- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ක්‍රිකට්: ශ්‍රී ලංකාව සිම්බාබ්වේට පරදියි
BBC Sandeshaya මිනිත්තු 8 පෙර
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක පහසු ජයක් අත්කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
ඒ අනුව එක් දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 12 ක් අතරින් 11 වෙනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය ලැබූ පළමු ජාත්‍යන්තර කණ්ඩායම බවට ද පත් විය.
එක් දින ශ්‍රේණිගත කිරීම්වල අට වැනි ස්ථානය හිමි ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ දී සිම්බාබ්වේට පරාජය වූ පළමු වතාව මෙයයි.
ශාරීරික යෝග්‍යතාව
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දක්ෂ පිතිහරඹයක යෙදෙමින් නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 316 ක් රැස් කර ගැනීමට සමත්විය.
එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 80 කට මුහුණ දී ලකුණු 86 ක් සහ උප නායක උපුල් තරංග ලකුණු 79 ක් රැස් කිරීම කැපී පෙනිණ.
එහෙත් ඕවර 47 යි පන්දු හතරකදී කඩුලු හතරක් පමණක් දවාගනිමින් එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ සොලමන් මයර් ලකුණු 112 ක් රැස් කිරීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ප්‍රශස්ත මට්ටමක නොපවතින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා සඳහන් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ වරද පිළිගත් ලසිත් මාලිංගට අත්හිට වූ සිරදඬුවමක් පණවා තිබේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තවත් එක් දින තරග හතරක් සහ එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතය.
බිඳ වැටී තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සඳහා පළමු පෙළ තරගාවලියේ පුළුල් සංශෝධන සිදු කළ යුතු බව මේ අතර සිදත් වෙත්තමුණි වැනි විචාරකයෝ පෙන්වා දෙති.
එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී නැති බව ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.