- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"ප්‍රවේසමෙන් ! කුකුළේ ගඟ වාන් දොරටු ඇරේවි"
2017 ජුනි 16
Image copyright Google
තද වැසි හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කළ හැකි බැවින් එහි පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ එවැනි හදිසි තත්වයක් ඇති වුවහොත් ඒ සඳහා සූදානමින් සිටින ලෙසය.
මේ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කියා සිටියේය.
BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
රත්නපුර, කළුතර, කොළඹ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ට පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.