- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බ්‍රිතාන්‍යයේ ධන බලය ඉන්දියානුවන්ට
BBC Sandeshaya
Image caption ගෝපි චන්ද් හින්දුජා
බ්‍රිතාන්‍යයේ මහා ධන කුවේරයන් දෙදෙනා හැටියට ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී සහ ගෝපි හින්දුජා සහෝදරයන් දෙදෙනා නම් කරනු ලැබ ඇත.
සන්ඩේ ටයිම්ස් (Sunday Times Rich List) වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර එහි ප්‍රමුඛස්ථානය හින්දුජා දෙබෑයන්ට හිමිවෙයි.
බැංකු සහ කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්රයේ නිරත 'හින්දුජා' සහෝදරයන්ගේ වත්කම ඩොලර් කෝටි දෙදාස් එකසීයකට වඩා අධික බව සන්ඩේ ටයිම්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුවේ දැක්වෙයි.
එම ලැයිස්තුවට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඔවුන්ගේ වත්කම් 24% කින් ඉහළ ගොස් ඇත.
මේ අනුව 'සන්ඩේ ටයිම්ස්' ධනකුවේරයන්ගේ ලැයිස්තුවේ පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ ඇමෙරිකානු ව්‍යාපාරික ලෙන් බ්ලවට්නික් (Len Blavatnik) මෙවර දෙවන ස්ථානයට පත්ව සිටියි.
Image caption හින්දුජා-බැංකු සහ කර්මාන්ත අංශයේ ධන උල්පතේ හිමිකරුවන්
බ්‍රිතාන්‍ය ධන කුවේරයන්ගේ ලැයිස්තුවේ පළමු දහදෙනා අතර සිටින්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත එක් පුද්ගලයෙක් පමණි.
එම දේශීය ධන කුවේරයා වන වෙස්ට්මිනිස්ටර් ආදිපාදවරයාට හිමිව ඇත්තේ ඉහත කී ලැයිස්තුවේ නවවෙනි ස්ථානයයි