- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාරයක්;හමුදාව සීරුවෙන්
BBC Sandeshaya පැයකට පෙර
Image copyright Reuters
Image caption වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණය
හෙලිකොප්ටර් යානයකින් පැමිණ වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙඩි තබමින් අත්බෝම්බ වලින් පහර දෙනු ලැබීමෙන් අනතුරුව යුද හමුදාව සීරුවෙන් තබා ඇත.
වෙනිසියුලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් හැටියට හෙළා දකිමින් එය පිටුපස සිටින්නන් අල්ලා ගන්නා බවට ප්‍රතිඥාවක් දුන්නේය.
තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි වෙනිසියුලා ජනාධිපති චෝදනා කරයි.
වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති නිකොලස් මදුරෝ කඩිනමින් ජනාධිපතිවරණයක් කැඳවයි
චාවේස්ගේ සමාජවාදී සිහිනය බිඳ වැටේ
ප්‍රහාරය සඳහා යොදා ගන්නා ලද හෙලිකොප්ටර් යානය පැහැර ගත් පුද්ගලයා ලෙස සැලකෙන ඔස්කාර් පෙරේෂ් (Oscar Perez) නම් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශයක් නිකුත් කරමින්, ප්‍රහාරය "සාපරාධී ආණ්ඩුවකට" එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් ලෙස විග්රහ කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
Image copyright EPA
Image caption ජනාධිපති මදුරෝ
සිය අධිකාරිවාදී පාලන බලය තවත් දැඩි කරනු ලැබීම සහ රටේ ජීවන මට්ටම පිරිහීම මුල්කර ගනිමින් පසුගිය මාස කීපය තුළ දියත් කෙරුණ මහජන විරෝධතා ව්‍යාපාරවලට මුහුණ දීමට ජනාධිපති මදුරෝට සිදුවිය.
Image copyright EPA
Image caption හමුදාව සීරුවෙන්
ජනාධිපතිවරයාගේ බල අධිකාරය ශක්තිමත් කෙරෙන තීන්දු ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයත් බොහෝ විරෝධතාවාදීන්ගේ උදහසට ලක්ව ඇත.
Image copyright Instargram
Image caption පොලිස් නිලධාරී ඔස්කාර් පෙරේෂ් ප්‍රකාශයක් කරමින්
මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ