The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
Today at 5:55 pm by Ethical Trader

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Today at 12:15 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Today at 6:37 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Yesterday at 9:50 pm by serene

» Thread for News on CSE and SL Economy
Yesterday at 8:26 pm by ruwan326

» MTD WALKERS - KAPI
Yesterday at 5:18 pm by PANTOMATH

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Yesterday at 11:51 am by yellow knife

» AMF.N0000
Yesterday at 11:23 am by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
Tue Jan 15, 2019 8:18 pm by PANTOMATH

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Jan 10, 2019 8:45 pm by PANTOMATH

» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ‍්‍රී ලංකන්ට දීලා
Mon Jan 07, 2019 6:18 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Sun Jan 06, 2019 1:12 pm by smallville

» Dividend Announcement
Sun Jan 06, 2019 4:28 am by serene

» Thread for News on International Markets
Fri Jan 04, 2019 9:40 am by The Invisible

» LDEV - Lankem Developments
Tue Jan 01, 2019 8:14 pm by ruwan326

» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
Tue Jan 01, 2019 6:23 pm by malanp

» සැන්ඩි එපා!
Tue Jan 01, 2019 6:01 pm by serene

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
Tue Jan 01, 2019 5:08 pm by PANTOMATH

» SHL.N0000 (Softlogic Holdings PLC)
Mon Dec 31, 2018 6:04 pm by EBHRAHIMCANADA

»  වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
Mon Dec 31, 2018 2:47 am by nihal123

» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
Sun Dec 30, 2018 9:37 pm by lanka

» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
Thu Dec 27, 2018 5:18 pm by Ethical Trader

» BFN - Orient Finance
Wed Dec 26, 2018 6:53 pm by serene

» Wishing Everyone a Happy Christmas !
Wed Dec 26, 2018 7:27 am by spw19721

» Happy Birthday
Tue Dec 25, 2018 11:13 am by sashimaal

» Trading Journal
Sat Dec 22, 2018 11:11 am by PANTOMATH

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Fri Dec 21, 2018 9:41 am by The Invisible

» In the Meantime, Within Our Shores !
Thu Dec 20, 2018 9:44 am by කිත්සිරි ද සිල්වා

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

January 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"

Go down

"විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"

Post by Ethical Trader on Mon Aug 21, 2017 10:43 am

BBC Sandeshaya 2017 අගෝස්තු 20

Image caption ජාතික විගණන කාර්යාලයේ ස්වාධීනත්වය සහතික කෙරෙන ස්වාධීන මුදල් වෙන් කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව

ජාතික විගණන පනත යටතේ පැවරීමට යෝජිත විගණකාධිපති බලතල සීමා කිරීම සඳහා කැබිනට් ඇමතිවරුන් සැලසුම් කරන බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් කනගාටු වෙන බව "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය පවසයි.

රාජ්‍ය දේපොළ වලට අලාභ සිදු කරන්නන්ට එම ක්‍රියා පිළිබඳ පෞද්ගලික වගකීම පැවරීම සඳහා ජාතික විගණන පනත යටතේ විගණකාධිපතිවරයාට පැවරෙන බලතල සීමා කෙරෙන සැලැස්මක් ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවත් එම ආයතනය පවසයි.

ජාත්‍යන්තර භාවිතය අනුව යහපත් ප්‍රතිඵල උදා කරන, විගණකාධිපතිවරයාට පැවරෙන එම බලතල පවත්වා ගන්නා ලෙස "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කරයි.

දූෂණ විරෝධී ආයතනය එම ඉල්ලීම කරන්නේ, විගණකාධිපතිවරයාට අසීමිත බලතල පැවරෙන බව පවසමින් ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළකිරීම කැබිනට් මණ්ඩලය විසින් යළිත් වතාවක් කල් දමනු ලැබූ බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

නීතිපතිවරයා විසින් අනුමත කරනු ලැබ ඇති ජාතික විගණන පනතට අතිශයින් වැදගත් කරුණු තුනක් අන්තර්ගත වෙන බව "ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා" ආයතනය පෙන්වා දෙයි.

Image caption 2015 මාර්තු 19 වෙනි දින වනවිට ජාතික විගණන පනත සම්මත කරන බවට යහපාලන ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන මගින් ප්‍රතිඥා දී තිබිණ

ඉන් පළමුවැන්න, වංචා සිදු කිරීම, චේතනාන්විත නොතකා හැරීම සහ අයුතු ලෙස අත්පත් කර ගනු ලැබීම නැත්නම් දූෂණ සිදු කරනු ලැබීම මගින් රාජ්‍ය දේපොළට මූල්‍යමය පාඩු සිදු කරනු ලබන පුද්ගලයන්ට එම ක්‍රියාවන් සම්බන්ධයෙන් පෞද්ගලික වගකීම පැවරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීමයි.

දෙවැන්න, රාජ්‍ය දේපොළවලට අයත් යයි විගණකාධිපතිවරයා විශ්වාස කරන මුදල් වංචා සහගතව, අක්‍රමික සහ නීති විරෝධී ආකාරයට තැන්පත් කරනු ලැබ ඇති බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ බලතල එම පදවියට පැවරීමයි.

තෙවනුව, ජාතික විගණන කාර්යාලයේ ස්වාධීනත්වය සහතික කෙරෙන ස්වාධීන මුදල් වෙන් කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කිරීමයි.
ආණ්ඩුවේ ප්‍රතිඥා

2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එම වසරේ අප්‍රියෙල් මාසයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ නව විගණන පනත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අවස්ථා ගණනකදීම කල් ගිය අතර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතාව අතට පත් කරන ලද දින සීයේ වැඩ සටහනට ද ඇතුළත් ප්‍රතිඥාවක් ද වෙයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ යෝජිත නව විගණන පනත ශ්‍රී ලංකාවට සහ රටේ රාජ්‍ය සේවයට ආශීර්වාදයක් වනු ඇතැයි සඳහන් කළේය.

නව විගණන පනත සම්මත කර ගැනීම අතින් අනවශ්‍ය කාල ප්‍රමාදයක් සිදු වෙමින් ඇති බව පෙන්වා දුන් විගණකාධිපති ගාමිණී විජේසිංහ, එය ප්‍රමාදයකින් තොරව නීතිගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් බීබීසියට කියා සිටියේය.

Image copyright SUNDAYOBSERVER.LK
Image caption විගණකාධිපති ගාමිණී විජේසිංහ

විගණන පනත මෙතරම් ප්‍රමාද වීමට හේතුව ඊට එරෙහිව එල්ල කෙරෙන ඇතැම් බලපෑම් බව තමාට දැන ගන්නට ලැබී ඇති බවත් විගණකාධිපතිවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

"ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදු කරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල. විගණන පනතත් ඒ වගෙයි. අවුරුද්දක දී එහි අගය තේරේවි," විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදහස් පහළොව වසරේ ජනතාව හමුවේ තැබූ දින සියය වැඩසටහන මගින් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවට පොරොන්දු වූ නමුත් මේ දක්වා එය ඉටු වී නැති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

2016 නොවැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා "විගණන පනත අගමැති උපදේශක චරිත රත්වත්තේ අතට පත්වීමෙන් පසු එය අතුරුදහන් වී ඇති" බව කියා සිටියේය.

මුදල් විගණනයට රජය බියක් දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ද පවසයි.

"2003 පටන් මේ පනත සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙනවා. තමුන්නාන්සේලා (ආණ්ඩුව) රාජ්‍ය මුදල් විගණනයට බයයි," විගණන පනත පිළිබඳ අදහස් දක්වන මන්ත්‍රීවරයා දෝෂාරෝපණය කරයි.

ආණ්ඩුවට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැනගැනීම පිණිස රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4781
Join date : 2014-02-28

Back to top Go down

Re: "විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"

Post by Ethical Trader on Mon Aug 21, 2017 10:52 am

ඇමති මණ්ඩලය මහජන මුදල් හොරකම් කරලා නැත්නම්, ඉදිරියටත් හොරකම් කරන්නත් අදහසක් නැත්නම් බය වෙන්නේ ඇයි? බය වෙන්නේ හොර හිත හැමෝගෙම ජයට තියෙන නිසාද?
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4781
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum