The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ගෙයක් හදන්නද ඉන්නේ

+17
sanjulanka
Market lover
Danidu
roshana7549
Ukboy
smallville
Ethical Trader
slstock
Rana
chutiputha
yellow knife
blacknights
AjithR
HUNTER
Leon
කිත්සිරි ද සිල්වා
nihal123
21 posters
Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Mon Mar 21, 2016 5:19 pm
Message reputation : 100% (2 votes)
අද අපි බලමු නිවසට ඔබින සැලසුමක් සකස් කර ගැනීමේදී හොයල බලන්න ඕනි කරුණු මොනවද කියලා…
1.තමාගේ අභිමතයට ගැලපෙන පරිදි සැලැස්ම සකස් කර ගැනීම.
තමන් අමාරුවෙන් හම්බකරන මුදල් වියදම් කරලා හදන ගේ තමන්ට ඕනි විදිහට, සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරලා ලස්සන ප්ලෑනක් ඇඳ ගන්න.ඒත් මතක තියා ගන්න, ඔබ දැඩි මතයක නොසිට සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.මක් නිසාද යත් ඔබට වඩා බොහෝ දුරට ඔහුට අත්දැකීම් සහ නිවාස සැලසුම් පිලිබඳව දැනීමක් තිබිය හැක.

2.තමාගේ ආර්ථික මට්ටමට සරිලන පරිදි සැලැස්ම අන්දවා ගන්න.

හුඟ දෙනෙක් අමාරුවේ වැටෙන තැනක් මේක.බොහෝ දෙනෙක් ගෙවල් හදන්න උත්සාහ කරන්නේ අහල පහල තියන ගෙවල් වලට වඩා,නැත්නම් තමන්ගේ නෑයින්ගේ ගෙවල් වලට වඩා ලොකුවට.ගෙවල් හැදීම තරඟයක් කරගන්න එපා.සල්ලි ඕනි තරම් තියනවනම් කමක් නෑ.ඒත් මද්‍යම පාන්තික කෙනෙක් නිකන් බොරුවට අති විශාල නිවසක් හදන්න යනවා කියන්නේ අවුරුදු ගානක් (සමහර විට ජීවිත කාලය පුරාම ) ගේ හදනවා කියන එකයි.සාමාන්‍යයෙන් නිවසක් හදලා ඉවරවෙද්දී වර්ග අඩියකට රුපියල් 2750-3000 විතර මුදලක් වියදම් වෙනවා.ඉතින් අතේ තියන මුදල සහ වියදම් කරන්න පුලුවන් උපරිම මුදල කල්පනා කරලා ඔබට අවශ්‍ය කොපමන තරමේ වර්ග අඩි ප්‍රමානයක නිවසක්ද කියලා සැලසුම් ශිල්පියාට කියන්න.

3.භූමියට ගැලපෙන සැලැස්මක් අන්දවා ගන්න.

කඳු බෑවුම්, තැනිතලා දිශාවන්ට අනුව ගැලපෙන සුදුසුම සැලැස්මක් අන්දවා ගන්න.මේ සම්බන්දව සැලසුම් ශිල්පියාගේ අදහස් විමසන්න.

මෙසේ හොඳ සැලසුමක් ඇඳ ගැනීමට පලපුරුදු හොඳ සැලසුම් ශිල්පියෙක් තෝරා ගන්න.සෑම සැලැස්මක්ම නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගත යුතුබව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.අනුමත වන තුරු ඔබට ඔබේ ඉඩමේ ඉදි කිරීමක් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.ඒ සම්බන්ධ නීති රීති මගේ ඊලඟ ලිපියෙන් කියන්නම්.දැන් නම් හොඳටම නිදි මතයි.මොනව හරි දැනගන්න ඕනිනම් කොමෙන්ට් එකේ දාන්න.දන්න දෙයක් නම් අනිවා… කියා දෙනවා…නොදන්න දෙයක් නම් කාගෙන් හරි අහලා හරි කියා දෙනවා…

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Fri Mar 25, 2016 11:58 pm
Message reputation : 100% (6 votes)
මේ දේවල් බලන්නෙ නැතිව ඉඩමක් ගත්තොත් සල්ලිත් නාස්ති කරගෙන, නඩුහබ වලටත් පැටලෙන්න වෙයි

ඉඩමක් ගන්නව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉඩමක් ගන්නෙ එක්කෝ අපේ පදිංචියට හරි එහෙමත් නැත්නම් අපි කරන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරික කටයුත්තක් හෝ ආයෝජනයකට ප්‍රයෝජනයට ගන්නයි.
ඉතින් ලොකු මුදලක් අතින් වියදම් කරල කරන මේ වැඩේදි ඔබ හොයලා බැලිය යුතු කාරණා බොහොමයක් තියනවා. ඉඩමක් මිලදීගැනීමේදී මේ දේවල් ගැන හරිහැටි සොයා නොබලා කරගන්නා ගනුදෙනු නිසා ඔබේ ආර්ථිකය අනතුරේ වැටෙන්නත් ඔබව අනවශ්‍ය නඩු හබ වල පටලැවෙන්නත් බෙහෙවින්ම ඉඩ තිබෙනවා.
ඒ නිසා අනාගතයෙදී ඉඩමක් මිලදී ගන්න සිතා සිටිනවානම් අපේ මේ ලිපිය අනිවා ඔබට වැදගත් වේවි.
1. ඉඩමේ ස්වභාවය
“අනගි, අකලංක, අතිශය රමණීය“…
මේ වගේ හැඳින්වීම් සහිතව එන හුඟක් ඉඩම් වල දැන්වීම් කියෙව්වහම එවෙලේම ලෝකෙටම ණයවෙලා හරි ඉඩම ගන්නමයි හිතෙන්නෙ. එහෙම හිතුනාට හදිස්සි වෙන්න එපා. ටිකක් ඉඩම පැත්තෙ එහෙම කරක් ගහල හොයල බලන්න. වැහි දවසක් වගේ අල්ලල යන්න පුලුවන්නම් තවත් හොඳයි.
පස්, ගල් බොරලු වගේම කුණු දාල ගොඩකරපු ඉඩනුත්, වැස්සට යටවෙන මඩගොහොරු බවට පත්වෙන ඉඩනුත් හරියට තියනවා. මේ වගේ ඉඩම් වලට අහු උනොත් ඉඩම ගත්තට පස්සෙත් මුදල් හා ශ්‍රමය බෙහෙවින් වැයකරන්න සිදුවෙයි. ඒ නිසා පරිස්සම් වන්න.
2. වටිනාකම
හෙට්ටු කරන නිසා හුඟක් වෙලාවට විකුණන ඉඩමක් ටිකක් වැඩි ගණනකට විකිණීමට මිලකරල තිබීම සාමාන්‍යයෙන් වෙන දෙයක්. මිල ගණන් කතා කරන්න යන්න කලින් පොඩි විමසීමක් කරල ඉඩම අයත් ප්‍රදේශයේ ඉඩම් වල වටිනාකම ගැන අදහසකට එන එක වැදගත්.
ඉඩම අයත් වන ප්‍රාදේශීය සභාවෙන් තොරතුරු දැනගන්නට ඔබට පුලුවන්. ඊට අමතරව අහල පහල හිතවතුන් ඉන්නවනම් ඒ අය මගින් දැනගන්නත් පුලුවන්. තවත් හොඳ ක්‍රමයක් තමයි ඒ අවට ඉඩම් විකුණන නොයෙක් Land Sale සමාගම් වල මිල ගණන් එක්ක සසඳල බැලීම.
3. ප්ලෑන
සැලසුමක් ඇතිව ඉඩමක් ගන්නවනම් ඉඩමේ සැලැස්ම අනිවා පරික්ෂා කර බැලිය යුතු කාරණයක්.
මිල කරල තියන ගානට ඉඩම වටිනව කියල හිතනවනම් ඔබට පුලුවන් ඉඩම විකුණන පුද්ගලයගෙන් ඉඩමේ සැලැස්මේ පිටපතක් ඉල්ලගන්න. ඉඩමේ සැලැස්ම බලයලත් මිනින්දොරුවෙකු විසින් මැන අදාල ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය හිමිවී තිබීම අත්‍යවශ්‍යම කාරණයක්.
ඉඩම මිලදී ගැනීමට පෙර බලයලත් මිනින්දෝරුවරයෙක්ගේ සේවය ලබාගෙන (ඉඩම් හිමියාගේ අවසරයත් ඇතිව) ඉඩමේ අනුමත සැලසුමේ සටහන් වලට අනුකූලව අදටත් ඉඩම පවතිනවාදැයි සැකහැර දැනගන්න. කල්යෑමේදී මායිම් වෙනස්වීම් වැනි දේවල් නිසා ඉඩමේ ප්‍රමාණය වෙනස් වීමට ඉඩ ඇති නිසා මේ පරික්ෂාවත් කරන එක අපතේ යන එකක් නෑ.
4. අයිතිය සහ නිරවුල්බව
ඔබ මිලදීගැනීමට යන ඉඩමේ අයිතිය පිලිබඳව සොයාබැලීමත් ඉතා වැදගත්. ඉඩම විකිණීමට යන පුද්ගලයා ඉඩමේ සැබෑ හිමිකරුද? එහෙමත් නැත්නම් ඉඩම හවුල් ඉඩමක් හෝ පවතින නඩුවකට සම්බන්ධ ඉඩමක්ද යන්න සොයා බැලිය යුතුයි. ඉඩම හවුල් ඉඩමක් නම් ඉඩමේ හවුල්කරුවන් සියලුදෙනා මුණගැසී ඔවුන්ගේ ලිඛිත අවසරයන්ද ලබාගත යුතුයි.
ඔබේ නීතිඥවරයාගේ සේවය ලබාගෙන අදාල ඔප්පු තිරප්පු සහ පත් ඉරු පරික්ෂා කොට ඉඩමේ නිරවුල් බව පිලිබඳව ඉන්පසු පරීක්ශා කර බැලිය යුතු වනවා. මේ දේවල් ඉක්මනින් පරික්ෂා කර දැනගැනීමට අවශ්‍යනම් අදාළ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය හා කටයුතු කර හුරු පුරුදු වෙනත් නීතීඥයකුගේ සේවය වුවද ඔබට ලබාගත හැකියි.
5. පාරට කිට්ටුද?
ඔබ මිලදීගන්න යන ඉඩම කිසියම් හෝ මාර්ගයකට මුහුණලා තිබෙන එකක්නම් ඒ සඳහා ඔබ අමතර අවධානයක් යොමු කිරීම වැදගත්. යම් යම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලට යටවන්නට තිබෙන ඉඩම් හොර රහසේම විකුණන අවස්ථා එමට තිබෙනවා. එවන් ඉඩමක් ගත්තොත් ඔබ ඉඩමෙන් ලබාගන්නට හිතෙන පලප්‍රයෝජනයද අහිමිව අනවශ්‍ය හිසරදයක් බවට ඉඩම පත්වීමේ ඉඩ වැඩියි.
අදාල ප්‍රාදේශීය සභාවට ගොස් මාර්ග පුලුල් වීම වැනි සංවර්ධන ව්‍යාපෘති වලින් ඉඩමට බලපෑමක් වනවාදැයි සොයා බලන්න.
6. ඉඩම සංවර්ධනයේදී ඇතිවන ගැටලු
සමහර විට ඔබේ ඉඩමට ඇතුලුවීමට මාර්ගය වැටී තිබෙන්නේ පටු පාරක් ඔස්සේ වෙන්න පුලුවන්. ඉඩම තුළ ඔබ ඉදිකරන්නට යන ගොඩනැගීම් කටයුතු පහසුවෙන් කරගැනීමේ හැකියාව සහ ඉඩකඩ එහි තිබේදැයි විමසීම ඉතා වැදගත්. උදාහරණයක් හැටියට ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන ලොරි,ටිපර් රථ ආදියට ඉඩම තුළට පැමිණීමේ අවහිරයක් තිබේනම් එය තරමක් බරපතල කාරණයක්.
ඒ වගේම තමයි ඉඩමේ පොලොව සහ පස. එහි සංයුතිය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝග්‍යද නැද්ද යන්නත් පරික්ෂා කර බැලීම අපතේ යන එකක් නෑ. මේ සඳහා ඔබට ඉංජිනේරු සහය ලබාගත හැකියි.
ඉහත කී කාරණා දෙක අසම්පූර්ණ නම් ඉඩම සංවර්ධනයේදී ඔබේ කාලයත් මුදලත් බොහෝ සෙයින් අපතේ යාමට තිබෙන ඉඩ වැඩියි.
7. මේ ක්‍රමය අනුගමනය කරල පොඩි වාසියක් කරගන්න බලන්න
හුඟක් වෙලාවට ඉඩම් ගැන තොරතුරු අපට එන්නෙ තැරැව්කරුවන්(බ්‍රෝකර්) මාර්ගයෙන්. තැරැව්කරුවෙකු නොමැතිව ඔබට ඉඩම විකුණන හිමිකරුවා මුණගැසුනොත් තැරැව්කරුවෙකු නොමැති ගණුදෙනුවක් බැවින් බ්‍රෝකර් ගාස්තුවට අදාල මුදල ඉඩමේ වටිනාකමින් අඩු කල හැකිදැයි විමසා සිටින්න. බොහෝ විට ඔබට වාසියක් අත්වේවි.
කොහොම වෙතත් තැරැව්කරුවෙකුගේ සේවය ලබාගත් අවස්ථාවක වාසිය තකා ඔවුන්ව මගනොහරින්න. එය එතරම් යහපත් ගුණධර්මයක් නොවේ.
8. වටපිට
ඉඩම සුන්දර සහ අතේ ඇති මුදලට වටින එකක්නම් ඒ දේවල් වලින් ඇස් අන්ධ කරනොගෙන අවසාන වශයෙන් බැලීමට තව දෙයක් තිබෙනවා. ඒ තමයි ඉඩමේ අසල්වැසියන් සහ වටපිටාව.
ඔබේ ජීවන රටාවට සුදුසු වටපිටාවක් සහ අසල්වැසියන්ගෙන් යුක්ත පරිසරයක්ද කියා විමසා බලන්න. උදාහරණයක් හැටියට ඔබ නිශ්ශබ්දතාවයට සහ පෞද්ගලිකත්වයට මුල් තැන දෙන අයෙක් නම්. ඔබේ ඒ ජීවිතයට බාධා ඇතිකරන සාධක අවට ඇත්දැයි විමසන්න. පාසැල්, පන්සල්, කෝවිල්, පල්ලි නිසා ඇති විය හැකි වාහන තදබදයන් හා ලව්ඩ්ස්පීකර් භාවිතය සමඟ ඔබට ජීවත් විය හැකිදැයි හොඳට සිතා බලන්න.
ඉඩම මිලදී ගන්නට පෙර මේ කරුණු සැක හැර දැනගැනීමෙන් ඔබේ අනාගත වාසභූමිය හෝ ආයෝජනය සුරක්ෂිත යහපත් තැනක් වෙනු නොඅනුමානයි.
avatar
roshana7549
Posts : 280
Join date : 2014-04-18

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sat Mar 26, 2016 10:57 am
Message reputation : 100% (2 votes)
Thanks nihal, Very useful post....
avatar
Danidu
Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sun Mar 27, 2016 1:19 am
Message reputation : 100% (1 vote)
Thank you Nihal !
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Wed Mar 30, 2016 11:09 pm
Message reputation : 100% (3 votes)
අපි හැමෝගෙම ආසාව තමයි දුක් මහන්සියෙන් හදා ගන්න නිවසේ කාටවත් කරදරයක් නැතුව සුවෙන් සතුටෙන් වාසය කිරීම.ඒත් හමහරවිට අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම හෝ නොසැලකිල්ලෙන් හෝ නීතිමය වශයෙන් සිදුවන වැරදි වලින් නිවැසියාගේ මානසික සුවය පමනක් නොව ආර්ථිකයද දෙදරා යා හැකියි.අද බලමු නිවසක් ඉදි කිරීමේදී සිදුවිය යුතු නීතිමය කරුණු මොනවද කියලා….
1. මුලින්ම ඉඩමක් මිලට ගැනීමේදී එහි නිරවුල් ඔප්පු තිබේදැයි සොයා බලන්න.ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් මේ පිලිබඳ වැඩි දුර සොයා බලන්න පුලුවන්.පවුලේ ඉඩමක උනත් ඉදි කිරීමක් කිරීමට පෙර තමාට හිමි ඉඩම් කොටස නීතිමය වශයෙන් වෙන්කර ගැනීම ඉතා වැදගත්.මොකද කියනවනම් ඇතැම් විට එවැනි හේතු නිසා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ගැටුම් ඇතිවන අයුරු අප කොතෙකුත් දැක ඇත.

2. නිවසට පිවිසීමේ මාර්ගය පිලිබඳව අනිවාර්යෙන් සොයා බලන්න.මේ සඳා වීථි රේඛා සටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න.

3. ඉදිකිරීමට බලාපොරොත්තුවන ගොඩනැඟිල්ලේ සැලසුමක් ඉඩම් කැබැල්ල අයත් වන නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගන්න.නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කල නොහැක.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි.නිවැරදි සැලසුමක් අනුමත කරගැනීමෙන් අපට අත්වන වාසි රැසකි.

(-) ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමානවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු සැලසුම අනිවාර්යයෙන් එදිරිපත් කල යුතුය.

(-) පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අදිවේගී මාර්ග ) ඔබේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුය.
(-) හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.

(-) පසු කාලීනව ගොඩනැගිල්ලේ වේසක් කර ඉය අනුමත කර ගනීමේදී පෙර සැලසුනේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය. (අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවේ.)

4. ඉඩමක මායිමක් හෝ ඉනි වැටක් කිසිම ලෙසකින් නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට අවසරයක් නොමැත.ඉඩම් කට්ටි කිරීමේදී යොදා ගන්න මායිම් ගල් ගැලවීමට හෝ වෙනස් කිරීමට නොහැක.

5. ප්‍රාදේශීය සභා සීමාවක නිවසට පිවිසෙන මාර්ගයේ මද්ය ලක්ශ්යයේ සිට ගොඩනැඟිල්ලට ඇති දුර අවම අඩි 20 ක් විය යුතුය.(මෙම අඩි ප්‍රමානය ප්‍රාදේශීය සභාව අනුව වෙනස් විය හැක.නගර සීමා වලද මෙය වෙනස් වේ)

6. ගොඩනැඟිල්ලේ වහලේ මායිමේ සිට අනිත් එඩමේ මායිමට ප්‍රාදේශීය සභා සීමාවක අවම අඩි7′ ක් තිබිය උතුය.ජනෙල් හෝ දොරවල් නොමැති හිස් බිත්තියක් පමණක් නම් අඩි5ක් විය උතුය.එසේ නොමැතිනම් අනෙක් ඉඩමේ මායිමටම කර ගොඩනැඟිල්ල ඉදි කර හැක.එහිදී කිසිවිටෙකත් වහලය අනෙක් ඉඩමට පැන්නවිය නොහැක.වැසි වතුර අනෙක් ඉඩමට නොවැටෙන ලෙස සෑදිය උතුය.ජනෙල් හෝ දොරවල් කිසිවක් නොතැබිය යුතුය.ආලෝකය ලබා ගැනීමට පමනක් වීදුරු ගඩොල් වැනි දෙයක් පාවිච්චි කර හැක.

7. ප්‍රාදේශීය සභා සීමාවක නම් වැසිකිලි වල සහ ලිඳ අතර අවම අඩි 40ක් වත් දුරක් තිබිය උතුය.මෙයද නගර සීමාවකදී අඩි 30ක් පමන වන තුරු අඩු වේ.

8. නිවසේ සෑම කාමරයකම බිත්ති වල වර්ග ප්‍රමානය මෙන් 1/8ක් ප්‍රමානයක් විවෘත විය (දොර, ජනෙල්) යුතුය.එසේ නොහැති අවස්තා වලදී මැද මිදුලක් නිර්මානය කර වාතාශ්‍රය සඳහා ජනේල තැබිය හැක.


උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
avatar
Market lover
Top contributor
Top contributor
Posts : 595
Join date : 2014-10-15

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Thu Mar 31, 2016 12:18 am
Message reputation : 100% (1 vote)
Tks a lot Nihal for ur regular updates on this useful thread Smile
avatar
sanjulanka
Posts : 180
Join date : 2015-10-29

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Thu Mar 31, 2016 7:15 am
Message reputation : 100% (1 vote)
Thank Mr,Nihal I love you I love you I love you
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Mon Jun 20, 2016 9:53 pm
Message reputation : 100% (3 votes)
ලිපි අංක - 03
වාස්තු ශිල්පයේදී නිවස සම්බන්ධයෙන් අවධානයට ලක්වන ප්‍රධාන අවස්ථා 03 කි.
1.පූර්ව වාස්තු අවස්ථාව
2.ගෘහය සැලසුම් කිරිම
3.ඉදිකිරිම් අවස්ථාව
පළමුව ඉඩමක් තෝරා ගැනිම,ඉඩමේ භූමි ඥාතින්ගෙන් අවසර ලබා ගෙන ඉඩමට ඇතුලුවිම, ගෘහ හිමියාට ඉඩම බල ගන්වා සක්‍රීය කිරිම,මූලික මූලධර්මයන්ට අනුව පසුව ගෘහය සැලසුම් කිරීම කලයුතු වේ.වර්තමානයේදී ගෘහය ඉදිකිරීමෙන් පසුව පරිහරණය සම්බන්ධයෙන් දක්වනුයේ ඉතාමත් අඩු සැලකිල්ලකි. මේ නිසාම පසු කාලයේදී ප්‍රශ්ණ රාශියක් අමතරව හිස දරා ගැනීමට ඔබට සිදුවනු ඇත.
නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ දී වාස්තු නොගැලපෙන අවස්ථා
1.නිවසේ පෞරාණික බව උද්දීපනයට පැරණි ගොඩනැගිලි වහල ලක්ෂණ යොදා ගැනිම/උඩරට පැරණි වලව්/නිවාස හෝ අම්බලම් ලක්ෂන ඇතුලු කිරිම/ විහාර වල වහල සහ හැඩතල යෙදිම ගෘහ නිර්මාණ ශිල්පින් තමන්ගේ නිර්මාණයන්ට එකතු කරනුයේ නාගරික තරගයට මුහුණ දිම සදහායි. එවැනි කරුනු අප විසින්ම ලගා කර ගන්නා දෝෂ ලෙස හදුන්වා දිය හැකිය.
2. වහලය සදහා කැණිමඩල ලක්ෂන යෙදිම පල 03 ගැසිමේදි සොහොන් පරාල ලක්ෂන යෙදිම/අම්බලම් වහල/ දෝෂ සහිත වේ. ප්‍රධාන ද්වාරය සදහාද පැරණි හැඩතල යෙදිම/ එළියට විවාත වන ලෙස පියන් යෙදිම/කලු වර්ණය භාවිතා කිරිම/වාස්තු ශිල්පයේ දි දොර දොරක් ලෙසත් ජනේලය ජනේලයක් ලෙසත් බල ගැන්විය යුතුවේ. වර්තමානෙයේ නිවාස සදහා කදන්
03 පමණක් යොදා සකස් කරන ජනේල බල ගැන්වෙන්නේ ජනේල වශයෙන් නොව දොරවල් ලෙසයි.(FW)
3. නිවාස අලංකරණය සදහා ගාහ නිර්මාණ ශිල්පියා ජල පොකුනු/තටාක/ දිය ඇලි/ දිය අගල්/ යොදා ගනී මේවා කිසි සේත් සුදුසු ගාහ අංග නොවේ. යොදා ගැනිමට අත්‍යාවශයම නම් ඉතාමත් සුදුසු ස්ථාන සදහා වාස්තු ගැලපිම් කිරීමෙන් පසුව පමණක් ඉදි කිරිම සුදුසු වේ.නිවසක් තුල ජලය හෙවත් අපෝ ධාතුව රැදවිය හැකි ස්ථාන සහ නිශ්චිත දිශාවන් පවති. උතුරු/නැගෙනහිර/ඊශාන/ බටහිර දිශාවල ජලය රැදවිය හැකියි. දකුණ/නිරිත/ගිණිකොන/වයඹ ජලය රැදවිය නොහැක. අශුභයි.
නිවසේ කාන්දුවන විශ්ව ශක්තිය ප්‍රභල කරගත හැකිවේ. මිනිසාගේ භෞතික පැතිකඩට අමතරව ආධ්‍යාත්මික පැතිකඩ උපරිම වශයෙන් දියුණු වූ යුගයක් පවතින ලදී. වාස්තු විද්‍යාවේ පාරභෞතික ශක්ති විශේෂයන් කිහිපයක් මිනිසාගේ කටයුතු කෙරෙහි බලපාන ආකාර කිහිපයකි. නිවසට වාසනාව මෙන්ම අවාසනාව ගෙනෙන විශ්වීය සංකේත කිහිපයකි.
1.ස්වස්ථිකය සලකුණ
2.විනාශම් ලකුණ හිට්ලර්ගේ යුධ සලකුණ
ස්වස්තිකය යනු විශ්වීය ලාංඡනයකි.
මෙම ලකුණෙන් පිහිට ලබා ගැනීමට පෙර කුසල් තිබිය යුතුය. ස්වස්තිකය ලාංඡනය හා විනාශම් ලාංඡනය අතර වෙනස එක එල්ලේ හදුනා ගන්න අපහසඅයි. සෞභාග්‍ය හා විනාශය කැන්දන මෙම ලාංඡනයේ එක් පැත්තක් අයත් වන්නේ ස්වස්ථිකයට වන අතර, අනෙක් පැත්ත විනාශම් ලකුණට අයත් වේ.ස්වස්තික ලාංඡනය දෝලනය වන්නේ දක්ෂිණාවෘර්තවයි. එනම් සොබාදහමේ දිශාවට චලනය වීම යනුයි. සොබාදහමේ දිශාව දකුණයි. නියම ස්වස්ථික ලාංඡනයකට සුළං වැදුන විට දකුණට කැරකැවීම සිදුවේ. නමුත් විනාශම් ලකුණ කැරකැවෙන්නේ වාමාවෘර්තවයි. නැතහොත් සොබාදහමේ විරුද්ධ දිශාවටයි. වමට කැරකැවෙන සෑම දෙයක්ම ගමන් කරන්නේ ආ පස්සට බව මෙහිදී සිහියේ තබා ගත යුතුය.
විනාශම් ලකුණ හමුවන ප්‍රබල ස්ථාන
මෙරට ජනතාව අතර දේව රූප ප්‍රබල වශයෙන් භාවිතා වෙනවා. ගණ දෙවියන්/ලක්ෂමී දේවිය/සරස්වතී දේව රූපවල මෙම විනාශම් ලකුණ ඇතුලත් කර තිබේ. ව්‍යාපාර කරන බොහෝ අය ලක්ෂමී සහ ගණදෙව් රූප භාවිතා කරයි. 1970 දශකයේ සිට මෙම භාවිතය ආරම්භ වී ඇත. මෙලෙස දේවරූප වල මෙන්ම ලාංකිකයන් භාවිතා කරන යන්ත්‍ර වලද විනාශම් ලකුණ නොදැනුවත්කමින් යොදා තිබෙන අවස්ථා දැකිය හැකිය.
ස්වස්ථිකයේ ප්‍රයෝජන
නිවසේ සහ ව්‍යාපාරයේ විශ්ව ශක්තිය උරා ගැනීම ප්‍රබල කරයි. මේ නිසාම වාස්තුදෝෂ දුරුවේ.
ස්වස්ථිකය දර්ශනය වීමෙන් මනස සැහැල්ලු වේ. ලේ ධාතුව පිරිසිදු වේ.
ස්වස්ථිකය මත දක්ෂිණාවෘර්තව දෑත චලනය කිරීමෙන් තමන්ගේ අරමුණ ඉටුවේ.
ඔබගේ ගාහයට දෙවියන්ට ආරාධනා කරන ලාංඡනය වේ.
දරුව්නගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
සතුරු උවදුරු දුරුවේ/ධනය ලැබේ/ රෝග මැඩේ/යහපත් දෑ සිදුවේ.
විනාශම් ලකුණේ විපාක
නිවසේ සහ ව්‍යාපාරයේ විශ්ව ශක්ති දුර්වල වේ. වාස්තු දෝෂ බලවත් වේ.
විනාශම් ලකුණ දර්ශනය වීමෙන් මනස අවුල් වේ.ලේ ධාතුව අපිරිසිදු වේ.
ඔබගේ ගෘහය අමනුෂ්‍යයන්ට ප්‍රියවේ
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වේ.සතුරු කරදර බහුල වේ.
දිලිදු වේ/රෝග වේ/ස්වාමිභාර්යා අසමගිය වැඩිවේ
සියලු අයහපත් දෑ සිදුවේ.
ගිනි කතුර පිළිබද වාස්තු මතය
වාස්තුවේදී මේ පිළිබදව මත රැසකි.ගිනිකතුර සංකල්පයෙන් නිවසක දිග/පලල පිළිබදව සොයා බලා ගෘහ පිණ්ඩය සැකසීම නිවැරදි ක්‍රමය නොවේ. අතීතයේ මෙන් හරි හතරැස් නිවාස නූතනයේ දක්නට නොමැත. විවිධ හැඩතල පවතින බැවින් නිවසේ නිශ්චිත වර්ග අඩි ප්‍රමාණය වඩුරියන් වලින් ගණනය සංකීර්ණ වි තිබේ. නිවැරදිම ක්‍රමය වන්නේ නිවසේ දොර/ජනෙල් වැසූ පසුව නිවසට යටවන වර්ග අඩි ප්‍රමාණය විද්‍යානුකූලව ගණනය කිරීමයි. ඒ තුලින් වර්ග වඩු රියන් ප්‍රමාණය ගණනය කොට ගෘහයේ නැකත් සකස් කිරිම නිවැරදි ක්‍රමය වේ. ගිනිකතුර සංකල්පය යොදා ගන්නේ නිවසේ බ්‍රහ්ම පාදය සොයා ගැනීම සදහායි. බොහෝ දෙනා නිවසේ දල සැලැස්ම තුල මුලු පෑහෙන පරිදි ඡේදනය වන ලෙසට අදින රේඛාවන්ගේ මධ්‍යය ලක්ෂය බ්‍රහ්ම පාදය ලෙස යොදා ගනි. මෙය 100% නිවැරදි වාස්තු ශිල්පීය ක්‍රමය නොවේ. මෙවැනි අවස්ථාවකදී එම රේඛාවට දොර ජනෙල් කැපී යන ලෙස පිහිටුවීම දෝෂයක් බව ඇතැම් ශිල්පීන්ගේ මතයයි නමුත් එවැනි දේ දෝෂ නොවන බව ඔබ සිහියේ තබා ගන්න.

Bandara Wijesundara-- FB
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Mon Jun 20, 2016 10:22 pm
Message reputation : 100% (5 votes)
නිකරුණේ මුදල් කා දමන නිරිත දෝෂ


භාරතීය වාස්තු ශාස්ත්‍රය පිළිබඳවද චීන වාස්තු ශාස්ත්‍රය සැලකුවද ඊසාන දිශාවෙහි ඇති වටිනාකම අගය පිළිබඳ ඇත්තේ පූර්ණ එකඟත්වයකි. එහෙත් භාරතීය වාස්තු ශාස්ත්‍රයේ නිරිත දිශාවට දී ඇති අගයද ඉක්මවා නූතන වාස්තු ශාස්ත්‍රයේ දී මේ දිශාවට වැඩි වටිනාකමක් දී ඇති බව පෙනෙයි.

ඊසාන දිශාව ඔස්සේ නිරිත දිශාවට ගලා එන අන්තරීක්ෂ ශක්තිය එක්රැස්ව ගබඩා වන්නේ නිරිත දිශාවේය. එවිට නිවසේ අන්තරීක්ෂ ශක්ති ඝනත්වය (වඩා නිවැරදි යෙදුම වන්නේ තීව්‍රතාව – දබඥදඵඪබර යන්නයි) වැඩිම වන කොටස නිරිත ප්‍රදේශය වෙයි. එවැනි නිරිත අන්තයක ජීවත් වන්නා නිවැසියන් අතර බලවතකු බවට පත්වීම වැළකිය නොහැකිය.

සාම්ප්‍රදායික භාරතීය වාස්තු ශාස්ත්‍රයේ දී පඨවි ධාතුව හෙවත් තදබව නම් ගුණයට හිමි දිශාව වන නිරිතේ ගෘහ මූලිකයාගේ නිදන කාමරය පිහිටුවීමද මෙයටම ගැළපෙයි.

එසේ වූ විට ගෘහමූලිකයාගේ බලවත් බව ඇති වී නායකත්වය සුරැකී පවු‍ලේ එක්සත් බව ගොඩනැගී එක් පවුලක් ලෙස දියුණුවෙන් දියුණුව කරා යෑමේ හැකියාව ඇතිවනු නියතය.

මේ අනුව අප නොයෙක් වර දක්වා ඇති පරිදිම දූදරුවන් හෝ මෙහෙකරුවන් ආදීන් හෝ නිරිතෙහි යෙදීම නොකළයුතු දෙයක්ම බව අවධාරණය කළ යුතු වේ. එසේම නිවසේ නිරිත කෙළවරක පිහිටුවා ඇති නිදන කාමරය ගෘහ මූලිකයාට නොදී හිස්ව තැබිම නිසාත්, පවු‍ලේ ඒකාත්මික බව නැති වී, විසිරී ගිය තත්ත්වයක් පවුල තුළ ඇතිවිය හැකි බවද වටහාගත යුතු වේ.

මේ කරුණු සලකා බලා නිරිත දිශාවෙහි කෙසේ හෝ කාමරයක් පිහිටුවා එහි ගෘහ මූලිකයන් ජීවත්වීම සිදු කළ අවස්ථා අපට දක්නට ලැබි ඇත. එය අතිශය ප්‍රතිඵලදායක පිහිටීමක් බව කිව යුතුව තිබේ. එසේ වුවත් නිරිත දිශාවට අදාළ වාස්තු ශාස්ත්‍රීය දෝෂ පවත්නේ නම් ඒවායේ බලපෑම නිසා නිරිතෙහි පිහිටි ප්‍රධාන නිදන කාමරයෙන් වන වාසියද ඉක්මවා හානි විය හැකියි.

නිදසුනක් ලෙස නිරිත දිශාව ඊසානයට වඩා පහතින් පිහිටා තිබිම දැක්විය හැකියි. මීට අමතරව නිරිත දිශාවේ (කෝණයේ) වැසිකිළි හෝ ළිං හෝ වෙනත් වළවල් පිහිටා තිබිම හෝ ඊසානයට වඩා නිරිත කෙළවරේ ඉඩකඩ වැඩි වීම දැක්විය හැකියි. මෙවැනි දෝෂ සහිත නිරිත දිශාවක් සහිත නිවසක ප්‍රධාන නිදන කාමරය නිරිතේ පිහිටා තිබුණද ප්‍රතිඵලය යහපත් එකක් නොවනු ඇත. එසේ වුවත් දෝෂ නිවාරණය කර ගන්නා ශක්තිය ලබා ගැනීම සලකා හෝ නිරිත දිශාවේ කාමරයක ගෘහ මූලිකයා නිදා ගැනීම ඉතා වැදගත් බව කිව යුතුයි.

මෑතකදී අප විසින් පරීක්ෂා කරනු ලැබූ ගාල්ල ප්‍රදේශයේ එක්තරා නිවසක මෙකී සිද්ධාන්ත ඉතා ප්‍රායෝගිකව අත්දකින්නට අපට හැකි විය. ඉතා අලංකාර ලෙස සකස් කර ඇති නිවසක් වුවත් එය පිහිටා තිබුණේ මට්ටම් කීපයකින් යුතුවන සේය. නිවසක් මට්ටම් කීපයකට තිබිම ‍පොදුවේ ගැටලුවක් නොවුවත් මේ නිවසේ බැස්ම පිහිටා තිබුණේ අප පෙර කී පරිදිම ඊසානය ඉතා උස්ව හා නිරිත ඉතා පහතින් වීම මෙහිදී සලකා බැලිය යුතු වෙයි.

මෙසේ පහතින් පිහිටි නිරිත අන්තයක් හිමි නිවසක වියදම් පාලනය ඉතා අසීරු වෙයි. අනවශ්‍ය වියදම් ඉතා අධික වෙයි. නාස්තිකාර කටයුතුවල නොයෙදී ඉතා චරිතවත් ලෙස අරපිරිමැස්මෙන් ක්‍රියාකරන්නට වුවත් රෝගාබාධ වැලඳී හෝ වියදම් ඇති වීම මෙවැනි නිවසක ස්වභාවයයි.

අප නිදසුනක් ලෙස ඉදිරිපත් කළ නිවසේ පෙර නිරිතේ වළවල් ගණනාවක්ද පිහිටා තිබූ අතර බටහිර නිරිත මිදුල ඉතා විශාලවත්, ඊසාන නැගෙනහිර මිදුල ඉතා පටු ලෙසත් සකස් වී තිබිණි.

මේ වාස්තු පරිසරය යටතේ එන ප්‍රතිවිපාකවලට නිවැසියන් බලවත් ලෙස මුහුණ දී ඇති අයුරු අපට දැක ගැනීමට ලැබිණි. සැලකිය යුතු ආදායමක් ඇති ගෘහමූලික මහත්මා ඉතා ධර්මානුකූල ලෙස කල් ගෙවන උගතෙකි. එක් දුවණියක් හා දැන උගත් සමාජ අවබෝධය ඇති බිරිඳක් මේ පවු‍ලේ කටයුතු මනා පිළිවෙළකින් පවත්වාගෙන යති. එසේ වුවද වාස්තු දෝෂ විසින් කරන බලපෑමෙන් ඔවුන්ට ගැලවී යෑමට ඒ කිසිවක් ප්‍රමාණවත් නොවීය.

නිවසේ පදිංචි වූ මුල් කාලයේදීම එකම දුවණිය පඩිපෙළෙන් වැටී පිටකොන්ද ආශ්‍රිතව ආබාධයක් වී විශාල මුදලක් වැය වී කරදරයට පත් විය. කරනු ලබන වැවිලි කර්මාන්තවලට පවා කළ යුතු වියදම් වැඩි බවක් කියැවිණි. නිවසට අයත් වියදම් නිරතුරු සිදු වේ. හොඳින් පදම් කළ මැ‍ලේසියාවෙන් ආනයනය කළ දැවයෙන් කරන ලද වහලයේ පරාල ගණනාවක් තෙමීමක් නොමැතිව වසර කීපයක් ඇතුළත දිරා ගොස් ඇති අයුරු දැක්කෙමු. අලුතින් මිලදී ගත් විදුලියෙන් ධාවනය කෙරෙන වාහනයේ වයර් ආදිය බළලුන් හතර දෙනෙකු සිටියදී මීයන් විසින් කපා විනාශ කර තිබිණි. මීට අමතරව ළඟ ළඟ සිදු වූ විවිධ අහේතුක වියදම් රැසක් නිවැසියන්ගෙන් අපට දැන ගැනීමට ලැබිණි.

මෙහිදී සටහන් කළේ මෙවැනි අත්දැකීම් ගණනාවකින් එකක් පමණි. ප්‍රායෝගිකව අප ලත් අත්දැකීම්වල සාරය නම් ඊසාන ඉහළින් හා නිරිත පහළින් පිහිටි නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන අතිශය වියදම් අධික, නාස්තිකාර තත්ත්වයන් උදා කරන බවයි.

මෙවැනි තත්ත්වයක් මහාචාර්ය ජිතෙන් භට්තුමන්ගේ පයිරා වාස්තු විසඳුම් අනුව පිරමීඩ 9 බැගින් ඊසානයේ හා නිරිතේ යෙදීමෙන් පහසුවෙන් නිවැරදි කළ හැකිය. මේ නිසා පවත්නා වෙනස නිවැරදි කිරීමට භෞතික වශයෙන් කළයුතු අධික වියදම නොමැතිව සරල අයුරින් සාර්ථක විසඳුමක් ලබාගත හැකි වනු ඇත.

http://architect.tharunaya.us/show1.php?id=1466398166
avatar
PriyanDV
Posts : 15
Join date : 2014-10-15

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Tue Jun 21, 2016 11:53 am
Message reputation : 100% (2 votes)
This is really helpful. Thank you so much nihal
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Tue Jun 21, 2016 12:11 pm
Message reputation : 100% (4 votes)
නිහාල් මහතානනී ඔබගේ ලිපියට බොහෝ ස්තුතිවන්ත වෙමි. නමුත් පෞද්ගලිකව මා කිසිදු මිත්‍යා මතයක් විශ්වාස නොකරමී. සුබ අසුබ වේලාවල්ද විශ්වාස නොකරමි. මා විශ්වාසය තබනුයේ අප කරන ක්‍රියාව සහ එහි ප්‍රථිපලය ගැන පමණි. (හේතු ඵල වාදය )
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sat Jul 02, 2016 10:40 pm
Message reputation : 100% (6 votes)
මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස..

අපි පසුගිය ලිපියෙ කිව්ව මහා පරිමාණ ඉදිකිරීමක ආරම්භය සහ සැළසුම සිදුවෙන ආකාරය පිළිබඳව. එතනදි මම පොරොන්දු වුනා තව කරුණු දෙකක්, ඒ කියන්නෙ

1. සුඛෝපභෝගි මහල් නිවසක අවැසි ඉඩ සහ සැළසුම

සහ

2. එවැනි ඉදිකිරීමක වර්ග අඩියක වියදම

ගැන ඊළඟ ලිපියෙ කතා කරනව කියල. මේ අන්න ඒ අවස්ථාවයි.



1. නිවාස සංකීර්ණයක ඉඩ සහ ප්‍රමාණ ගණනනය.

සාමාන්‍යෙන් ඕනම නේවාසික ගොඩනැගිල්ලක් කාන්ඩ තුනක් යටතෙ වර්ග කරන්න පුලුවන්. ඒ තමයි, අධි සුඛෝපභෝගී, සුඛෝපභෝගී ( අර්ධ සුඛෝපභෝගී තීන්නෙ ලංකාවෙ විතරයි - ඒක මිත්‍යාවක් නිසා අතෑරල දාමු ) සහ සාමාන්‍ය කියල.

මෙතනදි මේ ගොඩනැගිල්ල අදාල කාන්ඩයට අයත් වෙන්න එහි තිබෙන පහත පහසුකම් බලනව.

1. පිහිටා තිබෙන ස්ථානය
2. නිවසක තිබෙන ඉඩ ප්‍රමාණය සහ කාමර ගනන
3. නිර්මාණයේදි භාවිත කල අමුද්‍රවය
4. අභ්‍යන්තර නිමාවේ තත්වය
5. ආරක්ෂක උපාංග සහ ක්‍රමවේද
6. පොදු පහසුකම් හා ඒවායේ තත්වය
7. වෙනත් විශේෂාංග

මොනම වටිනා, ඉඩ කඩ ඇති සුපිරි නිවසක් උනත් එය තීන්නෙ අත්තිඩියෙ බඩෝවිට හරි, බොරැල්ලෙ සීවලී පාරෙ හරිනං ඒක වටින්නෙ නෑ. ඒ වගේම ඒක ඉහල පැළන්තියෙ කියන ඝනයට වැටෙන්නෙත් නෑ.

ඒ වගේම තමයි ඉඩ ප්‍රමාණය. මේ ඉඩ ප්‍රමාණය ලෝකෙ රටින් රටට වෙනස්. උදා හරණයක් විදියට ඉඩ කඩ සීමිත ටෝකියොවෙ තට්ටු නිවසක සම්පූර්ණ ප්‍රමාණය වර්ග අඩි 600ක් වෙන්නත් පුලුවන්. එකම ලංකාවෙ අඩි 1500ක් වෙන්නත් පුලුවන්. ඒ රටේ තිබේ සම්පත් අනුව.

මතක තියා ගන්න මම මෙතන සුපිරි කියල කියන්නෙ "සුඛෝපභෝගී" කියන අරුතින්. ඒ මට ලියන්න පහසුවට මිසක් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ "අධි සුඛෝපභෝගී" කියන එක. මම දන්න විදියට ලංකාවෙ එහෙම ෆ්ලැට්ස් නෑ. ඒ කියන්නෙ බාතෘම් වල වර්ල්පුල් ජැකුසි හයි කරල, හෙලිපෑඩ් වහලෙ හයි කරල, ඉතාලියෙන්, බ්‍රසීලෙන් එන ඉස්තරම් මාර්බල් වලින් පොලොව සරසල, ස්ටුකෝ ෆිනිශස් උලාපු බිත්ති, ගෝල්ඩ් ලීෆ් අතුරපු ප්‍රොෆයිල් සහ කෝර්නිෂ් තියෙන, ස්පාඤයෙන් බෙල්ජියමෙන් එන ක්‍රිස්ටල් චැන්ඩිලිය, ඇමරිකානු හෝ ස්විස් අරාක්ෂන පද්ධති, ජපානෙන් එන ස්වය්ංක්‍රීය වැසිකිලි කැසිකිලි පද්ධති වලින් පිරුනු අධි සුඛෝපභොගී මහල් නිවාස ලංකාවෙ හැදෙන්නෙ නෑ ඉල්ලුමක් නැති නිසා.

මෙතන අපි කතා කරන්නෙ ලංකාවෙ හැදෙන සුඛෝපභෝගී මහල් නිවාස ගැන. සාමාන්‍යන් ලංකාවෙ සුපිරි තට්ටු නිවසක් වෙන්නනම් අඩු ගානෙ කාමර තුනක්, සේවක කාමරය, නාන කාමර දෙකක් සමග වැසිකිලියක් සහ සේවක නාන කාමරය, කෑම කාමරය, විසිත්ත කාමරය යන අංග වලින් සහ අඩු තරමෙ එක බැල්කනියකින්වත් සමන්විත වෙන්න ඕන. එහෙම කියන්නෙ ලංකාව සාපේක්ෂව ටෝකියෝව, හොංකොන් වගේ ඉඩ සීමිත, වියදම ඉතාම අධික තැනක් හැටියට ගැනෙන්නෙ නැති නිසා.


අනික කෙනෙක් සුපිරි නිවසකට සුපිරි මිළක් ගෙවන්නෙ පහසුවට ඉන්න ඕන නිසා. කුකුල් කූඩුවකට එහෙම ගෙවන්න කවුරුත් කැමති වෙන්නෙ නෑ. ඒත් ඉතින් ලන්කාවෙ සමහර බ්‍රෝකර්ල වැල්ලවත්තෙ තීන දෙකයි පණහෙ ගෙවල් සුපිරි කියල ඇඩ් කරනව තමයි. හරිට කොරොල්ල හරි ඇක්සියෝ හරි "සුපිරි අධි සුඛෝපභෝගී මෝටර් රථ" කියල ඇඩ් කරනව වගේVery Happy. නමුත් සුපිරි ඒව හොයන මිනිස්සු එව්ව ගන්නෙ නෑ.


මේ ඉහත තීන්නෙ දැනට ලංකාවෙ ඉදිකෙරෙන අන්න එහෙම සුපිරි නිවාස සංකීර්ණයක් වෙන Havelock City නිවාස සංකීර්ණයෙ DavidsonTower නිවසක සැලැස්ම. ඒකෙ ඒ ගොල්ලො දක්වල තියෙන විදියට වර්ග අඩි එක්දාස් පන්සීයක් තීනව. සමහරෙකුට හිතෙන්න පුලුවන් මොන බොරුද, මේ කාමර තුනේ ගෙවල් එච්චර ලොකුද, මේ අය මේ කියන්නෙ ගෙට යන එන පැසේජ් එකේ තීන ඉඩ එහෙමත් අල්ලල කියල. ඒත් ඒක එහෙම නෙමෙයි. මට අදාල සමාගමේ මිතුරන් හරහා Davidson Tower සැළසුම ගන්න හැකි උනත් නොයෙක් හේතු නිසා ඒව මෙහෙම පලකරන්න වෙන්නෙ නෑ. ඒත් උදා හරනයකට සසැඳීමකට මම ඉදිකිරීමෙදි සහභාගි උන ලංකාවෙ නොවෙන වෙනත් සුඛෝපභෝගී (අධි සුඛෝපභෝගී - super luxury නොවේ ) නිවාස සංකීර්ණයක සැළසුමක් පෙන්වන්නම්.


මේ සැළසුමේ තියෙන්නෙ කාමර දෙකයි, නාන කාමර දෙකයි කුස්සියයි, කෑම/විසිත්ත කාමරයයි විතරයි. සේවක කාමර, විසාල බැලකනි වගේ Davidson Tower එකේ තියෙන සුපිරි අංග නෑ. ඒත් මම කාමරයෙන් කාමරට දක්වල තියෙන මිණුම් අනුව ඔබට බලාගන්න පුලුවන් ඒකක වර්ගඵලය.

හොඳට බලන්න, අපි මේ වර්ගඵලය මනින්නෙ බිත්ති අතෑරල. ( ඒත් ඔප්පු ලි යද්දි සම්පූර්ණ ගෙයි ප්‍රමාණය ගනිද්දි අන්තිමට බිත්ති වල වර්ගප්‍රමාණයත් මැනල අරන් එකතුකරනව. ). අඩු ගනනෙ පොදු පහසුකමක් වෙන සේවා උමග වත් ගනන් ගන්නෙ නෑ. මේ සම්පූර්ණ නිවසෙ වර්ග ඵලය බැල්කනිය සමග ( සේවා උමග රහිතව ) ගත්තම වෙන්නෙ වර්ග මීටර් 109 විතර. ඒ කියන්නෙ වර්ග අඩි 1172 විතර.

එහෙම බැලුවම කාමර දෙකක් විතරක් තීන නිවසක් 1100sqft වෙනකොට නිදන කාමර තුනක්, සේවක කාමර, විසාල බැල්කනි සහිත නිවසක් අඩි එක්දාස් පන්සීයක් වීම සාමාන්‍යයි කියල ඔබට පැහැදිලි ඇති. ඒකයි මම කලිනුත් කිව්වෙ ලෝකෙ මේ වගේ රටවල සුපිරි නිවසක් කියන්නෙ වර්ග අඩි 900 කුකුල් කූඩුවක් නොවෙන බව.

හොඳයි දැන් අපි කොහොමද මේ නිවසෙ වර්ග අඩියක මිළ තීරනය කරන්නෙ.

මේක මූලික අවස්ථාවෙදි හරි පැහැදිලියි. ඒ කියන්නෙ ඉදි කිරීම සැළසුම් කරන මොහොතෙදි බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. වෙන්නෙ මෙහෙමයි.

2.1 අර මම කලින් ලිපියෙ කිව්ව ප්‍රමාණ මිනුම් පත්‍රයට ( BOQ) අනුව ගොඩනැගිල්ල හදන්න යන සම්පූර්ණ වියදම ගණනය කරනව. ඒ කියන්නෙ මූලික ප්ලෑන් එක අඳින පුද්ගලයාගෙ ඉඳල අවසාන පීත්ත පටිය එල්ලන කෙනා දක්වා යන වැඩ කුළී සහ ඒ සියල්ලට යන බඩු කුලිය. මෙතන ගෙවල් ටික විතරක් නෙමේ ඉඩම සංවර්ධනය කරල, අත්තිවාරමේ ඉඳන්, පාකින්, ලිෆ්ට්, ක්ලබ් හවුස් වගේ සේරම පොදු පහසුකම් වල වියදමත් එකතු කරගන්නව.

එතනදි මේ වියදම බලන්නෙ සම්පූර්ණ බිල්ඩිමටම යන කොන්ක්‍රීට්, ගඩොල්, ටයිල් ව ල මිසක් බිල්ඩිමේ එක තැනක වර්ග අඩියක් හෝ මීටරයක් අරන් එතනට යන වියදම සම්පූර්ණ ගොඩ නැගිල්ලෙ වර්ග ප්‍රමාණයෙන් වැඩි කරල නෙමෙයි.

ඒ වගේම එක නිවසකට යන මුදල හොයල ඒක නිවාස ගානෙන් වැඩි කරලත් නෙමෙයි.

වෙන්නෙ ඒකෙ අනික් පැත්ත.ගනන් හදන්නෙ සම්පූර්ණ බිල්ඩිමට යන වියදම.

2.2 ඔහොම හදා ගන්න ඉදි කිරීමේ වියදමට ඉන් පස්සෙ එකතු කරනව වෙනත් වියදම්. ඒ කියන්නෙ ඉඩම මිළදී ගන්න මූලික පියවර තියාපු දවසෙ ඉඳල ගොඩනැගිල්ල හදන්න ආයතනයකට භාර දෙනකල් උනු අනෙකුත් වියදම්. ඒවට අර ඉඩම ගත්තු ගාන විතරක් නෙමෙයි, මැනපු ගාස්තු, බලපත් ගාස්තු, වගේම ඉඩම ගන්න බැංකු ණයක් ගත්තනම් ඒකෙ පොළිය එහෙමත් එකතු වෙනව.

2.3 ඉන් පස්සෙ එකතු කරනව ඉදිකිරීමෙන් පසු වියදම්. ඒ කියන්නෙ මේ ගොඩ නැගිල්ල සැළසුම් කිරීමීදී ගණනය කල කාලය පුරා නඩත්තුවට අවශ්‍ය මුදල, ඒ වගේම ගොඩ නැගිල්ල හදන්න බැංකු ණය ගත්තනම් ඒ පොළිය සහ අවසානෙ ගොඩ නැගිල්ල කාලෙ ඉවර උනාම කඩල අයින් කරන්න යන මුදල වගේ දේවල්.
මෙතනදි ලංකාවෙදි ඔය කඩල අයින් කරන වියදම් බොහෝ විට ගනන් ගන්නෙ නෑ, ඒ අපේ අය හදන්නෙ කඩන්න බලන් නෙමෙයි නිස. ඒත් දියුණු රටවල ඕනම ගොඩ නැගිල්ලක සැළසුම් කල ජීවිත කාලෙ ඉවර උනාම කඩල අයින් කරන්න ඕන.

ඉන් පස්සෙ මෙන්න මේ කියපු අටෝරාසියක් වියදම් වල එකතුව ඒ කියන්නෙ අපි උදා හරනෙකට ගමු මෙහෙම.

2.1 බිල්ඩිම හදන්න මිලියන එකයි.

2.2 ඉඩමට මිලියන එකයි + බිල්ඩිම හදන්න පටන්ගන්න කලින් ගිය වියදම රුපියල් මිලියනයි.

2.3 අවුරුදු පණහක් නඩත්තුවට සහ ඉන්පස්සෙ කඩල අයින් කරන්න මිලියන දෙකයි.

සේරම වියදම මිලියන පහයි.

ඔන්න වියදම.

දැං කොහොමද වර්ග අඩියක වියදම හොයන්නෙ.

මෙන්න මෙතනදි තමයි Marketing වියදම සහ Construction වියදම කියන දෙක කරළියට එන්නෙ.

කන්ස්ට්‍රක්ෂන් අඩියක ( වර්ග ඒකකය ) මිළ.

අර මම උඩ අංක 2.1 වල කිව්ව මේ ගොඩ නැගිල්ල අත්තිවාරමේ ඉඳල අවසාන තීන්න්ත ටච් අප් එක ( මේකට සුදුසු සිංහල වචනයක් දන්න කෙනෙක් දෙන්න ) දක්වා ගිය වියදම තමයි කන්ස්ට්‍රක්ෂන් වියදම. මේක අපේ උදා හරනෙ විදියට මිලියන එකයි. එතකොට ඒ මිලියන එක බෙදනව අපේ ගොඩ නැගිල්ලෙ සමස්ථ වර්ගඵලයෙන්. ඒ කියන්නෙ උදා හරණයක් විදියට ගොඩ නැගිල්ල තට්ටු දහයයි, එකක අඩි දාහයි නම්, මිලියනය බෙදනව 10,000න්. එතකොට වර්ග අඩියකට වියදම රුපියල් 100. මේ ගණනය කිරීමෙ ක්‍රමයට QS වල කියන්නෙ Floor Area Method කියල. මීට අම්තරව දළ වටිනාකම හොයන පහසු ක්‍රම තව් කිහිපයක් තියෙනව Cube Method, Typical Bay Method වගේ. ඒත් බහුලව භාවිතා වෙන්නෙ මේ ක්‍රමයයි.

වෘත්තීය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවො, ප්‍රමාණ සමීක්ෂක ආයතන, ඉංජිනේරු ආයතන තමන් සම්භන්ධ වෙච්චි මේ වගේ එක සමාන මට්ටමේ ගොඩනැගිලි කිහිපයක දත්ත එකතු කරල විශ්ලේෂනය කරල වර්ග අඩියක් සඳහා යන සම්මත මිළක් හඳුනාගෙන ඒක පාවිච්චි කරනව මිණුම් දන්ඩක් හැටියට. ඒ කියන්නෙ අර මම කලින් ලිපියෙ කිව්ව වගේ කෙනෙක් අලුතෙන් ගොඩ නැගිල්ලක් හදන්න බලාපරොත්තු වෙනවනම් ඒ වගේ දෙයකදි දළ වියදම හොයා ගන්න වගේ ප්‍රාථමික මට්ටමේ ගණනය කිරීම් වලට යොදා ගන්නව.

මේ පහත තීන්නෙ ලංකාවෙ ප්‍රකට ඉදිකිරිමේ සමාගමක් මීට වසර හතකට විතර කලින් කරපු එවැනි දත්ත එකතුවක්. ලංකාවෙ උද්ධමනය ඉහල නිසා මේවගෙ වර්ථමාන වටිනාකම් වෙනස් වෙලා. මෑතකදි කරපු මෙහෙම දේවල් එළියට දෙන එක සදාචාරත්මක නොවෙන නිසා තමයි පරණ දත්ත පෙන්වන්න උනේ.






දැන් මාර්කටින් වල පෙන්වන අඩියක වියදම හොයාගමු.

ඒකට තමයි අර මම කිව්ව සම්පූර්ණ වියදම ඕන වෙන්නෙ.

දැන් අපේ උදා හරනෙ විදියට ඒක මිලියන පහයි.

එතකොට මේ තට්ටු දහයෙ බිල්ඩිමේ තට්ටු අටක එකක ගෙවල් හතර ගානෙ ගෙවල් තීනව කියමු. එතකොට සම්පූර්ණ ගාන ගෙවල් 32යි. මේ ඔක්කොම ගෙවල් එක සමාන කියල අපි පහසුවෙන්න හිතුවොත්, එක ගෙයක ඇතුලත වර්ගඵලය අඩි දෙසීයයි කියල ගත්තොත් ( පොදු මං පෙත් පඩි පෙළවල් අයින් කරල ) සම්පූර්න ගෙවල් වර්ග අඩි ගාන 6400යි.

එතකොට වෙන්නෙ අර මිළියන 5 මේ 6400න් බෙදනව. එතකොට මුලින් අඩිය 100ට තිබ්බ ගෙවල් අඩියක දැන් වියදම වෙනව රුපියල් 781ක්. ඇත්තටම මේක තමා සැබෑ අඩියක "වියදම" වෙන්නෙ. ( මතක තියා ගන්න මේක ඉදි කිරීමේ වියදම නොහොත් construction cost නෙමෙයි ).

ඉන් පස්සෙ තමයි මිළ කරන්නෙ.

ඕනම තට්ටු නිවසක් විකුණද්දි ඔප්පුවෙ තියෙන්නෙ නිවසෙ ඉඩ ප්‍රමාණය විතරයි.

ඒ නිසා පොදු පහසුකම් වල ඉඩ අල්ලල බොරු ගනන් වැඩි කරල කියන්න බෑ. මොකද ඔප්පුවෙ තියන ප්‍රමාණය මැනල බැලුවොත් අහුවෙන නිසා. ඒ නිසා තමයි ඒ පොදු පහසුකම් වල වියදම මිළට එකතු කරන්නෙ.

දැන් අපේ උදාහරනෙ විදියට අඩියක් රුපියල් 781 වෙන ගෙයක අඩියක් විකුනන්නෙ කීයටද?

ඒක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. මේ මිළ සඳහන් කරන්න නොයෙකුත් හේතු බලපානව.

මේ වෙනකොට අදාල ප්‍රදේශයෙ නිවාස වල තියෙන ඉල්ලුම වැනි බාහිර, හිමිකරුගෙ පාළනයෙන් පිට තිබෙන දේ වගේම, ඒ ඒ නිවාස තිබෙන මහල, ජනෙල්වලින් ලැබෙන දර්ශනයේ සුන්දරත්වය වගේ නොයෙකුත් හේතු මත එකම නිවාස සංකීර්ණයක එකම පිරිවිතරයන්ට (specifications) හදපු ගෙවල් එක එක ගනන් වෙනව.

ඒ වගේම නිවාස සංකීර්ණ වල කෙරෙන ව්‍යාපාරික සූදුව තමයි හදන්න කලින්ම විකුනන්න ගන්න එක.

එතකොට අර මූලික වියදම, අපේක්ෂිත ලාභය වගේ කරුණු කීපයක් මත විතරක් මිළ තීරනය උන ගෙයක් අඩුවට ගන්න පුළුවන්.

ඒත් මිළදී ගන්නා දරන්නෙ අවධානමක්, මොකද කියන කොලිටියට සහ කාලෙට වැඩේ නොකෙරුන්තො ස ල්ලි වතුරෙ. (පහුගිය කාලෙ ඩුබායි වල එහෙම උන ගොඩනැගිලි සෑහෙන්න තීනව.)

පස්සෙ බිල්ඩිම හදල ඉවර උනාම වැඩි ගානකට ආයි විකුණනව. ඒත්කොට සමහරවිට ගත්තට වඩා සියයට තිහ හතලිහ වැඩි මිළට විකිනෙනව.

ඉතින් ඒ නිසා විකුණුම් මිළ තීරනය කරන්නෙ අයිතිකරුවත් කොන්ත්‍රාත්කරුවත් නෙමෙයි වෙළඳපොල සාධකයි.

මම හිතනව පුලුවන්තරම් කෙටියෙන් සහ පැහැදිලිව සේරම කිව්ව කියල. එහෙම වෙද්දි යම් අතපසුවීම් වෙලානම් දන්න අය කියන්න. නොදන්න දේ පැහැදිලිකරගන්න ඕන අය අහන්න.

අනික මේ මම කිව්වෙ පොදු ක්‍රමය. මේකෙ පොඩි පොඩි වෙනස් කම් තීන්න පුළුවන් වගේම මම නොකිව්ව සහ නොදන්න තවත් දේ මේකට එකතු වෙන්නත් පුලුවන්. ආයි කියනව..එන්න අපි දැනුම බෙදාගමු.

මම කලින් කිව්වනෙ අර ඉස්සෙල්ල ලිපියෙ දාපු පින්තූරෙ එතන දැම්මෙ හේතුවක් ඇතුව කියල. ඒතමයි ICC සමගම හදාපු Iceland Residencies කියන ගොඩනැගිල්ල. ඒකෙ සම්පූර්න BOQ එක, ඒකියන්නෙ වැළි කැටෙන් කැටේට නෙමෙයි කියුබ් එකෙන් එකට ගනන් දාපු cost bill එක මගේ ගාව තීනව. ඉතින් මේ ගැන තව උනන්දුවෙන කෙනෙක් එක්ක ඒ විස්තර බෙදා ගන්න පුළුවන් ඔබ කව්ද රැකියාව කරන්නෙ කොහෙද කියල මට මේලකින් දැන්නුවොත්. අනික ඉදිකිරීම් ගැන දැණුම බෙදා ගන්න කැමති අය මට මේල් කරන්න, අපි දන්න දේ හුවමාරු කරගමු.


මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ ආතල් එකට කතා ලියන්න මිස මෙහෙම විකාර ලියන්න නෙමෙයි. ඒ නිසා හෙන හත ගැහුවත් වෙන වෘත්තීය ලිපි ලියන්නෙ නෑ...නෑමයි..!

අසාසිටි ඔබ සැමට ස්තූතියි!
උපුටා ගැනීම
http://upashantha.blogspot.com/2013/12/blog-post_31.html
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sun Jul 03, 2016 12:15 am
Message reputation : 100% (2 votes)
හොඳ ලිපියක් . ස්තුතියි නිහාල් මහතා
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sun Jul 03, 2016 5:20 am
Message reputation : 100% (1 vote)
thank you nihal. really helpful article.
avatar
roshana7549
Posts : 280
Join date : 2014-04-18

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sun Jul 03, 2016 6:29 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal for the above valuable post, it is much appreciated if you could provide the Cost breakup of House construction, % wise.

Ex - How much % for Foundation, Structure, Roofing,Painting, Flooring etc
or else How much of % for Material, Labor etc from the total cost.

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sun Jul 03, 2016 6:33 pm
Message reputation : 100% (2 votes)
This is professional service and not FOC Darling. Very Happy
roshana7549 wrote:Thanks Nihal for the above valuable post, it is much appreciated if you could provide the Cost breakup of House construction, % wise.

Ex - How much % for Foundation, Structure, Roofing,Painting, Flooring etc
or else How much of % for Material, Labor etc from the total cost.

nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Sun Jul 03, 2016 10:25 pm
Message reputation : 100% (1 vote)
එහෙම % ගානන් දෙන්න අපහසුයි roshana7549,

උදා: අත්තිවාරමක් යොදන ස්ථානය අනුව එහි ව‍ියුහය වෙනස් වේ.පසේ ස්වභාවය මැටි සහිත,වැලි සහිත,කබොක් සහිත හෝ පස්‍ පිරවුමක ආදි වශයෙන්.
මහා මාර්‍යක් අසල දී කම්පනයට ඔරොත්තු දීමට සරිලන ව‍ියුහයක් යෙදිය යුතුවේ.
ගොඩනැගිල්ලේ විශාලත්වය,භාවිතය ද බලපානවා. එවිට  අත්තිවාරමක් වැයවන මුදල විශාල ලෙස  වෙනස්වේ.

නිවසක් සෑදීමේදි එහි නිමැවුම කරන ආකාරය අනුවද මුදලේ % වෙනස්වේ.
උදා: සාමානය පොල් පරාළ යෙදු වහල, පිනිසින් වහල, සිවිලිම සහිත/රහිත වහල
උලු/ඇස්බැස්ටස්/අමානෝ ආදි වහලට යොදන අමුදව‍ය අනුවද මිළ වෙනස් වේ.

කලකට පෙර වැඩ කුලිය සහ අමුදවය අතර අනුපාත 1/3 යි. ඒත් දැන් 1/2 වගේ අගයකට ඇවිත් තියනවා.
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Mon Jul 04, 2016 2:04 am
Message reputation : 100% (1 vote)
සාමාන්යෙන් නිවසක වර්ග අඩියක් වැඩ ඉවර කිරීමට වැයවන මුදල කොපමණ වෙනවාද
avatar
roshana7549
Posts : 280
Join date : 2014-04-18

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Mon Jul 04, 2016 7:42 am
Message reputation : 100% (1 vote)
nihal123 wrote:එහෙම % ගානන් දෙන්න අපහසුයි roshana7549,

උදා: අත්තිවාරමක් යොදන ස්ථානය අනුව එහි ව‍ියුහය වෙනස් වේ.පසේ ස්වභාවය මැටි සහිත,වැලි සහිත,කබොක් සහිත හෝ පස්‍ පිරවුමක ආදි වශයෙන්.
මහා මාර්‍යක් අසල දී කම්පනයට ඔරොත්තු දීමට සරිලන ව‍ියුහයක් යෙදිය යුතුවේ.
ගොඩනැගිල්ලේ විශාලත්වය,භාවිතය ද බලපානවා. එවිට  අත්තිවාරමක් වැයවන මුදල විශාල ලෙස  වෙනස්වේ.

නිවසක් සෑදීමේදි එහි නිමැවුම කරන ආකාරය අනුවද මුදලේ % වෙනස්වේ.
උදා: සාමානය පොල් පරාළ යෙදු වහල, පිනිසින් වහල, සිවිලිම සහිත/රහිත වහල
උලු/ඇස්බැස්ටස්/අමානෝ ආදි වහලට යොදන අමුදව‍ය අනුවද මිළ වෙනස් වේ.

කලකට පෙර වැඩ කුලිය සහ අමුදවය අතර අනුපාත 1/3 යි. ඒත් දැන් 1/2 වගේ අගයකට ඇවිත් තියනවා.
Thanks Nihal for the explanations.....
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Tue Aug 02, 2016 10:45 pm
Message reputation : 100% (2 votes)
ආර්කිටෙක්ට්, ආකියො යන පද වලින් හඳුවනු ලැබූවන් කලකට පෙර සමාජය හඳුනා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පීන් යන නමිනි. එහෙත් පසුව පාලිමේන්තු පනතකින් තම වපසරිය මෙන්ම නමද වෙනස් කරගත් මොවුන් අද හඳුන්වන්නේ "වාස්තු විද්‍යාඥයින්" ලෙසටය..

ඉස්සරනම් වාස්තු යන්න කේන්දර හා ගැළපුන යමක් උවද අද එය වෙනස්ම කතාවකි. කොටින්ම පාරම්පරිකව කේන්දර හා වාස්තුවිද්‍යාව කරගෙන හම්බුකරන් කෑ මුත්තලාටද දැන් "ආකි" ඇම් ඇස් සී එක නැතිනම් "වාස්තුවිද්‍යා" නම පාවිච්චි කිරීමද තහනම්ව ඇත.

ලංකාවේ අතීත ගෘහ නිර්මාණශිපීන්ගේ උදාර නිර්මාණයන්ගෙ නටබුන් මෙම වෘත්තිකයන්ගෙ එදා දස්කම් වලට අදත් සාක්ෂ්‍ය සපයයි. එමෙන්ම ඒ පරම්පරාවේ දක්ෂයින් අදටත් දක්නටද සිටී. ඒහෙත් මේ කතාව එවන් දක්ෂයින් ගැන නොව ඊට වඩා අතිපන්ඩිත උතුමන්ලා සමඟ මා ලද අත්දැකීම් කිහිපයකි.

සමාන්‍යෙන් අප දන්නේ වැඩ අනන, ලෙඩ දෙන බාස්ලා ගැන පමණි. ගෙයි වහල තෙමෙන විටද, බිත්ති පුපුරන විටද, පොළව බහිනා විටද එයට බාස්ට බනින තරමට්ම සමහරවිට ව්ශාල ගොඩනැගිලිවල එවන් වැරදිවලට ඉංජිනේරුවන්ද බැනුම් අසති.

මොනවා කලත් බාස්ලා තරම් වාස්තු විද්‍යාඥයන්බැනුම් අසන්නේ නැත. ඒ සමහරවිට ඔවුන් සමාජයේ ඉහ්ල පන්තියක සිටින ( බව පෙන්වන ) නිසා විය හැක.

ලංකාවේ ආකියන් යනු අමුතුම සත්ව කොට්ඨාෂයකි. තම විශ්වවිද්‍යාල වල ආකිටෙක් ෆැකල්ටි තිබුන උන් නම් මේ ගැන වඩා හොඳට දන්නවා යයි සිතමි. ඔවුන් අඳින්නේ අමුතු බාච්චු ඇඳුම්ය. කන්නේ රට හාල වන අතර මල්ල, පාවහන් පමණක් නොව කොන්ඩ කට්ටේ සිටම බොහෝ විට "ගෝ ග්‍රීන්" වන මේ අමුතු සතුන් සහ ඉන්ජිනේරුවන් අතර සදාකාලික ගැටුමක් පවතී. මෙය ලංකාවේ පමණක් නොව මා සිටි, ආගිය අනෙක් රටවලද දක්නට ලැබුනු දෙයකි..

ඉස්සරනම් කෙනෙකු ආකියෙකු ගාවාගත්තේ විශාල ගොඩනැඟිලි, මහා මන්දිර නිර්මාණයේදී පමණකි. සාමාන්‍ය ජනයා තම නිවස නිර්මාණය කරගත්තේ සැළසුම් ශිල්පීයකු ( draftsmen ) මඟිනි. එහෙත් වැඩිවන වාස්තු විද්‍යාඥයන්ට (වාස්තුවී ) බත් පත හොයා දීමට මඟ හෙළි කිරීම පිනිස මේ ක්‍රමය වෙනස් කරන්නට අණ පනත් ගෙනැවිත් ඇත.

අද වන විට මිළියන තුනට (හෝ ඒ ආසන්න ගණනකට ) වැඩි ඇස්තමේන්තු සහිත සියළු ගොඩනැගිළි මෙතුමන්ලාගේ අනුමැතියට යටවිය යුතුය. නැතිනම් එතුමන්ලාම ඩිසයින් කල යුතුය.මා දන්නා තරමට මෙවන් නීතියක් ලොව වෙන කිසි රටක නැත. සාමාන්‍යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.

ඒත් ආසියාවෙ ආශ්චර්‍යය යන ගමනේ සාමාන්‍යෙන් අසාමාන්‍ය බොහෝ දේ තිබිම සාමාන්‍ය වී තිබේ.

ඇත්තටම ලංකාවේද ඉතා නිර්මාණශීලි වාස්තු වීලා සිටින අතර කුරුළු කූඩු නමින් විකාශනය වන සමහර වැඩ සටහන්වල පෙන්වනා ඇතැම් නිර්මාණ ඉතා සිත්ගන සුළුවේ. එහෙත් ගැටළුව පැන නඟිනේ ඒව භාවිතයට ගත් පසුවය.

මා යෙදී සිටින වෘත්තිය නිසා මේ වාස්තුවීලා සමඟ නිතර ගැටෙන්නට මුහු වන්නට සිදුව තිබේ. ඔවුන් නිම කරන අලංකාර නිවෙස්වලට ගෘහ භාන්ඩ ඔබන්නට යාමේදී මතුවන සමහර ගැටළු වාස්තුවීලාගෙ පරම්පරාවට හචින් යවන තරමේය.


වරක් ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයකුගෙ අළෙවි අධිකාරීවරයාට අයත් මිරිහානේ ඉදිවෙමින් පවතින නිවසට ගිය විට යම් අමුත්තක් දුටිමි.

ඒ වනවිටත් වැඩ නිම වෙමින් තිබූ නිවසේ දෙමහල් පායේ ඉහල මාලයේ සිවිලිම ඉතා අලංකාරව නිමකල තිබුනි. එකම ඉරක් නැති තනු සුදු පැතලි මතුපිටක් සහිත "ෆ්ලැට්" සිවිලිම සුන්දරව බැබලෙයි. ගෘහ අලංකරනය ගැන සිතන්නටත් පෙර සිවිලින් ගසන්ට තරම් මෝඩ වාස්තුවියාද හිමිකරුදැයි විමසන්ට සිත් විනි.

ගණුදෙනු කරු පැවසූයේ ඒ සිවිලිමක් නොව ස්ලැබ එක බවය. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ අප්සයිඩ් ඩවුන් තාක්ෂනයට beams ටික ස්ලැබ් එකෙන් ඉහල එසවෙන ලෙස වාස්තුවී විසින් නිර්මාණය කර ඇති නිසා beams ඇත්තේ රූෆ් ටොප් එකේ බවයි.

රූෆ් ස්ලැබ් එක උඩට ගිය විට ඇත්තටම මට අඬනවාද සිනාසෙනවාදැයි සිතාගත නොහැකි විය. එකිනෙක හා බැඳුණු ජාලයක් වන් beams ( තළාඳ ) අතර කොටු වලට වතුර පිරී මදුරුවන් හනීමුන් යන්නටත් පටන්ගෙන තිබුනි. රෙද්දක් වනන්නවත් රූෆ් ස්ලැබ් එක මත ඇවිදින්නට හැක්කේ කඩුළු පැනීම හුරු අයකුට පමණි.

පසු අවස්ථාවක මේ ගැන ඒ වාස්තුවි ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ස්ලැබ් එක දැමූ පසු පහලින් beams පෙනීම කැත නිසා මෙම පියවර ගත් බව ය . එවිට මා "ස්ලැබ් හයිට් එක වැඩි කරල ගේ ඇතුලෙන් ජිප්සම් සිවිලිමක් ගහල පේන්ට් කරානම් ඒත් මේ ඉෆෙක්ට් එකම මීට වඩා අඩු වියදමකින් අරන් රූෆ් ස්ලැබ් එකත් බේරගන්න තිබ්බනෙ” කියූ විට වාස්තු වි “no this has different effect” කියා මට නොපෙනෙනා සීතම්බරයකින් කතාව මාරු කොට මාරු විය.


ඒ නිවසේම ප්‍රධාන නිදන කාමරයට ගිය විට දුටු දසුන අලංකාර විය. තුන් පැත්තකම ජනේල තබා එක් බිත්තියක් පමණක් නිදහස්ව තිබිනි. බැළු බැල්මටම කාමරය ඉතා සුන්දර විය.

එහෙත් මගේ ප්‍රශ්නය වූයේ "wardrobe" තබන්නේ කොහේද යන්නයි? නිදහස් බිත්තිය දෙසට bed head board තැබූ විට කබඩ් ඩ්‍රෙසින් ටේබල් වලින් ඉතුරු ජනේල ටික වැසී යයි.

මෙයට ආකියාගේ පිළිතුර වූයේ wardrobe නාන කාමරයට යන මගෙහි තැබීමට ඔහු සැළසුම් කල බවයි. අවාසනාවකට එහි පළල මීටර් එකයි දශම එකකි. wardrobe එකක සම්මත ගැඹුර මිලිමීටර් හයසිය තිහකි. එවිට ඉතුරු ඉඩෙහි දොර අරින්නට නොහැක.

හරි අපි එක මිලි පන්සීයට අඩු කරමු. ඒ අදහසද වාස්තුම දුනි. නොදන්න මගුල් කියා යලිත් ඇන ගති. පන්සීයට හදන wardrobe වල හැඟර් එකක කමිස කබා දැමිය නොහැක. මන්ද අත් දෙක පොඩි වෙන නිසාවෙනි.

අවසාන තීරනය වූයේ අර සුන්දර ජනේලයක් ගලවා බිත්තියක් පුරවා wardrobe සඳහා ඉඩ ලබා දෙන්ටය.


තවත් වරෙක දෙහිවල නිවසක මා පැන්ට්‍රි එකක් නිර්මානය කලෙමි. නිවසේ නිර්මාණශිලිපියා නිතර රූපවාහිනියේ මුහුන පෙන්වන කැදලි තනන පුරුදුකාරයෙකි.

දුටු පමණිනින්ම මට කුස්සිය ස්ථානගතක ඇති ආකාරය ගැන එතරම් පැහැදීමක් නොවිනි. එහෙත් නිවස පෙනුමට ලස්සනය.

අපේ කබ්ඩ් ටික යන්තම් කොටස් කර ගෙනැවිත් සවි කරන නිසා ගොඩ දමා ගතිමු. ගැටළුව ආවේ ඉන් පසුවය.

ගෙහිමියා ගෙදරට ෆ්‍රිජ් එක ගෙනවිත්ය. එහෙත් අවාසනාවට කුස්සියට යන පටු මගෙහි පැමිණ කුරුබිලියක් වන් කුඩා දොරෙන් එය හරවා ඇතුලට ගැනීමට ඉඩ නැත. පරණ ගෙදරින් ගෙන ආවත් ලඟදී ගත් නිසා අහක දමන්නටත් බැරිය. ඊට වඩා කුඩා එකක් පවුලකට සෑහෙන්නෙත් නැති බව කියමින් හිමිකාරිනියද කෙඳිරි ගායි.

අවසන ඒ වනවිට ගෙවැදෙමින් සිටි නිවසේ කුස්සියට ඇතුළුවන බිත්තිය කඩා දොර විසාල කර වැඩේ ගොඩ දා ගන්නට සිදුවිය.


කොල්ලුපිටිය රොටුන්ඩා උද්‍යානයෙහි ක්‍රෙස්කැට් පිටුපස නිවසක pantry cupboard ඇනවුමක් අප ආයතනයට ලැබුනි. හිමිකරු පැවසූයේ වාස්තුවීගේ සැළසුමට අනුව නිම කල යුතු බවය. අපිට වඩා දන්නා අය නිසා එතුමන් ඇඳ තිබුනු ලෙසටම අපේ වැඩය නිම කර ගෙන ගොස් සවි කලෙමු.

සියල්ලෝ සැතුටු විය. එහෙත් පසුව wall cupboard ගලවා කුඩා කොට නැවත් සවි කරන්නට තවත් කොන්ත්‍රාත්තුවක් ලැබුනි. ඒවා උස වැඩි නිසා ඉහල තට්ටුවෙ ඇති භාන්ඩ ගැනීමට නොහැක. පහතට වැඩි නිසා work top එක මත බ්ලෙන්ඩරය සහ අනෙකුත් යන්ත්‍ර තැබීමට ඉඩ මදිය. අන්තිමේ කොට කල විට ඩිසයින් එකම අවුට්ය.


තවත් තලවතුගොඩ නිවසක ජනේල වෙනුවට විශාල අවකාශ විවෘතව තිබිනි. ආරක්ෂාවට ඒ අවකාශයන්හි යකඩ පට්ටම් යෙදූ පැනල වලින් ආවරනයකි.

සොභාවික සුළං සංචරනය මගින් ෆෑන්, ඒසී නැති නිවසක් වාස්තුවි විසින් අලංකාරව නිමවා තිබුනි. පසුව හිමිකරු විශාල මුදලක් වැය කර ඒ සියල්ල ගලවා විසිකර ජනේල් දමා නිවසට ෆෑන් සහ ඒසී සවිකරගත්තේ මැසි මදුරු කරදරයෙන් බේරෙන්නටය.


තව බොහෝ විට මා දකින්නේ තද දම්, කෙහෙල් දල්ලේ කොළ, අඳුරු කහ වැනි වර්න නිදන කාමර තුල ආලේපනයයි.

නිදන කාමරය, නිවස යනු ඔබ දවසේ සැනසුම සොයා ගොඩ වදින ස්ථානයයි. එය ඇහැට ප්‍රිය, මනස සන්සුන් කරවනා ලා සහ තද පැහැ වර්න මිස අසහනයට පත් කරන අඳුරු වර්ණ යෙදීමෙන් ඉන්නට එපා වෙනු ඇත.

ලංකාවේ බොහෝ දෙනා නිවාස ඉදිකරන විට එහි භාවිතාව ගැන එතරම් තකන්නේ නැත. ඔවුනට අවශ්‍ය කොහේ හෝ දුටු ලස්සන ෆීචර්ස් එකතු කර කාටත් පෙන්නෙන්ට ලස්සන ගෙයක් සාදා ගැනීම පමණි. නාන කාමර කුකුල් කූඩු වැනිය. පඩි පෙළින් ඉහ්ල මහලට යා හැක්කේ කෙසඟ උන්ට පමණි. Kitchen cabinets වල work top එක එක්කෝ උස වැඩි නිසා වැඩ කරන අපහසුය. නැතිනම් පහත් නිසා ඔස්ටියෝ පොරෝ කලින්ම වැළඳේ!

ගෘහ භාන්ඩ, විශේශයෙන් built in cupboards වලට අදාළ නියමිත specifications තිබෙ. ඒ උස, ගැඹුර, ආදිය ගැන නොසැලකිලිමත් වීමෙන් ඒවයින් අවශ්‍යප්‍රථිඵල ලබාගත නොහැකි වනු ඇත.

මේ නිසා ඔබ මිලියන ගනනක් වියදම් කර නිවසක් සාදන්නට සැළසුම් කරන්නෙකු නම්, කරුනාකර මඳක් කාලය වැය කර ජාලයේ හො පොත් පත්වල ඇති අභ්‍යන්තර සැළසුම්, ඇසට ප්‍රිය වර්න භාවිතය පිළිබඳ යම් අවභොධයක් ලබා ගැනීම සුදුසුය. එවිට ඔබේ නිවස අඳින් උන් ඔබව අන්දන තරමටම නොඇඳ සිටිය හැක.

ඔබේ නිවස නිර්මාණය කරන වාස්තුවි, අභ්‍යන්තර සැළසුම්කරු, මකබාස් යන අයට නොව ඔබට වසන්නට නිවසක් සාදන බව මතක තියා ගන්න. සෑම ඩිසයින් එකක් පිටුපසම එය තුලින් බලාපොරොත්තුවෙන සංකල්පයක් ඇත. බස් එකේ මාරු සල්ලි ඉල්ලන්න ලැජ්ජා සේම නොදන්න බව පෙනෙයි කියා මෙ ගැන නොවිමසා ඔහේ වැඩේ කරන්නට දීමෙන් පාඩුව ඔබටමය.

ඊයෙ පෙරේදා බුකියේ දුටු හිතවතුකුගේ නව නිවසෙහි පින්තූර දැක මෙය ලියන්නට සිත් විනි. අදාල ඇත්තාද මෙය දකිනු ඇතැයි සිතමි.

උපුටා ගැනීම-- අන්තර් ජාලයෙනි
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Tue Aug 02, 2016 10:51 pm
Message reputation : 100% (4 votes)
හදන්න බැරි වුණාම පොළොව ඇදයි කියන ගෙවල් හැදිල්ල

පදිංචි වී සිටින නිවෙස කාලයට අනුව යම් වෙනස්කමක් කිරීමට, කොටස් එකතු කිරීම අද කාලයේ වැඩියෙන් දක්නට ඇති දෙයක්. අලුතෙන් ගෙයක් හදනවා හා සමානව හෝ ඇතැම් විට ඊටත් වැඩියෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් මේක.

අලුත් ගෙයක් හදන විට ඒ සඳහා ඇති බිමේ ඉඩ පරාසයන් ඔබට මැනවින් පේනවා. ලණු ගැසීමේ සිට ඉදිරි සියලුම ඉදිකිරීම් කටයුතු මනාව කරගෙන යෑමට මෙය මහත් රුකුලක්. කළුගල් අත්තිවාරම, කොන්ක්‍රීට් පාදම් (ඕචඵඥ) බිත්ති, වහල ආදිය ඒ ඒ අවස්ථාවේදී සම්පූර්ණ නිවෙසටම බලපාන ආකාරයෙන් සිදුවෙන නිසා ඒකාකාරීව සවි ශක්තිමත් වීම සිදුවන දෙයක්.


නිවෙසට අවශ්‍ය සේවා පහසුකම්, ඒ කියන්නේ විදුලිය හා ජලය ලබාගැනීමේදී ඒ ඒ ස්ථානවලට අවශ්‍ය විදුලි බුබුළු, පේනු ආදියත්, ජල නළ මාර්ගයත්, අපජලය හා වැසිකිළි නළ මාර්ග ආදිය මනා පිළිවෙළක් ඇතිව සිදු කළ හැකි අවස්ථාවක්. කෙටියෙන්ම කියනවා නම් නිවෙස ඉදිකිරීමේදී හමුවෙන එක් එක් කාර්යයන්වලට තවත් දෙයක් නිසා සිදුවෙන බාධාවීම් අඩු කරගත හැකි අවස්ථාවක් තමයි නව ඉදිකිරීමක් කියන්නේ. සමස්ත නිවසම නියමිත කාලයක් තුළදී එක් පද්ධතියක් බවට පත්වීම වඩාත් වැදගත් කාරණයක්.


නමුත් ඔබගේ පැරැණි නිවෙස වෙනස් කිරීමට වාස්තු විද්‍යාව අතින් හෝ තාක්ෂණය අතින් කිසිදු බාධාවක් නැහැ. පදිංචි නිවෙසක් වෙනස් කිරීමේදී මේ දේවල් ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතුය. සමහර අය තනි තට්ටුවේ නිවසේ වහලය ඉවත් කර තට්ටු දෙකකට සාදන්න උත්සාහ කරනවා. වහලය ඉවත් කළාම නිවසේ වටිනාකම සෑහෙන දුරකට අඩුවෙයි. සියලුම විදුලි තත් ඇදීම් නැවත සිදුකළ යුතුයි. අලුත් ස්ලැබ් එක සඳහා අවශ්‍ය කණු නිවෙසට පිටින් හා ඇතුළතින් ගත යුතුයි. එහෙම නැත්නම් කණු එන තැන්වලදී බිත්තිය කපා පිළියෙල කරගත යුතුයි.


මෙහිදී කළුගල් අත්තිවාරමත් කඩන්න ඕන. බේස් කණු හා බීම් බිත්තිවලට පිටතින් දැමීමේදී යම් අවලස්සන බවකුත් නිවෙසට ඇතිවිය හැකියි. නිවෙස හා ඇතුළත ටයිල් කර ඇත්නම් ඒවාත් බේස් වළේ ප්‍රමාණයටම කැපිය යුතුයි. එම හිස් තැන් නැවත ටයිල් කිරීමේදී නිවෙසට අල්ලා තිබූ වර්ගයේ තෝරා ගැනීමත් දුෂ්කර විය හැකියි.


පැවැති නිවස වෙනස් කළ පසුව එම වෙනස්කම් කිරීමේදී සිදුවන බාහිර අවලස්සනයන් සම්පූර්ණයෙන්ම නොපෙනෙන්නට කරනවා නම් එය විශාල මුදලක් වැයවෙන දෙයක්. පවතින බිත්ති බේරමින්, ඉතා සංයමයෙන්, සීරුවෙන් ඉදිකිරීම් කටයුතු කිරීමේදී ගතවන කාලයත් සාපේක්ෂව වැඩියි.
ඒ කියන්නේ ශ්‍රමය වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන්නට සිදුවෙන එක. සමස්ත වියදම අතින් අලුතෙන් ගෙයක් සෑදීමත්, තියෙන ගෙයක් කඩා වෙනස්කර කලින් කී අලුත් නිවසේ පෙනුම ලබා ගැනීමත් අතර තියෙන්නේ විශාල වෙනසක්.


මේ නිසා නිවෙසක් වෙනස් කිරීමට කලින් වියදම් ගැන මනා අවබෝධයක් ලබා ගන්න. විශේෂ හේතුවක් නැතිනම් තියෙන ගෙයක් කඩා බිඳ වෙනස් කරනවාට වඩා අලුතෙන් ගෙයක් සෑදීම සමහර විට ලාභයක් හා මුදල් ඉතිරියක් විය හැකිය.
මෙම ලිපියට පාදක වුණේ එක් වාස්තු පරීක්ෂාවකට ගිය නිවෙසක්. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ තනි තට්ටුවේ නිවසම විශාල කර නවීන පෙනුමක් ලබා දෙන්න. නිවාස සැලසුම් අවස්ථාවේදී හෝ ඉදිකිරීම් අවස්ථාවේදී නිසි උපදෙස් ලැබී තිබුණේ නැහැ.
නිවසේ බිත්ති පිපිරී තිබූ ස්ථානවලට ඊට පිළියමක් යැයි සිතා කොන්ක්‍රීට් කණු යොදා තිබුණා. එකක් දෙකක් නෙමේ ‍ෙදාළහක්. කරුණු විමසූ විට කීවේ එහෙම හදන්න උපදෙස් ලැබුණු බවයි. ඒ වහලයේ බර දරාගන්නටලු.


පැරැණි ගෙදරට අලුත් අත්තිවාරම් කොටස් දමා තිබුණේ කුරුස හා 6×4 සොහොන් රාමු සෑදෙන්නට. මේවා කොහොමත් සුදුසු නැහැ. වැඩ පටන් අරගෙන ටික දිනකින් නිවසේ ඉදිකිරීම් වැඩ නැවතී, රැකියාවත් අහිමි වී ඉතාම අසරණ තත්ත්වයකට පත්වී තිබුණා. ලක්ෂ 8ක් පමණ මේ ටිකට ඔවුන්ට වියදම් වී තිබෙනවා. නටපු තොවිලයකුත් නැති බෙරේ පළුවකුත් නැති මෙවැනි දේ නැතිකර ගන්නම ඕනේ. වාස්තු පරීක්ෂාවට පැමිණියෙන් ඉදිකිරීම් ගැන බොහෝ දේ ඔවුන් දැන ගත්තා.
ඔබත් පරණ ගෙය වෙනස් කරන්න හිතනවාද? අලුතෙන්ම ගෙයක් හදනවාද? නිවැරැදි තීරණය ඔබේ අතේ.

සිවිල් ඉන්ජිනේරු
ප්‍රවීන වාස්තු විද්‍යාවේදී
දේවිකා ජයකොඩි
avatar
roshana7549
Posts : 280
Join date : 2014-04-18

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Wed Aug 03, 2016 7:37 am
Message reputation : 100% (1 vote)
Thanks Nihal, Very useful....
Expert
Expert
Posts : 136
Join date : 2014-03-03

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Wed Aug 03, 2016 3:06 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal, learnt much from your home building series.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Wed Aug 03, 2016 6:24 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ගෙයක් හදන්නද ඉන්නේ - Page 2 Empty Re: ගෙයක් හදන්නද ඉන්නේ

Wed Nov 21, 2018 11:31 pm
ගෙයක් හදන්න ඉන්න අය මේ දේවල් ටික නම් අමතක කරන්න එපා!

https://www.youtube.com/watch?v=hiUOm99QUzc
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum