- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදෙයි
වර්ධනය වන මහජන අවශ්‍යතා සපුරාලීම සදහා ඔවුන්ගේ ප්‍රාග්ධන වෙළෙදපොල ආශ්‍රිත දැනුම හා ශක්‍යතා වර්ධනයට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සහ thinkCube පෞද්ගලික සමාගම, CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදීම නිල වශයෙන් අද (03) දින සිදු කරන ලදී.
මෙම වෙබ් ප්‍රවේශය හරහා ඉංග්‍රීසි, සිංහල හා දමිල භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනික මෙවලම් ලබාගත හැකි අතර මේතුලින් CSE හි ආයෝජන අධ්‍යාපන ක්‍රියාකාරකම් සදහා නව මං පෙත් විවර වනු ඇත. අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් තොරතුරු බෙදා හැරීම, පුහුණු කිරීම සහ විශ්ලේෂණය සිදු කිරීම හරහා පුලුල් ආයෝජක පරාසයකට විහිදීමට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට හැකි වන අතරම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ වෙළෙදපොල දායකත්වය වර්ධනය කිරීමේ අරමුණද සාක්ෂාත් කරගත හැක.
මෙහිදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සභාපති වජිර කුලතිලක මහතා පවසා සිටියේ “CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදීම 2016 වසරේ මං සලකුණක් ලෙස දැක්වීමට අපි කැමැත්තෙමු, එමෙන්ම මේ කාර්යය සාක්ෂාත් කරගැනීම සඳහා අප හා අත්වැල් බැදගැනීම සම්බන්දයෙන් අප thinkCube ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මුල්‍ය සාක්ෂරතාවය සහ ආයෝජන අධ්‍යාපනය CSE හි ප්‍රමුඛ අභිමතයක් වන අතර අන්තර්ජාල වෙබ් ප්‍රවේශය හරහා ශ්‍රී ලංකික ප්‍රජාව අතර උචිත හා ප්‍රායෝගික ප්‍රාග්ධන වෙළෙදපොල අධ්‍යන වටපිටාවක් සැකසෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.”
තවදුරටත් ඔහු පවසා සිටියේ “ලොව පුරා කොටස් වෙළෙදපොලවල් ඩිජිටල් තාක්ෂණයත් සමග ඒකාබද්ධවී ඔවුන්ගේ මුල්‍ය අධ්‍යාපනය හා ව්‍යවසායකත්ව කුසලතා ප්‍රවර්ධනය උත්සාහයන් ගනු ලබනවා. මෙම අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදීම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව අන්තර්ජාතික ස්ථරයේ ආයතනික ක්‍රියාකාරකම් ශ්‍රීලාංකික ප්‍රාග්ධන වෙළෙදපොළට දායාදකිරීමේ මුලපිරීමක්.” ලෙස ය.
මෙම කාර්යය සදහා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමගින් අත්වැල් බැදගත් thinkCube ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, මිතිල මෙන්ඩිස් මහතා පවසා සිටියේ “නිසි දැනුම වර්ධනය තුලින් වෙළෙදපොල ප්‍රවර්ධනය සහ පුළුල් පරාසයක කාලනුරුපි තොරතුරු ලබා දීම ආදී ප්‍රතිඵල මෙයින් අපේක්ෂා කරන අතරම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නමැති කීර්තිමත් ආයතනය සමග කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් ලෙස අප සලකමු. ඒවගේම thinkCube සමාගම නව තාක්‍ෂණය සමගින් යාවත්කාලීන කිරීම, පුහුණු පාඨමාලා සදහා පුළුල් පරාසයක අන්තර්ගතයන් සැපයීම සහ අන්තර්ජාල වැඩමුළු සදහා සහයෝගය ලබාදීම යන කාර්යයන් සදහා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට අඛණ්ඩව සහය දක්වනු ඇත.”
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මෙම අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හරහා ප්‍රකාශන ලබාදීම, මාර්ගගත පාඨමාලා, ගනුදෙනු සංඛ්‍යා දත්ත , වෙබ් පාඨමාලා සහ වීඩියෝ සැපයීම නව ආයෝජකයින් ඉලක්ක කර සිදුකරනු ලබයි. එමෙන්ම වෙබ් පරිශීලකයන්ට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව පිළිබඳ යාවත්කාලීන තොරතුරුද ලබාගත හැකිය.
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදෙයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදෙයි
(But the way they were going about in the past was not so good).
Thanks Nihal.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදෙයි
Rana wrote:කවුරුහරි මේක පාවිච්චි කලාද ??
මොනවා අහනවද Ranao ?
පාවිච්චි කරන්න ඉස්සෙල්ලා දැම්මේ.
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: CSE අධ්‍යාපනික වෙබ් ප්‍රවේශය හදුන්වාදෙයි
එක්කෝ මගේ වයර් අවුල් නැතිනම් CSE එකේ වයර් අවුල් . උදව් ගන්න නම්බර් එකක්වත් නැහැ.
අපි ගහකට නැග්ගොත් එකෙත් මොකක්ද කිව්වලු
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga