- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
සඳුදා නිවාඩු අවලංගුද ??????
සඳුදා රජයේ නිවාඩු නෑ
රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා (23) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමට රජය තීරණය කර ඇත.
වෙසක් උත්සව දින දෙක (21 සහ 22) සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී ඇති බැවින් ඉරිදා නිවාඩුව සඳුදාට (23) ලබාදීමට මීට පෙර රජයේ අවධානය යොමුවී තිබුණි.
නමුත් රටේ ඇතිව තිබෙන හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන විපතට පත්වූවන්ට සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍යවීම නිසා සඳුදා නිවාඩු දීමේ හැකියාව අවම බව ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් යම් නිලධාරියකුද විපතට පත්ව සිටී නම් ඔහුට අයත් වසමේ යාබද වසම භාර නිලධාරියාට රාජකාරි ආවරණය කරන ලෙස උපදෙස් දී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.