වෙන් කිරීම් සිදු කිරීමට සහ මේ සම්බන්ධ ව වන ආදායම් හඳුනා ගැනීම් තාවකාලික ව නැවැත්වීමට ද කටයුතු කළ යුතු ය. තව ද බැංකු පනත් විධානයන්හි සඳහන් උපරිම සීමාවන්ගෙන් ඔබ්බට කිසිදු පුද්ගලයෙකුට, ආයතනයකට හෝ ආයතන සමූහයකට ණය ලබා දිය නො හැකි ය.

බැංකු පනත සහ බලපැවැත්වෙන අනෙකුත් විධානයන්ට අනුව බැංකුවලට තම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට, එම අධ්‍යක්ෂවරයාගේ සමීප ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වන ව්‍යාපාරයකට ණය ලබා දීම වළක්වා නොමැත. නමුත් මේ ආකාරයෙන් ණය ලබා දීමේ දී බැංකුවට හා බැංකුවට අදාළ අනෙකුත් පාර්ශ්වයන්ට අහිතකර වන ආකාරයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් මඟහැරවීම සඳහා මෙ වැනි ණය දීමක දී බැංකු හට අමතර විචක්ෂණශීලී අවශ්‍යතාවලට යටත් ව කටයුතු කිරීමට සිදු වේ.

මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නා වූ අමතර විචක්ෂණශීලී අවශ්‍යතාවන් පහත පරිදි වේ ∶

(i)බැංකුවක් විසින් එම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට, අධ්‍යක්ෂවරයෙකුගේ සමීපතම ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකු සැලකිය යුතු බැඳියාවක් දක්වන, එ නම්, 10%කට වඩා කොටස් අයිතිය දරන, ව්‍යාපාරයකට ණය පහසුකමක් ලබා දීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී අදාළ අධ්‍යක්ෂවරයා හැර මුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ 2/3කට නො අඩු පිරිසකගේ අනුමැතිය ලබා ගත යුතු ය. මේ අනුව ලබා දෙන ණය පහසුකම් සම්බන්ධිත පාර්ශ්ව හා කෙරෙන ගනුදෙනු ලෙස හඳුනා ගැනේ.

(ii)ඉහත (i) හි සඳහන් ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ ඇපයක්/සුරැකුමක් මගින් සුරක්ෂිත කළ යුතු ය.

(iii)බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ දී එ සේ තෝරා පත් කර ගනු ලබන යම් පුද්ගලයෙකුට, ඔහුගේ සමීපතම ඥාතියෙකුට හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයකට බැංකුව විසින් ණය පහසුකමක් ලබා දී ඇති නම්, බැංකු පනත ප්‍රකාර ව අදාළ අධ්‍යක්ෂවරයා පත් කිරීමෙන් වසරකට නො අඩු කාලයක් තුළ දී මුදල් මණ්ඩලය මගින් අනුමත කර ඇති ඇපයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

(iv)බැංකුවක අධ්‍යක්ෂවරයෙකු බැංකුව විසින් ලබා දෙන ණය පහසුකමක් සම්බන්ධ ව කවර ආකාරයක හෝ සෘජු හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වන විටෙක, අදාළ අධ්‍යක්ෂවරයා විසින් එම බැඳියාවේ ස්වභාවය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හැකිතාක් ඉක්මනින් දන්වා සිටිය යුතු ය.

(v)බැංකු අධ්‍යක්ෂවරයෙකු ඔහුට හෝ ඔහුගේ සමීපතම ඥාතියෙකුට හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ ව අධ්‍යක්ෂ මණ්ඩලයේ කරනු ලබන කිසිදු සාකච්ඡාවක් හෝ විචාරණයක් සඳහා සහභාගී නො විය යුතු අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර එකී ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ සාකච්ඡාවට හෝ විචාරණයට ගනු ලබන අවස්ථාවන්හි දී එම අධ්‍යක්ෂවරයා අදාළ රැස්වීමෙන් ඉවත් ව යා යුතු ය.

(vi)බැංකුවක අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුගේ සමීපතම ඥාතියෙකු හට බැංකුව විසින් ණය පහසුකමක් ලබා දී ඇති විට ඒ බව, අදාළ මූල්‍ය වර්ෂයට අදාළ ගිණුම් වාර්තාවල අනාවරණ කළ යුතු අතර ඉන් මතුවට එම මුළු ණය මුදල ම ගෙවී යන තුරු හෝ පියවා දමන තෙක් සෑම මූල්‍ය වර්ෂයක ම වාර්ෂික ගිණුම් වාර්තාවන්හි අනාවරණය කළ යුතු ය.

(vii)මුදල් මණ්ඩලයේ පූර්ව අවසරයකින් තොර ව බැංකුවක අධ්‍යක්ෂවරයෙකු හෝ ඔහුගේ සමීපතම ඥාතියෙකු හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් හට ලබා දී ඇති කිසිදු ණය පහසුකමක් කපා නො හැරිය යුතු ය.

(viii)ආයතනික යහපාලනය පිළිබඳ බැංකු පනත් විධානයට අනුව බැංකුව විසින් බැංකුව හා “සම්බන්ධිත පාර්ශ්ව” සමඟ ගනුදෙනු කිරීමේ දී අදාළ පාර්ශ්වයන් හට ඊට සමාන ගනුදෙනු සිදු කරනු ලබන අනෙකුත් ගනුදෙනුකරුවන්ට වඩා වැඩි “වාසිදායක සැලකිල්ලක්” සිදු නො වන ආකාරයෙන් සිදු කිරීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතු ය.

ඉහත සඳහන් කළ කරුණුවලට අමතර ව, සියලු ම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් ඒ ඒ බැංකුවේ ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක අවදානම් කළමනාකරණ විධික්‍රම යොදා ගැනීමට කටයුතු කළ යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය සුපරීක්ෂණ භූමිකාව තුළ මූල්‍ය පද්ධතියේ තිරසාරත්වය, ආයතනික යහපාලනය, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන විධි සම්බන්ධ ව අවධානය යොමු කරන අතර මෙහි දී ඉහත සඳහන් කළ අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ට සෘජු හෝ වක්‍ර ලෙස බැඳියාවක් ඇති ව්‍යාපාරයන්ට ණය ලබාදීම් ද ඇතුළත් වේ. මෙකී කාරණා සම්බන්ධ ව බැංකු විසින් අනුකූල නො වන අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උචිත නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන අතර අදාළ බැංකු එකී අවශ්‍යතා හා අනුගත වන තෙක් ඒ පිළිබඳ පසුවිපරම් කිරීමටත් අවශ්‍ය අවස්ථාවන්හි දී නියාමන සීමා පැනවීමටත් කටයුතු කෙරේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තහවුරු කිරීම සහ තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් බැංකු පනත සහ අනෙකුත් අදාළ විධිවිධානයන්ට අනුකූල ව, බැංකු සිය ව්‍යාපාර කටයුතු මූල්‍ය ස්ථායිභාවයකින් හා ශක්තිමත් ව පවත්වා ගෙන යෑම තහවුරු කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා ඇත.

- ශ්‍රී ලංකා මහ බැංකුව


මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම සහ වෝක(ර්)ස් සමාගම් සමූහය වෙත මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම
එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම 2002 වසරේ සිටම මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙකි. එම වසරේ සිට මේ දක්වා එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම කළින් කළ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලබා ගෙන ඇති අතර එසේ ලබා ගෙන ඇති ණය නිසි පරිදි ආපසු ගෙවීම් කර පියවා ඇත.

මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට ණය ලබා දී ඇත්තේ එම සමාගම විසින් මහජන බැංකුවෙන් ලබා ගත් ණය යොදවා ඇති ව්‍යාපෘති පිළිබඳ නිසි ඇගයීමකින් අනතුරුව ය. ණය ලබා දීමේ ප්‍රමාණය සඳහා පදනම් වී ඇත්තේ එම සමාගමේ ව්‍යාපාර පරිමාව සහ එම සමාගම සතු ණය ආපසු ගෙවීමේ හැකියාව ආදිය සළකා බැලීමෙනි.

බැංකුවක් විසින් ස්වාභාවික පුද්ගලයෙකු වෙත හෝ නෛතික පුද්ගලයෙකු, එනම් සමාගමක්, වෙත හෝ ණය ලබා දීම සිදු කරනු ලබයි. මෙලෙස සමාගමකට ණය ලබා ගැනීම සඳහා එයට නෛතිකභාවයක් ලබා දීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රටක් තුළ ව්‍යාපාර ප්‍රවර්ධනයන් ඇති කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමයි. සමාගමක් වෙනම නෛතික පුද්ගලයෙකු වන නිසා එම සමාගම හා එහි අධ්‍යක්ෂකවරු නීතිය ඉදිරියේ වෙන වෙනම පුද්ගලයින් සේ සැළකේ. එනම් එහි අධ්‍යක්ෂකවරු ඉන් පරිබාහිර වූවකි.

තවද, මහජන බැංකුව විසින් රුපියල් බිලියන දහයක ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට පමණක් නොව වෝක(ර්)ස් සමාගම් සමුහයට (group of companies) ය. එහෙයින්, බැංකුව විසින් අදාළ ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයට මිස ජෙහාන් අමරතුංග මහතාට නොවේ. ඔහු එහි සමාගම් අධ්‍යක්ෂවරයෙකු පමණි. ඒ අනුව මෙහිදී, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනම නෛතික පුද්ගලයකු ලෙස සැලකෙන අතර එම සමාගම් සමුහය ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය.

එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනත් නෛතික පුද්ගලයෙකු ලෙස සැළකෙන බැවින් එම සමාගම ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය. එහෙයින්, මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත කිසියම් ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී, එම සමාගමේ කිසිදු අධ්‍යක්ෂකවරයෙකුගේ ණය ගෙවීමේ හැකියාව සොයා බැලීම බැංකුවට අදාළ කරුණක් නොවේ.

මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුවට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් එක් වන්නේ 2010 වසරේ දී ය. එකල මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ ඩබ්ලිව්. කරුණාජීව මහතා ය.

ජෙහාන් අමරතුංග මහතා එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත් වන්නේ 2012 වසරේදීය. නමුත්, ඉහත සදහන් කළ පරිදි මහජන බැංකුව සහ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම අතර ව්‍යාපාර සම්බන්ධතාවය ඊට පෙර, එනම් 2002 වසරේ සිට පැවත එන්නකි.

එබැවින් මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ණය ප්‍රදානය සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ස්වාධීනව ඇගයීමට ලක් කිරීමත්, එසේ ලබා දෙන ණය පහසුකම් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම විසින් නිසි පරිදි, පොලී මුදල් ද සමඟ යළි ආපසු ගෙවීම් කිරීමත් ආදී කරුණු සළකා බැලීමෙනි.

ඉහත සඳහන් කළ පරිදි මහජන බැංකුව විසින් යම් සමාගමක ව්‍යාපාර කටයුතු ස්වාධීනව ඇගයීමේ ප්‍රධාන කාර්යයක් වන්නේ ණය ලබා දීමේදී අදාළ වන සියලුම ණය ප්‍රමිතීන්, අනෙකුත් සියලූම ගනුදෙනුකරුවන් සේම, අදාළ සමාගම විසින් ද සපුරා ඇති බවට තහවුරු කර ගැනීමයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් සියලූම අවශ්‍යතා මහජන බැංකුව විසින් අනුගමනය කර ඇති බව තහවුරු කර සිටිමු. මීට අමතරව ජෙහාන් අමරතුංග මහතා විසින් මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ, අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ණය පහසුකම් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් සියලූම අවශ්‍යතා සපුරාලමින් බව ද තහවුරු කර සිටිමු.

සාමාන්‍යයෙන් සමාගම් සඳහා ඉදිරිපත් කෙරෙන ණය යෝජනා සඳහා අධ්‍යක්ෂ විධායක ණය කමිටුවේ අනුමැතිය ප්‍රමාණවත් වුවත් ඉහත දැක්වුණු ආකාරයේ විශේෂ අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසි වල එක වැදගත් රෙගුලාසියක් වන්නේ අදාළ ණය යෝජනා සඳහා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි.

ඒ අනුව, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙනුවෙන් ප්‍රදානය කර ඇති ණය මුදලට අදාළ ණය යෝජනාව සඳහා ද නිසි පරිදි අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. එසේම, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම් සමුහයට මෙම ණය ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයටම අදාළ සියලු ව්‍යාපෘති පිලිබඳ ස්වාධීන ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුවය. වෝක(ර්)ස් සමාගම් සමූහය විවිධ ව්‍යාපාර කටයුතු වල නිරත වන අතර එම සෑම ව්‍යාපාරයකම ශක්‍යතාවය ඇගයීමෙන් අනතුරුව පමණක් මහජන බැංකුව විසින් ණය ලබා දීම සිදු කර ඇත.

කෙසේ නමුත්, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම් සමූහය වෙනුවෙන් ප්‍රදානය කර ඇති ණය මුදල අනුමත කිරීම සම්බන්ධයෙන් ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුව වෙත කිසි ලෙසකින්වත් බලපෑමක් නොකළ බව අවධාරණය කර සිටිමු. මෙවන් වාතාවරණයක් තුළ ඉහත ණය මුදල අනුමත කිරීම මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අදාල නිර්දේශ වලට අනුකූලව ස්වාධීනව සිදු කෙරුණු එකක් බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

බැංකු අධ්‍යක්ෂකවරයෙකුට හෝ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන වෙනත් සමාගමකට, අදාළ බැංකුවෙන් ණය ලබා ගැනීම තහනම් කෙරෙන රෙගුලාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට නොමැත. එහෙයින්, මහජන බැංකුවට පමණක් නොව වෙනත් ඕනෑම බැංකුවකට එම බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු වෙත ණය ප්‍රදානය කිරීමේ හැකියාවක් පවතී. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ රෙගුලාසි අනුගමනය කර තිබිය යුතු අතර බැංකු අධ්‍යක්ෂකවරයෙකුට හෝ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන සමාගමකට, එම බැංකුවෙන්ම ණය ලබා දීමේ දී එසේ අනුගමනය කළ යුතු නීතිරීති මහබැංකුව විසින්ම සම්පාදනය කර ඇත.

ඉහත කරුණු සැළකීමේදී මහජන බැංකුව විසින් ඉහත ණය මුදල එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ප්‍රදානය කිරීමේදී අදාළ ණය ලබා දීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර ඇති අතර ශ්‍රී ලංකා මහා බැංකු රෙගුලාසි මෙන්ම යහපාලන ප්‍රතිපත්ති ද අනුගමනය කර ඇති බව අවධාරණය කර සිටිමු.

එසේම, ඉහත සමාගම ලබා ගත් ණය පහසුකම් නැවත ගෙවීමේ ක්‍රියාපටිපාටිය සතුටුදායක ලෙස සිදු වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය.

හේමසිරි ප්‍රනාන්දු
මහජන බැංකුව
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4788
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by Ethical Trader on Mon Aug 20, 2018 5:44 pm

Thanks Nihal.

?Will they follow the same principle if any other unrelated company asks for such a big loan. I doubt.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4280
Join date : 2014-02-28

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by nihal123 on Mon Aug 20, 2018 8:51 pm


අනේ ET මහත්තයෝ වැඩිය ඕනැ නෑ, ලක්‍ෂ 1ක 2ක ණයක් ඉල්ලුවාම පොඩි මිනිහෙක්, ඉල්ලන දේවල් ඒ මිනිහට ණය එපා කරවලා තමා පස්ස බලන්නේ.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4788
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by Rana on Mon Aug 20, 2018 10:14 pm

මගේ යාලුවෙක් පහන් ටැබෙන් ලක්ෂයක් ඉල්ලලා මාස 8 තිස්සේ එක එක
දේවල් ඉල්ලලා පස්සේ දෙන්න බැහැ කියලා.

Rana
Top contributor
Top contributor

Posts : 1431
Join date : 2015-12-16

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by CK on Tue Aug 21, 2018 12:55 pm

Another massive project from Yahapalanaya after the popular central bank project. Very Happy
avatar
CK
Active Member
Active Member

Posts : 1206
Join date : 2015-11-01

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by කිත්සිරි ද සිල්වා on Tue Aug 21, 2018 1:17 pm

Most Bankers in Sri Lanka live beyond their real means.
How? Shocked
Unless we have an effective IRD (not with this kind of Puppet "Ivan Dissanayake" at the helm but someone of Elit Ness's calibre), nothing is going to change in this country.
MR, GR, RW, SP, RP, NK etc are all guilty of circumventing and avoiding paying taxes, so no one will care to have an independent IRD in Sri Lanka. Mad
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7355
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by Yin-Yang on Tue Aug 21, 2018 1:19 pm

Rana wrote:මගේ  යාලුවෙක්  පහන්  ටැබෙන් ලක්ෂයක්  ඉල්ලලා  මාස  8 තිස්සේ  එක  එක
දේවල් ඉල්ලලා  පස්සේ   දෙන්න  බැහැ කියලා.

හරිනේ බං.

තියෙන සල්ලි ඔක්කොම් අරූට දුන්නහම, උඹේ යාලුවට දෙන්න කොහෙද බං සල්ලි තියෙන්නේ?
avatar
Yin-Yang

Posts : 1063
Join date : 2016-03-12

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by Ethical Trader on Tue Aug 21, 2018 6:13 pm

They will send you a tax form when a public officer imports a car with a duty free license. That is their method of gathering income tax.
කිත්සිරි ද සිල්වා wrote:Most Bankers in Sri Lanka live beyond their real means.
How?  Shocked
Unless we have an effective IRD (not with this kind of Puppet "Ivan Dissanayake" at the helm but someone of Elit Ness's calibre), nothing is going to change in this country.
MR, GR, RW, SP, RP, NK etc are all guilty of circumventing and avoiding paying taxes, so no one will care to have an independent IRD in Sri Lanka. Mad
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4280
Join date : 2014-02-28

Back to top Go down

Re: මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

Post by Rana on Tue Aug 21, 2018 9:26 pm

යන යකා කොරහත් බිඳගෙනම යයි වගේ.

Rana
Top contributor
Top contributor

Posts : 1431
Join date : 2015-12-16

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum