- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ලංකාව කුණුවලින් වාර්තාවක් තියයි
මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින් පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සගරාව කළ පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
එම සඟරාවේ එමියි නොර්ඩම් සඳහන් කර ඇත්තේ ලොව පුරා රටවල් 192ක් පිළිබඳව අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදා හරින රටවල් 20 නම් කළ බවයි.
එම අනුපිළෙවෙළ අනුව මුලින්ම ඇත්තේ චීනයයි. ඉන්දුනීසියාව දෙවැනි තැනටත්, පිලිපීනය තුන්වැනි තැනටත්, වියට්නාමය හතර වැනි තැනටත්, ශ්‍රී ලංකාව පස් වැනි තැනටත් ඇතැයි කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකාව වසරකට මුහුදට දමණ ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1.59ක් බව එම සඟරාවේ සඳහන්ය.
ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සඟරාමවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින අතර ඒ අතර ග්‍රෑම් 300ක ප්ලාස්ටික් ද ඇතුළත් වෙයි. නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහණයෙන් බෙදීමෙන් මෙම අගය ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කසළ කළමණාකරනයට නිසි වැඩ පිළිවලක් නැති බවත්, දිනේන් දින ගොඩ ගැසෙන කුණු නිසා රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.
මෙරට කුණු යනු පාතාල නායකයින්ගේ හා දේශපාලකයන්ගේ ආදයමි මාර්ගයක් වී ඇති බව ද, කසළ කළමණාකරන වැඩ පිළිවලක් සකස් කිරීමට යෝජනා කරමින් පසුගිය දෙසැමිබර් මාසයේ මිතොටමුල්ල ප්‍රදේශයේ සිදුකළ උද්ඝොෂණයට පහර දුන්නේද එම ආදායමි මාර්ග නැති වේයැයි බියෙන් විය හැකි බවය ද කාරියවසම් මහතා පවසයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ලංකාව කුණුවලින් වාර්තාවක් තියයි
Yes, this is real concern and recently I saw a few photos taken in Sri Pada, where unbelievable amount of plastic waste were thrown around indiscriminately.
(Govt should impose a hefty surcharge for all plastic containers coming into market to encourage people to use alternate / easily degradable packing).
Disclaimer - I hold considerable amount in GLAS.