- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ආසියාවේ හොඳම සමාගම් 200 අතරට ශ්‍රී ලංකාවෙන් 3 ක්
http://biz.adaderana.lk/
සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ඩොලර් බිලියනයට අඩු ආසියාවේ හොඳම සමාගම් 200 (Best Under A Billion) අතරට ශ්‍රී ලංකාවේ සමාගම් 3 ක් තේරී පත්වී තිබේ. වාර්ෂිකව ලබන අදායම ඩොලර් මිලියන 5 ත් ඩොලර් බිලියන 1 ත් අතර සමාගම් මෙම වර්ගීකරණය සඳහා සුදුසුකම් ලබනු ඇත. එසේම වාර්ෂිකව ධනාත්මක ශුද්ධ අදායමක් වාර්තා කිරීමත්, ලැයිස්තුගත සමාගමක් වීමත් මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට අත්‍යාවශ්‍ය සාධක වේ.
මෙම ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලද සමාගම් තුන වනුයේ රෙග්නිස් (ලංකා), රෝයල් සෙරමික් හා ටෙක්ස්චර්ඩ් ජර්සි යන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් ත්‍රිත්වයයි. පිළිවෙලින් මෙම සමාගම් තුනෙහි වාර්ෂික ආදායම ඩොලර් මිලියන 31, 179 හා 128 බැගින් වේ.
සිංගර් සමූහයට අයත් සමාගමක් වන රෙග්නිස්, ශීතකරණ හා රෙදිසෝදන යන්ත්‍ර නිෂ්පාදනයේ හා අලෙවියේ යෙදෙන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමකි.
වැලිබල් වන් සමූහයට අයත් රෝයල් සෙරමික් සමාගම මෙරට ප්‍රමුඛතම ටයිල් හා සනීපාරක්ෂක උපාංග අලෙවිකරුවා වේ.
බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් ටෙක්චර්ඩ් ජර්සි සමාගම අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගත් මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදන සමාගමකි.