- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
අවම මහජන පංගුවට කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සූදානම්
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් පරිදි ලැයිස්තුගත සමාගමක අවම මහජන කොටස් පංගුව, සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 20% ක් විය යුතු බවට නිර්දේශ කර තිබේ. මේ අනුව කොටස් වෙළෙඳපොළේ ද්විතීයික ගනුදෙනු සඳහා අවම වශයෙන් සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් 20% ක් නිදහස්ව පැවතිය යුතුය.
2016 ජූනි 30 වන දිනට කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් හි සමස්ත ප්‍රාග්ධනයෙන් 74.94% ක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව ද, 10.09% ක් ජෝන් කීල්ස් පීඑල්සී සතුව ද, 4.86% ක් වෝකර්ස් ටුවර්ස් සතුව ද පැවතිණි. මේ අනුව අවම මහජන පංගුව පවත්වා ගැනීම සඳහා සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් විසින් සිය කොටස් හිමිකාරීත්වය අවම කරලීමේ අවශ්‍යතාවය තවදුරටත් පවතී.
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නියමයන්ට අනුව 20% ක අවම මහජන පංගුව නඩත්තු කිරීමේ තීරණයට එකඟ නොවීම මත ලැයිස්තුගත සමාගම් කිහිපයක්ම පසුගිය කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කරනු ලැබීය.
TAGS
http://biz.adaderana.lk/