- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බීර සමාගමටත් බදු සහන
දෙමාසයකට පෙර මෙම සමාගමේ කම්හල ගංවතුරෙන් යටවීම නිසා රජය මෙම සහනය සලසා ඇත. වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රජය මේ සහනය සලසා ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මද්‍යසාරවලට අයකරන බදුම මෙම සහනයෙන් එම සමාගමට ලැබේ. මෙම සමාගම නිෂ්පාදනය කරන ලයන් හා කාල්ස්බර්ග් බීර කම්පුචියාව, ලාඕසය, මලයාසියාව හා ඉන්දියාවේද නිෂ්පාදනය කරයි.
5%කට අඩු මද්‍යසාරය අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අයකරන රේගු බද්ද රුපියල් 500 සිට 129 දක්වා ද (75%) සියයට 5ට වැඩි මද්‍යසාරය අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත. මෙම සහනය දී ඇත්තේ මෙම සමාගමට පමණක් බවද වාර්තා වේ.
සෙස් බද්ද වරාය හා ගුවන්තොට සංවර්ධන බද්ද ද ඇතුළුව ආනයන බීර ලීටරයක් වෙනුවෙන් අයකරන බද්ද රුපියල් 582කි. පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට රේගු ආඥා පනතින් මුදල් ඇමැතිට බලය හිමිවී ඇත.
ලයන් බ්ලූවරි සමාගමේ ප්‍රධාන විධායක සුරේෂ් ෂා 2015/16 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ තුන් මාසයක් යනතුරු බීර නිෂ්පාදනය නොකරන බවයි. ගංවතුරු හා ව්‍යාපාර බිඳ වැටීම් වෙනුවෙන් රක්ෂණ ලබාගෙන ඇතැයි ද ඔහුගේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ බීර නිෂ්පාදනයෙන් 85%ක් මෙම සමාගම සතුය.
පසුගිය මැයි මාසයේ ගංවතුරින් පසුව රජය ආනයන භාණ්ඩ 36කට බදු නිදහසක් දුන් බව රේගු නිලධරයෙක් කියයි. එම ලැයිස්තුවට බීර හෝ මද්‍යසාර අඩංගු නොවූ බවද දැනගන්නට ඇත. ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාබයක් ලැබූ බව ඔවුන්ගේ මූල්‍ය වාර්තාවල දැක්වේ.
http://www.lankadeepa.lk/index.php/business/442687
- yaka
- Posts : 374
Join date : 2014-02-28
Re: බීර සමාගමටත් බදු සහන
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: බීර සමාගමටත් බදු සහන
a Customs Department official said that, in the aftermath of the floods in May, the Government had waived for one month import duties on 36 essential food and relief items. Beer or any form of alcohol was not on that list which was sent also to the Ministry of Disaster Management. According to its financial statements, Lion Brewery made a net profit of Rs. 2 billion for the 2015/16 financial year. Carson Cumberbatch Group–that owns Ceylon Beverage Holdings which is the main shareholder of Lion Brewery–recorded a net profit of Rs. 4.5 billion in the same period.
According to calculations, the Government would lose Rs. 371 per litre of beer of less than five percent alcohol and Rs. 254 per litre of more than five percent alcohol imported by Lion Brewery. If Lion imports around five million litre of beer per month for four months, the potential revenue loss for the Government would be Rs. 6 billion.
Lion Brewery accounts for 85 percent of the beer market. The company acquired Millers Brewery in 2014 for Rs. 5.1 billion to maintain market dominance.
http://www.sundaytimes.lk/160731/news/whats-brewing-huge-duty-waiver-for-beer-company-202998.html