The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» රැන්සම්වෙයාර් වෛරසය නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අවදානමේ
Yesterday at 10:23 pm by nihal123

» පිටිදූවේ සිරිධම්ම හිමි ඇත්ත කතා කරයි.
Yesterday at 2:15 pm by Ethical Trader

» Dividend Announcement
Yesterday at 11:45 am by Ethical Trader

» East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී
Yesterday at 7:04 am by malanp

» How to identify a stock market bottom
Tue Oct 17, 2017 5:15 pm by Ethical Trader

» ලොව බලවත්ම ගැහැනිය වූ සායම් බාස්‌ගේ දුව
Tue Oct 17, 2017 4:03 pm by Ethical Trader

» CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී
Mon Oct 16, 2017 6:49 pm by nihal123

» ධම්මික පෙරමුණට එයි
Mon Oct 16, 2017 3:23 pm by Ethical Trader

» Govt. mulls removing barriers to allow Lankan firms hire foreign labour
Sun Oct 15, 2017 10:30 am by කිත්සිරි ද සිල්වා

» එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි
Sat Oct 14, 2017 5:50 pm by nihal123

» Laughter the Best Medicine
Sat Oct 14, 2017 4:43 pm by Ethical Trader

» Panama Papers: Huge leak reveals elite's tax havens/ධනවතුන්, බලවතුන් ධනය හැංගූ හැටි හෙළිවෙයි .ලංකාවත් පැනමා පේපර්ස් ලැයිස්තුවේ
Fri Oct 13, 2017 4:49 pm by yellow knife

» කොටස් මිල ඉහළ යාම ගැන CSE විමසයි. HVA කරුණු පහදයි
Fri Oct 13, 2017 11:30 am by Ethical Trader

» තායිවාන් ගිණුම් හැක්‌ කර කෝටි 35කට විදලා! - හිටපු හමුදා පුත්‍රයා රිමාන්ඩ්
Wed Oct 11, 2017 10:32 pm by nihal123

» LIOC.N0000 (Lanka IOC PLC)
Tue Oct 10, 2017 9:56 pm by First Guy

» The Myth of Average !
Mon Oct 09, 2017 1:13 pm by Expert

» SPEN.N0000
Mon Oct 09, 2017 12:36 pm by nihal123

» Plantation sector updates
Sat Oct 07, 2017 6:41 pm by Senarath67

» Plantation Sector - Yesterday, Today and Tomorrow
Sat Oct 07, 2017 12:19 pm by CK

» කොටස්-වෙළෙඳ-පොළට-සූදු-කෙළින්නන්-ඇවිත්?
Wed Oct 04, 2017 6:49 pm by CK

» GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි
Tue Oct 03, 2017 3:17 pm by Rana

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Tue Oct 03, 2017 1:41 pm by CK

» ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට
Mon Oct 02, 2017 3:37 pm by Ethical Trader

» කාගිල්ස්, මිලියන 4,200 කට ඩෝසන් කාර්යාල සංකීර්ණය විකුණයි
Mon Oct 02, 2017 11:19 am by nihal123

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Mon Oct 02, 2017 10:40 am by Ethical Trader

» In the Meantime, Within Our Shores !
Sat Sep 30, 2017 9:04 pm by කිත්සිරි ද සිල්වා

» සනත් අයියා ගහන ගැහිලි !
Fri Sep 29, 2017 6:55 pm by Ethical Trader

» 'මොනා ලීසා' නිරුවත් උඩු කයින්
Fri Sep 29, 2017 6:42 pm by Ethical Trader

» CB Governor offers key insights
Fri Sep 29, 2017 10:57 am by කිත්සිරි ද සිල්වා

» The Govt. Doesn’t wish to pay off debts at once’
Thu Sep 28, 2017 10:08 pm by Backstage

» රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි
Thu Sep 28, 2017 5:17 pm by Ethical Trader

» Sri Lanka Hambantota Port JV to be operational from November
Thu Sep 28, 2017 5:14 pm by Ethical Trader

» Obituary Notice.
Thu Sep 28, 2017 3:05 pm by කිත්සිරි ද සිල්වා

» නේෂන් ලංකා තැරැව්කරුට සියලු ගනුදෙනු තහනම්
Wed Sep 27, 2017 8:04 pm by nihal123

» තායිලන්තයේ හිටපු අගමැතිනියට සිර දඬුවම්
Wed Sep 27, 2017 6:02 pm by Ethical Trader

» විද්‍යා ඝාතනය: වරදකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම
Wed Sep 27, 2017 5:59 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Wed Sep 27, 2017 5:33 pm by කිත්සිරි ද සිල්වා

» Oil,gold, silver Prices
Wed Sep 27, 2017 2:08 pm by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Wed Sep 27, 2017 11:37 am by LSE

» Piece Price
Tue Sep 26, 2017 7:15 pm by pee ratio

» ලිට්රෝ ගෑස් මිල ඉහළට
Mon Sep 25, 2017 11:00 pm by nihal123

» යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට
Mon Sep 25, 2017 7:39 pm by nihal123

» Plastic-degrading fungus found in Pakistan rubbish dump
Sun Sep 24, 2017 8:54 pm by කිත්සිරි ද සිල්වා

» CSE HOLIDAY LIST 2018
Fri Sep 22, 2017 5:20 pm by Rana

» ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන්
Fri Sep 22, 2017 2:37 pm by Ethical Trader

» No one must die of cancer
Thu Sep 21, 2017 11:14 pm by කිත්සිරි ද සිල්වා

» ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්"
Thu Sep 21, 2017 6:05 pm by Ethical Trader

» ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
Thu Sep 21, 2017 6:01 pm by Ethical Trader

» ලංකා සිමෙන්ති කොටස් ගනුදෙනුවල අසාමාන්‍ය හැසිරීමක් – සභාපති කරුණු පහදයි
Wed Sep 20, 2017 8:06 pm by nihal123

» උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Wed Sep 20, 2017 12:33 pm by Ethical Trader

October 2017
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

නිමක්‌ නැතිමනුස්‌සකමින් රටක්‌ හැඬවූ විනිසුරු ඉලන්චෙලියන්...

View previous topic View next topic Go down

නිමක්‌ නැතිමනුස්‌සකමින් රටක්‌ හැඬවූ විනිසුරු ඉලන්චෙලියන්...

Post by nihal123 on Sun Jul 30, 2017 10:56 pm

දිනසේන රතුගමගේ

ඒ එක්‌දහස්‌ නවසිය අනූහය වර්ෂයයි. බී. බී. සී. යේ ලෝක ප්‍රසිද්ධ වාර්තාකාරිනියක වූ ෆ්‍රින්සිස්‌ හැරිසන් සමඟ එදා මන්නාරමේ සංචාරය කිරීමට මට සිදුවිණි. මහා යුද සමයේදී ජීවිතයත් මරණයත් අතර වූ අත්දැකීම් සමුදායක්‌ මැද ඒ සංචාරය හමාර කොට ආපසු පැමිණි දිනයේදී ඇය හදිසියේම මගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවාය.

"ඉලන්චෙලියන් නඩුකාරවරයා දැන් ඉන්නේ මෙහේ. අපි යන ගමන් ඔහුව මුණගැසී පොඩ්ඩක්‌ කතා කරමුද?"

මම නම් දන්නේ නෑ.... ඒත් යමු යනුවෙන් දුන් පිළිතුර අනුව උදේ 6.30 ට පමණ අපි දෙදෙනා ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නිල නිවස වෙත පිය නැඟුවෙමු.

ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියාට අපේ තොරතුරු දැනුම් දීමෙන් පසුව ඔහු ඒ විස්‌තර ලියාගෙන විනිසුරුවරයාගේ බංගලාව වෙත ගියේය. ගත වූයේ විනාඩි කීපයකි. පොලිස්‌ නිලධාරියා වහාම පැමිණ ගේට්‌ටුව විවෘත කළේය.

අපි දෙදෙනා විනිසුරුවරයාගේ බංගලාව වෙත යන විට ඔහු සිය දකුණු අත කලිසම් සාක්‌කුවේ රඳවා ගෙන කළු පැහැති කබායෙන් සැරසී අධිකරණය වෙත යැමට සූදානමින් සිටියේය.

ෆ්‍රි‍රන්සිස්‌ හැරිසන් දුටු විගස හලෝ.... ආෆ්ටර් වෙරි ලෝන් ටයිම්.... ආයූ හියර් යනුවෙන් කියමින් ඉලන්චෙලියන් විනිසුරුවරයා ඇයව පිළිගත්තේය. ඇය මාව හඳුන්වාදීමෙන් පසුව "ගුඩ් මෝනින් රතු" යනුවෙන් පවසත්ම මම මගේ දකුණු අත ඔහු වෙත දිගු කරමින් "ගුඩ් මොනින් සර්" කීවේය.

මේ දෙදෙනාගේ කතාබහට අනුව මට වැටහී ගියේ මේ දෙදෙනා ඉතා කුළුපග මිතුරන් බවට පත්ව තිබුණේ යාපනයේ චෙම්මනි පළාතේ පිහිටි සමූහ මිනීවල පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට ගිය අවස්‌ථාවලදීය. අප දෙදෙනා සමඟ කතා කරමින් සිටින අතරතුර සේවකයකු විසින් රැගෙන ආ කෝපි කෝප්ප දෙක අපට පිළිගන්වන ලද්දේ ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින්මය. අනතුරුව මඳක්‌ කතා කොට අපි ඉන් නික්‌මුණේ විනිසුරුවරයාට අධිකරණයට යැමට ඇති අවශ්‍යතාව අප තේරුම් ගත් නිසාවෙනි.

ඉන් වසර කීපයකට පසුව මේ ඉලන්චෙලියන් විනිසුරුවරයා වවුනියාව දිසා විනිසුරුවරයා වශයෙන් පත්ව වවුනියාවට පැමිණියේය. රාජකාරිය වූයේ එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් 17 දෙනකුගේ මළ සිරුරු වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ආ අවස්‌ථාවේදී ඒ පිළිබඳ පරීක්‌ෂණය සිදුකිරීමය. එය වාර්තා කිරීමට මමද එහි ගියෙමි. රාජකාරි කටයුතු අවසන් වීමෙන් පසුව මම ඉලන්චෙලියන් විනිසුරුවරයා සමඟ බොහෝ දේ කතා කරමින් සිට සමුගත්තේය.

දිනක්‌ වවුනියාව අධිකරණයේ විභාග වූ නඩුවක්‌ වාර්තා කිරීමට ගිය අවස්‌ථාවක මටත් මා සමඟ ගිය සහෝදර මාධ්‍යවේදීන් තුන් දෙනාටත් වාඩි වීමට අසුන් නොවීය. අපි හතර දෙනා හිටගෙන නඩුවේ තොරතුරු අපේ සටහන් පොත්වල සටහන් කරගනිමින් සිටියදී ඉලන්චෙලියන් විනිසුරුවරයා හදිසියේම අධිකරණ කටයුතු විනාඩි 10 කට කල් තබා ඔහු ඔහුගේ නිල කාමරය වෙත ගියේය. විනාඩි කීපයක්‌ ගත වීමට පෙර අධිකරණ කටයුතු භාර පොලිස්‌ සැරයන්වරයා පැමිණ අපි හතර දෙනාට පුටු හතරක්‌ හා මේසයක්‌ ලබා දී අපිව වාඩි කළේය.

පොලිස්‌ නිලධාරියා අපිට පැවසුවේ අපි හිටගෙන සිටීම ගැන දොස්‌ පැවරුවේ පොලිස්‌ නිලධාරියාට බවයි. අපි අසුන් ගැනීමෙන් පසු ආපසු පැමිණි විනිසුරුවරයා යළි එම නඩුව විභාගයට ගත් අතර, අපි එම නඩුව පිළිබඳ තොරතුරු වාර්තා කළෙමුය.

තවත් දිනක වවුනියාවේ බැංකුවක්‌ ඉදිරිපිට බෝම්බ පාර්සලයක්‌ තිබී එය නිෂ්ක්‍රීය කිරීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු බිම දිගේ බඩගාමින් වයරයක්‌ද රැගෙන බෝම්බය දෙසට යමින් සිටියේය. මම සිදුවන්නේ කුමක්‌ද? යන්න දැක ගැනීමට ලයිට්‌ කණුවකට මුවා වී කැමරාවද මානාගෙන බෝම්බය දෙස බලා සිටියේය.

එක්‌වරම පිටුපසින් පැමිණි පොලිස්‌ නිලධාරියකු මගේ පිටට තට්‌ටු කොට "අන්න අපේ සර් ඔයාට කතා කරනවා" යෑයි පැවසූ නිසා මම ආපසු හැරී බැලුවෙමි.

ඉලන්චෙලියන් විනිසුරුවරයා අධිකරණ කටයුතු හමාර වී දිවා ආහාරය ගැනීමට සිය නිල නිවස වෙත මෝටර් රථයෙන් යමින් සිටියදී එතැන සිදු වූ දේ දැක ගැනීමට මෝටර් රථය නතර කොට තිබුණි. මම සිද්ධිය විස්‌තර කළ විට මුලින්ම මට දෙමළ භාෂාවෙන් "මඩයන්" (මෝඩයා) යනුවෙන් බැන්නේය. කරන්න ඕනේ දෙයක්‌ තමන්ගේ ජීවිතේ ගැන හිතලා කරන්න ඕනෑ "රතු" යනුවෙන් මට උපදේශයක්‌ දී ඔහු නික්‌ම ගියේය.

මේ සිද්ධිය වූ දින වවුනියාව රෝහල වෙත මෘත ශරීර ගණනාවක්‌ රැගෙනැවිත් ගබඩා කොට තිබූ දිනයකි. උදේ 7 ට පමණ මමත් අපේ සහෝදර මාධ්‍යවේදිනුත් වවුනියාව රෝහල වෙත ගොස්‌ විනිසුරුවරයා පැමිණෙන තුරු බලා සිටියේ පරීක්‌ෂණ කටයුතු වාර්තා කිරීමටය.

ඉලන්චෙලියන් විනිසුරුවරයා පැමිණෙන විට මම "ගුඩ්මෝනින් සර්" පරිද්දෙන්ම සෙසු මාධ්‍යවේදීන් ඔහුට සුබ පැතුවේය. දත්මිටි කමින් රෝහල් මෘත ශරීරාගාරයට ගිය විනිසුරුවරයා සිය රාජකාරිය කළේය. අපි ඡායාරූප ගත්තෙමු. වීඩියෝ කිරීම්ද අපේ රස්‌සාවේ හැටියට කරගෙන ගියේය. සියල්ල අවසානයේ එළියට පැමිණි ඉලන්චෙලියන් විනිසුරුවරයා මා ඉදිරියට පැමිණ සිටගෙන බැණගෙන බැණගෙන ගියේය.

"මේක මොන රටක්‌ද හලෝ - දැන් මෙතන ආමි එකේ 8 ක්‌ මැරිලා. එල්. ටී. ටී. ඊ. 11 ක්‌ මැරිලා. මොකා වුණත් මේ රටේ මිනිස්‌සුනේ. ඇයි මේක මහ මිනිස්‌සුන්ට තේරෙන්නේ නැත්තේ. උදේ පාන්දර මිනී ගොඩක්‌ බලලා ගිහින් මම කොහොමද උසාවියේ තීන්දු දෙන්නේ. මිනිස්‌සු උදේ රස්‌සාවට යන්න ඕනේ හිත සතුටෙන්. මේක නම් පුදුම කරුමයක්‌ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංගී්‍රසියෙන් මාරුවෙන් මාරුවට කියාගෙන ඔහු පිටව ගියේය.

විනිසුරු ඉලන්චෙලියන්ගේ නඩු ඇසීම මෙන්ම නඩු පිළිබඳව ලබාදෙන තීන්දුද ඉතාමත්ම අභියෝගාත්මක වෙයි. ඒ සමය මහා යුද සමයක්‌ මෙන්ම එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවෝ උතුර පාලනය කළ සමයකි. රුපියල් 70,000 ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක්‌ මත එල්. ටී. ටී. ඊ. තරුණයන් දෙදෙනකුට එරෙහිව නඩුවක්‌ තිබුණි. නීතිඥවරු කුමක්‌ කීවද? විනිසුරු ඉලන්චෙලියන් විත්තිකරුවන් දෙදෙනාගෙන් විමසා සිටියේ "මේ කෙනා ඔයාලට සල්ලි දෙන්න තිබුණාද? යන ප්‍රශ්නය පමණි. දෙදෙනාම නැහැ කී සැණින් මුදල් ආපසු ලබාදීමට නියෝග කළ ඉලන්චෙලියන් විනිසුරුවරයා එල්. ටී. ටී. ඊ. තරුණයන් දෙදෙනා වසර දෙකකට හිරගෙදර යෑවීය.

එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට එරෙහිව වූ බොහෝ නඩුවලදී ඔවුන්ට බරපතල දඬුවම් පමුණුවද්දී උතුරේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රැසක්‌ම දිසා විනිසුරුවරයාට සිය ජීවිතයට ඇති තර්ජන ගැන සිතා කටයුතු කරන මෙන් අවවාද දෙන්නට විය. නමුත් ඉලන්චෙලියන් විනිසුරුවරයා ඒවා තුට්‌ටුවකට මායිම් නොකළේය.

වවුනියාවේ මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ සිද්ධීන් 104 කට එක්‌ පුද්ගලයකු වරදකරුවකු විය. ඔහුට වසර 80 ක සිරදඬුවමක්‌ ඉලන්චෙලියන් විනිසුරුවරයා නියම කළ අවස්‌ථාවේදී විත්තිකරු මහා හඬින් කියා සිටියේ.

"හොඳයි මම ආපහු ආවම බලාගන්නම්කෝ" යනුවෙනි.

අධිකරණ ශාලාවේ සිටි සියලුම දෙනා තුෂ්නිම්භූත වූහ. එහෙත් ඉලන්චෙලියන් විනිසුරුවරයා සිනා සී පැවසුවේ "මට වයස 45 යි. තමුන්ට 47 යි. අවුරුදු 80 ක්‌ සිරදඬුවම් විඳලා ආපහු එනකොට ඔයත් නෑ.... මමත් නෑ.... ඒ නිසා බලාගන්න දෙයක්‌ ඉතුරු වෙන්නේ නෑ. යන්න පමණකි.

ඉලන්චෙලියන් විනිසුරුවරයා වවුනියාව දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ වකවානුවේදී අධිකරණයේ නඩුවක්‌ නැතත් ඔහුට පෞද්ගලිකවම ලිපි ලියා තැපැල් කොට යෑවීමට වවුනියාවේ වැසියන්ට හැකියාව තිබුණි. එම ලිපි කියවා බලා ඊට සුදුසු පියවර ගැනීම ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිරිතයි.

වවුනියාවේ මහරම්බකුලම ගම්මානයේ කාන්තාවන් පිරිසකගෙන් විනිසුරුවරයාට ලිපියක්‌ ලැබී තිබුණි. ඒ සිය සැමියන් දිනපතාම "හොර මත් පැන්" පානය කිරීම නිසා පවුල් අවුල් වැඩි වී ඇති බවටය. විනිසුරුවරයා පළාතේ ඉහළම පොලිස්‌ නිලධාරියාට කතා කළේය. පොලිසියට ඔත්තුව දුන්නේ විනිසුරුවරයායි. පොලිසිය දින ගණනක්‌ වවුනියාවේ මහරම්බකුලම ගම්මානය පරීක්‌ෂා කළද "හොරසුරා" අසු නොවුණි. පළාතේ "හොර මත්පැන්" නොමැති බවද පොලිස්‌ ලොක්‌කා විසින්ම විනිසුරුවරයාට දැන්වීය.

ලිපියේ තිබූ දුරකථන අංකයකට කතා කොට හරියටම ස්‌ථානය දැනගත් ඉලන්චෙලියන් විනිසුරුවරයා සරමකින් හා කමිසයකින් සැරසී යාළුවකුද සමඟ හොරසුරා තිප්පල සොයා ගියේය. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් පිරිසකටද කළ යුතු දේ කියා ඇඳිරි වැටෙත්ම "හොර සුරා" තිප්පළට ගියේය.

මිතුරන් දෙදෙනාම වාඩි වී රුපියල් විස්‌සක වක්‌කරපන් කීවේය.

රුපියල් විස්‌ස දෙන විට මත්පැන් පානය කිරීමට පැමිණි කෙනෙකුගේ දකුණු අත පණ නැති බව දැක හොර සුරා අලෙවිකරු "පව් මේකාගේ අතත් පණ නෑ. ඔන්න ඔහේ දීපන්.... සල්ලි ගන්න එපා කියා. බැදපු මයියොක්‌කා අල පෙත්තක්‌ද බයිට්‌ එකට දී තිබේ.

අතට ගත් මත්පැන් වීදුරුව හොරෙන් බිමට හලා වටපිට බලන විටම පොලිස්‌ නිලධාරීන් පිරිස පැමිණ මත්පැන් ජාවාරමේ නිරතව සිටි තුන් දෙනාම අත්අඩංගුවට ගත්හ.

ඉලන්චෙලියන් දිසා විනිසුරුවරයා එම ස්‌ථානයෙන් නැගිට දිවගොස්‌ ඇත්තේද පොලිසිය එනවා පොලිසිය එනවා යනුවෙන් පවසමිනි.

මත්පැන් අලෙවි කළ තුන්දෙනා පසුදින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. නීතිඥයන් පැවසුවේ නැති බැරිකමට මත්පැන් අලෙවි කරපු බවයි. තුන් දෙනාගේම අතපය පෙන්වන ලෙස නියෝග කළ විනිසුරුවරයා

"බලන්නකෝ ඔය අතපය හොඳට තියෙද්දී ඇයි ඔය වගේ නරක වැඩ කරන්නේ.... මේ බලන්නකෝ මගේ අත පණ නෑ. ඒත් මම හොඳ රස්‌සාවක්‌ කරනවානේ කියමින් අත පෙන්වන විට පෙරදින පුද්ගලයාව සිහිවී හොර මත්පැන්කරුවන්ට දෙලෝ රත්විණි. දඬුවමක්‌ නියම නොකළ විනිසුරුවරයා රාජ්‍ය නොවන සංවිධානයක්‌ සමඟ කතා කොට ඔවුන්ට ස්‌වයං රැකියා කරගෙන යැම පිණිස එළුවන් ලබාදුනි.

ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ දකුණු අත පණ නැතිව ඇත්තේ ඔහුට කුඩා කාලයේදී පෝලියෝ රෝගය වැළඳීම නිසාය. එදා මන්නාරමේදී මට වුණු ඇබැද්දියෙන් පසුව ඒ කතාව කියා දුන්නේද න්සිස්‌ හැරිසන් වාර්තාකාරිනිය විසින්මය.

පත්තර පිටු සිය ගණනක්‌ ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධීන් හා නඩු තීන්දු ගැන අපට ලිවිය හැකිය. ඒ තරමටම ඔහු අරුම පුදුම නඩුකාරයෙකි. සියලු දේ කළේ ප්‍රායෝගිකවය. විනිසුරු අසුනෙන් බැහැරව අසන ලද නඩු සංඛ්‍යාව අතිමහත්ය. දඩ ගෙවා ගැනීමට මුදල් නොමැති අයට ඔහුගේ සාක්‌කුවෙන් මුදල් දී දඩ ගෙවීමට ඉඩ සලස්‌වා ඇත.

යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් දැන් ඔහු කටයුතු කරයි. විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්‌කි දීමට පැමිණි කුඩා දරුවකු පසුගිය ජුලි 12 වැනිදා අධිකරණය තුළ ක්‌ලාන්ත වී බිම ඇද වැටුණි. දරුවාගේ පියාගෙන් විමසා ඇත්තේ ඔහුට රෝගයක්‌ ඇත්දැයි යන ප්‍රශ්නයයි.

" නෑ සර්.... උදේම එන්න ඕනේ නිසා ආවා ළමයට කෑමක්‌ නෑ. එයාට මොනවා හරි කන්න අරන් දෙන්න මට සල්ලි තිබුණෙත් නෑ"

පියා එසේ පවසත්ම සිය මුදල් පසුම්බියෙන් මුදල් ගෙන අධිකරණ සේවකයකු අතට දී දරුවාට වහාම කෑම සපයා දෙන මෙන් දන්වා තිබේ. කෑම කා බඩ පිරී අධිකරණයට ආපසු පැමිණි කොලුවා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දී ඇත්තේ ගිරවකු මෙන්ය.

මේ කතා කරන ඉලන්චෙලියන් විනිසුරුවරයා පිළිබඳව යළි මතකය අවදි වුණේ ඔහුගේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ සැරයන් (24330) හේමචන්ද්‍ර පසුගිය 22 දා යාපනය නල්ලුර් ප්‍රදේශයේදී පිස්‌තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ වී මියයැමෙන් පසුව පොලිස්‌ සැරයන්වරයාගේ බිරිඳ සිය සැමියා බැලීමට යාපනයට පැමිණි අවස්‌ථාවේදී ඉලන්චෙලියන් විනිසුරුවරයා හඬා වැළපුණු දසුන දැකීමෙනි.

මුලින්ම බිරිඳ පැමිණෙන විට අත් දෙක එකට එකතු කොට සැරයන්වරයාගේ බිරිඳට වැඳ නමස්‌කාර කොට සමාව ඉල්ලීමට තරම් ඉලන්චෙලියන් විනිසුරුවරයා නිහතමානී විය. ඔහු වැඳ වැටුණේ නිකම්ම නොවේ. සිය දෙදණ පොළවේ තබා වැඳ නමස්‌කාර කොට පැවසුවේ සැරයන්වරයා මියගියේ තමන්ව ආරක්‌ෂා කිරීමට ගොස්‌ බවයි. ඒ සමඟම ඉලන්චෙලියන් විනිසුරුවරයා මහා හඬින් විලාප තබමින් හඬා වැටුණේ සිය හිස බිත්තියේ ගසා ගනිමිනි. ඔහුව අස්‌වසාලුවේ මියගිය සැරයන්වරයාගේ බිරිඳයි.

මානික්‌කවාසගර් ඉලන්චෙලියන් ඉතාම අඩු වයසකින් මේ රටේ විනිසුරු ධුරයට පත් අයෙකි. ඔහුගේ අභිප්‍රාය වූයේ නීතිය ආරක්‌ෂා කිරීමය. එහෙත් ඔහු සාම්ප්‍රදායික විනිසුරුවරයකු නොවීය. දෙමළ ජාතිකයකු වුවත් ඔහු සිය සේවා කටයුතු සඳහා ඉතාම ළඟින් තබාගෙන සිටියේත් අදට සිටින්නේත් සිංහල පිරිසකි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4152
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum