- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මිලියන 800 ක හිමිකම් නිකුතුවක් කොටගල වැවිලි සමාගමෙන්
biz_man Top News September 13th, 2016
ලංකෙම් සමූහයට අයත් කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 800 ක හිමිකම් නිකුතුවක් සඳහා සූදානමින් පසුවන බව අද (13) දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී සමාගමේ දැනට තිබෙන සෑම කොටස් 1 ක් වෙනුවෙන් කොටස් 2 ක් නිකුත් කෙරෙන අතර මෙහිදී එක් කොටසක් නිකුතු කෙරෙනුයේ රු. 10 බැගිනි. කොටස් මිලියන 80 ක් මේ අනුව සමාගමට එක්වීමට නියමිතය.
දැනට ඇති වගකීම් පියවීම සඳහා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙම අරමුදල් යොදා ගැනීමට නියමිත බව සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටී.
සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය මේ වන විට සාමාන්‍ය කොටස් මිලියන 40 කින් සහ එක් රත්‍රං කොටසකින් (Golden Share) සමන්විත වේ.
හිමිකම් නිකුතුවෙන් පසු සමාගමේ සම්පූර්ණ සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලියන 120 ක් බවට පරිවර්තනය වනු ඇත.
හිමිකම් නිකුතුවෙන් පසු මෙම කොටස් ප්‍රමාණය තවදුරටත් කොටස් අනුබෙදුමක් (Subdivision) දක්වා පුළුල් කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව පවතින සෑම කොටස් 2 ක්ම කොටස් 3 ක් බවට පරිවර්තනය වනු ඇත. මේ අනුව සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් මිලියන 180 ක් දක්වා වර්ධනය වනු ඇත.
මේ යෝජනා සියල්ලක්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ අනුමැතියට යටත්වනු ඇත.
කොටගල වැවිලි සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලංකෙම් සමූහය සතුවේ. එහිදී මුලු කොටස් ප්‍රාග්ධනයෙන් ලංකෙම් වැවිලි සමූහ සමාගම 37.81% ක් සහ ලංකෙම් තේ සහ රබර් වැවිලි (පුද්) සමාගම 30.01% ක් හිමිකාරීත්වය දරනු ලබයි.
http://biz.adaderana.lk/