- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
South Asian Games- 2016 !
Such a sports event going on unnoticed to many. I think U-19 cricket world cup gets a more attention than SAG !
SL on 2nd place, and the game continues.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: South Asian Games- 2016 !
(Raheem girls are doing us proud).
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: South Asian Games- 2016 !
පැය 6 කට පෙර
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන මැතිව් අබේසිංහ පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 07 ක් දිනා ගැනීමට සමත් වී ඇත.
ඒ අනුව 1991 වසරේදී ජූලියන් බෝලින් විසින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලමින් සාක් ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් හිමි කර ගත් ක්‍රීඩකයා බවට පත් වීමට සමත් මැතිව් අබේසිංහ විය.
ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි සහාය දිවීමේ කණ්ඩායම් මීටර 100 සහාය දිවීමේ ඉසව් සඳහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
රිටි පැනීමේ ඉසව්වෙන් තවත් රන් පදක්කමකට හිමිකම් කීමට මළල ක්‍රීඩක ඉෂාර සඳරුවන් සමත් විය.
පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් දිනා ගත්තේ නව දකුණු ආසියානු වාර්තාවක් බිහි කරමින්.
කිමිකෝ රහීම් විසින් හිමි කර ගනු ලැබූ මුළු රන් පදක්කම් සංඛ්‍යාව 05ක්.
පදක්කම් 133
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකික ක්‍රීඩකයන් මේ දක්වා දිනා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 17 ක්.
මේ වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වන අතර රන් පදක්කම් 117 ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසු වන්නේ ඉන්දියාවයි.
රිදී පදක්කම් 46 ක් හා ලෝකඩ පදක්කම් 63 ක් දිනා ගැනීමට සමත් වී ඇති ශ්‍රී ලංකාව ලබා ගත් මුළු පදක්කම් සංඛ්‍යාව 133ක්.
බදාදා වන විට පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ පසු වූයේ පාකිස්ථානයයි.
දකුණු ආසියාවේ වේගවත්ම දෙදෙනා ශ්‍රී ලංකාවෙන්
සාක් ක්‍රීඩා: අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්
සාක් ක්‍රීඩා: ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග