- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පොහොය හෙට නොවෙයි අනිද්දා
සම්මත දින දර්ශනයට අනුව මැදින් පුර පසළොස්වක පොහොය හෙටට නියම කර තිබුණත්, තාරකා විද්‍යාවට අනුව පොහොය යෙදෙන්නේ අනිද්දාට බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
එදිනට චන්ද්‍රග‍්‍රහණයක් ද යෙදී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා. මේ, එහි ලේකම් වසන්ත ඒකනායක මහතා.
"පොහොය කමිටුව විවිධ කරුණු කාරණා බලලා වඩා ගැලපෙන දිනය තමයි නිවාඩුව සහ පොහොය සම්බන්ධයෙන් වන ඒ කාරණා ප්‍රකාශයට පත්කරන්නේ.
දන්නා පරිදි චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගණනය කිරීම් කරලා පොහොය උදාවන, පොහොය ලබන වේලාවල් කියන එක සඳහන් කරනවා. ඒ අනුව තමයි සිල් ගන්නා වේලාව සහ ආගමික වතාවත් කිරීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ගැන ප්‍රකාශයට පත්කරන්නේ.
මාස තුන හතරකට කලින්නේ ප්‍රකාශයට පත්කරන්නේ. නොගැලපෙන කමක් හෝ දිනයේ වැරැද්දක් ගැන අපට දැන්වීමක් නැහැ".
පොහොය වත් පිළිවෙත් නියමිත පරිදි හෙට සිදුකෙරෙන බවද බුද්ධශාසන අමාත්‍යංශය මෙහිදී කියා සිටියා.
- See more at: http://nethfm.com/article/100783#sthash.WK20chWI.dpuf