- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හැව්ලොක් සිටි ඉදිරි ආයෝජනයට රුපියල් බිලියන 7 ක හිමිකම් නිකුතුවක්
හැව්ලොක් සිටි ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන සමාගම වනුයේ ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීඑල්සී සමාගමයි.
මේ අනුව දැනට සමාගමේ තිබෙන සෑම සාමාන්‍ය කොටස් 5 කටම සාමාන්‍ය කොටස් 2 ක් වන පරිද්දෙන් මෙම හිමිකම් නිකුතුව සිදුකිරීමට නියමිතය.
මෙහිදී නව කොටස් 355,151,309 ක් නිකුතු කරනු ලබන අතර ඒ සඳහා කොටසකට රු. 20.50 බැගින් ගෙවීමට හිමිකම් කොටස්ලාභීන් හට සිදුවනු ඇත.
මේ හරහා සම්පාදනය කර ගැනීමට නියමිත සම්පූර්ණ අරමුදල රුපියල් 7,280,607,834.00 කි.
සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 11,162,751,513.00 ක් ලෙසින් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ මහා සභා රැස්වීමේ දී සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතියට යටත්වනු ඇත.
http://biz.adaderana.lk/
- M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්
- සම්පත් රුපියල් බිලියන 7 ක් ඉල්ලයි.ඇක්ම් අයිතිකරුවෝ “හිමිකම්” අත් හරිති
- මිලියන 800 ක හිමිකම් නිකුතුවක් කොටගල වැවිලි සමාගමෙන්
- බිලියනයක් හොයන්න බ්‍රවුන්ස් බීච් හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි
- කලමාසු අලුත් අධ්යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට