- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
රාජ්‍ය බැංකු හය තුනක් කරන්න යයි
වෙන වෙනම ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකු හයක් ඒකාබද්ධ කර නව බැංකු තුනක් ස්ථාපිත කිරීමට ආණ්ඩුවේ ආර්ථික කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සමඟ ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව ඒකාබද්ධ කිරීමට නියමිතය.
එසේම ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟද දිවිනැගුම බැංකුව ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව සමඟද ඒකාබද්ධ කොට නව බැංකු තුන සකස් කිරීමට නියමිතය.