The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
AjithR
AjithR
Posts : 283
Join date : 2014-09-15

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 1:46 am
Message reputation : 100% (3 votes)
තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි
විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

රජය වාහන බදු වැඩි කළේය. දුම් පරීක්‌ෂණ ගාස්‌තු වැඩි කළේය. එහෙත් මාර්ග තදබදය එලෙසමය. පොලිසිය මංතීරු නීතිය ක්‍රියාත්මක කළේය. දස දහස්‌ ගණන් රියෑදුරන් අල්ලා දඩ නියම කළහ. එහෙත් මාර්ග තදබදය එලෙසමය.ආණ්‌ඩුව හෝ පොලිසිය ගත් කිසිදු ක්‍රියාමාර්ගයකින් මාර්ග තදබදය අඩු නොවුණද එයින් රජයේ ආදායම් නම් ඉහළ ගියේය. බදු හා දුම් පරීක්‌ෂණ ගාස්‌තු වැඩිකිරීම තුළ විනාඩි ගණනාවකට එක වාහනයක්‌ පාරේ ගමන් ගන්නා ඈත පිටිසර වන්නියේ වාහන හිමියාටද අමතර වියදමක්‌ දරන්නට සිදුව තිබේ.

පවතින අධික වාහන තද බදය නිසා අධික ඉන්ධන දහනයට අමතරව මිනිස්‌ ශ්‍රමය දැඩි ලෙස අපතේ යන බව මේ වන විට හෙළි වී ඇත. වාර්¨ෂිකව මාර්ග තදබදය නිසා ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව රුපියල් මිලියන 400000 ක්‌ බව ගණන් බලා තිබේ. මාර්ග තදබදයට නිසි පියවර නොගත්තොත් 2020 වසරේදී කොළඹ නගරයේ රථවාහන ධාවන වේගය පැයට කිලෝමීටර් තුනක්‌ වනු ඇති බව ප්‍රවාහන බලධාරීන් ගණන් බලා තිබේ. මේ තත්ත්වය තුළ ජනතාවට පිළිගත හැකි විසඳුමක්‌ වහාම මීට ලබාදිය යුතුව තිබේ. එසේ නොවුණ හොත් එය සමස්‌ත රටේම ජනජීවිතයට පමණක්‌ නොව සංවර්ධනයටද දැඩි බලපෑමක්‌ වනු ඇත.

කවුරුන් කෙසේ කීවත් කවර බදු හෝ ගාස්‌තු ඇතිකළත් පොදු ප්‍රවාහන සේවා විධිමත් කර සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක්‌ රජය මගින් ඇතිකරන තෙක්‌ මේ මාර්ග තදබදය පවතිනු ඇත්තේ වර්තමානයේ පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වය හමුවේ එයින් ඈත්ව තමන්ගේ වාහන භාවිතය හැර ජනතාවට වෙනත් විකල්පයක්‌ නැති නිසාය.

2008 වසරේදී සියයට හැත්තෑවක්‌ පමණ වූ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ජනතා ප්‍රතිශතය මේ වන විට සියයට හතළිස්‌ හතර දක්‌වා පහත බැසීමට හේතුව පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය එන්න එන්නම පහල යැමය.

පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වය දියුණු කිරීම යනු ඒවා ගෙඩිපිටින් පුද්ගලික අංශයට පැවරීම නොවිය යුතුය. පුද්ගලික අංශය යොදවා ඒ කටයුත්ත සිදුකරන අතර එම සේවා අඩු මිලට ජනතාවට ලැබෙන පරිදි රජය සහනාධාර ඒවා ක්‍රියාත්මක කරන සමාගම්වලට ලබාදිය යුතුය.

ලංගම තවදුරටත් ශක්‌තිමත් කළ යුතුමය. ඒ අතරේ පුද්ගලික අංශය රාත්‍රියට බස්‌ සේවා ඇරඹීම සඳහා දිරිගැන්විය යුතුය.

දැනට පුද්ගලික බස්‌ රථ සඳහා මාර්ග බලපත්‍ර බලාපොරොත්තුවෙන් සිටින පිරිස්‌ හා වෙනත් පිරිස්‌ සඳහා නව රාත්‍රි කෙටි දුර සේවා ලබාදීම කළ යුතුය.

රාත්‍රී දහයෙන් පසු අලුයම හතර පමණ දක්‌වා ගමන් ගන්නා කෙටි දුර බස්‌ රථ සේවා සඳහා සාමාන්‍ය ගාස්‌තුවට වඩා සියයට දහයක්‌ පමණ වැඩි ගාස්‌තුවක්‌ ලබාදිය යුතුය. දුර ගමන් සේවා සඳහා එලෙස වැඩි ගාස්‌තු ලබාදීම අවශ්‍ය නොවන්නේ දැනට දුර ගමන් සේවා පුද්ගලික බස්‌රථ රාත්‍රිය පුරා ක්‍රියාත්මක වන හෙයිනි.

'වන්වේ' නැතහොත් එක දිශාවකට පමණක්‌ වාහන ගමන් කිරීම අද බොහෝ ස්‌ථානවල දක්‌නට ලැබේ. මෙය වාහන හිමි පිරිස්‌වලට පහසුවක්‌ වුවත් හඬක්‌ නැති සාමාන්‍ය ජනතාව මෙයින් පත්වන අපහසුව ගැන කිසිදු රජයක්‌ කල්පනා කරන බවක්‌ නොපෙනේ. උදාහරණයක්‌ ලෙස කොළඹ කොල්ලුපිsටියේ ඩුප්ලිකේෂන් මාර්ගයේ ගමන් ගන්නා බසයකින් බසින කෙනෙක්‌ කොල්ලුපිටිය දුම්රිය පොළට යන්නට කිලෝමීටර් කීයක්‌ පයින් යන්නට සිදුවන්නේ දැයි බලධාරීන් හෝ පොලිස්‌ නිලධාරීන් කිසිවිට කල්පනා කරන්නේ නැත. මේ නිසා වහාම සාමාන්‍ය ජනතාවට මේ වන්වේ ක්‍රියාවලිය තුළින් සිදුව ඇති අපහසුතා අවම කිරීම සඳහා පියවර ගත යුතුය.

එසේම පොලිසිය විසින් හිතුමතයට වාහන හැසිරවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. රටේ ජනතාව බහුතරයක්‌ සිතන්නේ පොලිසියේ අත්තනෝමතික කටයුතු මේ තදබදයට හේතුව බවය. රුපියල් කෝටි ගණන් වැයකර සවිකර ඇති ස්‌වයංක්‍රීය විදුලි සංඥා පද්ධති ක්‍රියා විරහිත කර කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ නොමැතිව සිත්සේ වාහන එහා මෙහා යවන ඇතැම් පොලිස්‌ නිලධාරීන් මේ මාර්ග තදබදයට හේතුව බව බොහෝදෙනාගේ අදහසයි. මෑතකදී රුපියල් මිලියන සියගණනක්‌ වැය කර දැවැන්ත මාර්ග සංඥා පද්ධති කොළඹ නගරය පුරා සවිකරන ලදී. මහජන බදු මුදලින් කෝටි ගණන් වැය කර මහාමාර්ගවල මෙසේ සවිකර ඇති මාර්ග සංඥා නිවා දමා පොලිස්‌ නිලධාරීහු අතින් හෝ රිමෝට්‌ කන්ට්‍රොaල්වලින් හෝ රථවාහන පාලනය වීම බොහෝ ස්‌ථානවල දක්‌නට ලැබේ. අද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පොලිසියේ මේ ක්‍රියා කලාපයයි. වඳුරන්ට දැලිපිහිය දුන්නාක්‌ මෙන් රිමෝට්‌ කන්ට්‍රොaලය අතට ගන්නා ඇතැම් පොලිස්‌ නිලධාරීහු එක්‌ පැත්තකට විශාල වෙලාවක්‌ ලබා දී මොවුන් රථවාහන තදබදය දෙගුණ තෙගුණ කරති.සෑම මාර්ගයකින්ම එන වාහන කොටසින් කොටස යෑවෙන්නේ නම් එක තැනක දැඩි තදබදයක්‌ ඇතිවන්නේ නැත.එහෙත් එක පැත්තකට විනාඩි හත අටක්‌ යවා අනිත් මාර්ගය යවන්නට පටන්ගන්නා විට සිදුවන්නේ සියලු මාර්ග අවහිර වීමය. එක්‌ තැනකින් යෑවෙන වාහන ඊළඟ ස්‌ථානයේ තවත් විශාල වෙලාවක්‌ නවතා තැබේ. අතුරු මාර්ගවලින් ප්‍රධාන මාර්ගයට පිවිසෙන්නට ඉඩ නොදීම හෝ අතුරු මාර්ගවල එන වාහන බොහෝවිට දීර්ඝ වෙලාවක්‌ අනවශ්‍ය ලෙස රඳවා තබාගැනීම දැකිය හැක. මේ පොලිස්‌ නිලධාරීන් අතර නිසි පණිවිඩ හුවමාරුවක්‌ නොමැතිවීම ප්‍රශ්නය බැරෑරුම් කර තිබේ. ඇතැම්විට එකතැනක හෝ දෙතැනක පමණක්‌ තදබදය තිබුණත් සෙසු මාර්ගයේ තදබදය නැත. රථවාහන තදබදය අවම කරන්නට නම් මුල්ම ක්‍රියාමාර්ගය ලෙස පොලිස්‌ නිලධාරීන්ට ලබා දී ඇති රිමෝට්‌ කන්ට්‍රොaල් ක්‍රමය සහ මාර්ග සංඥා නිවාදැමීමේ කටයුතු වහාම නවතා දැමිය යුතුය. මෙයට පිළියමක්‌ ලෙස සීසීටීවී කැමරා ඔස්‌සේ දර්ශන ලබාගෙන මධ්‍යගතව පාලනයවන රථවාහන පාලන මෙහෙයුම් මැදිරියක්‌ වහාම කොළඹ නගරයට අවශ්‍ය වේ. එවිට තදබදය අඩු මාර්ගවලට ජනතාව යොමු කළ හැක. එසේම ඒ ඒ මාර්ගයේ තත්ත්වය පෙන්නුම් කෙරෙන දැවැන්ත රූපරාමු සහ තදබදයේ තත්ත්වය රියෑදුරන්ට ප්‍රදර්ශනය කිරීම හරහා වාහන තදබදය අවම කර ගත හැක.

අනෙක්‌ අතට මේ වන විට මංතීරු නීතිය නිසා මාර්ග තදබදය අධික ලෙස වැඩිවී ඇත. මේ නව නීතිය නිසා රියෑදුරන් වාහන පදවන්නේ බොහෝ බියෙනි. මෙය මාර්ග තදබදයට විශාල ලෙස බලපා තිබේ. අධික රථවාහන තදබදයක්‌ ඇති අවස්‌ථාවල පවා ඇතැම් පොලිස්‌ නිලධාරීන් කරන්නේ එය අඩුකරනවා වෙනුවට රියදුරන් වැරදිකරන තුරු සැඟවී බලා සිටීමය. මහාමාර්ගවල පැය ගණන් මාර්ග තදබදය තිබියදී බොහෝ පොලිස්‌ නිලධාරීන් ඊට පිළියම් යොදනු වෙනුවට පාරේ පැත්තකට වී ඉර කපන රියෑදුරන් අල්ල ගන්නට බලා සිටී. රථවාහන පොලිස්‌ නිලධාරීන්ගේ මූලික කාර්ය භාරය ඔවුන්ට කියාදීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය. පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරිය අනතුරු අඩුකිරීම නම් ඔවුන් සිටිය යුත්තේ කාටත් පෙනෙන පරිදිය. එවිට රියෑදුරන් පරිස්‌සමින් රිය පදවනු ඇත.

කන්ටේනර් මාර්ග තදබදයට ප්‍රධාන හේතුවකි. ඔරුගොඩවත්ත සහ පෑලියගොඩ කන්ටේනර් අංගණ කොළඹ නගරයේ රථවාහන තදබදය සඳහා ප්‍රධානතම හේතුවකි. යුද්ධය අවසන්වී වසර හයක්‌ ගතවී ඇතත් තවමත් කන්ටේනර් පරීක්‌ෂාව සිදුකරන්නේ කොළඹ වරායෙන් පිටතය. කන්ටේනර් පරීක්‌ෂාව වරාය තුළම සිදුකළ හැකි නම් මාර්ග තදබදය බොහෝදුරට අඩුවනු ඇත. එසේ නැතිනම් වරායේ සිට දුම්රිය මාර්ග ඔස්‌සේ කොළඹ නගරයෙන් පිටතට කන්ටේනර් යවා එතැන් සිට දුම්රිය මගින් හෝ වාහන තදබදය අඩු මාර්ග ඔස්‌සේ කන්ටේනර් ප්‍රවාහන රථ ධාවනයට පියවර ගත යුතුය. එසේම ඒ සඳහා සතියේ දිනවල උදේ නවයේ සිට සවස හතර දක්‌වාත් රාත්‍රී නවයේ සිට අලුයම පහ දක්‌වාත් පමණක්‌ ඉඩදීම කළ යුතුය. ටිපර් රථ සඳහාද මෙවැනි කාල පරාසයන් වෙන් කළ යුතුය.

මේ අතර මාර්ග තදබදයට විසඳුම් ලෙස යෝජනා ගණනාවක්‌ ඉදිරිපත්ව තිබේ. ඔරුගොඩවත්ත ,දෙමටගොඩ, බොරැල්ල, සේනානායක හන්දිය කනත්ත වටරවුම, වැලිකඩ, ආයුර්වේද හන්දිය ආදී ස්‌ථානවලට ගුවන් පාලම් සවිකිරීම, බේස්‌ලයින් පාරේ මවුන්ට්‌ මේරි සිට

බොරැල්ල නගරයට උඩින් බොරැල්ල කනත්ත පසුකර බේස්‌ලයින් මාර්ගයට පිවිසිය හැකි දැවැන්ත ගුවන් පාලමක්‌ ඉදිකිරීම, කොළඹ නගරය උඩින් නගරය තුළ දිවෙන මොනෝරේල් වැනි දුම්රිය පද්ධති මෙන්ම කොළඹ නගරය යටින් නගරය පුරා දිවෙන උමං දුම්රිය පද්ධතියක්‌ ඉදිකිරීම, මොරටුව, ජාඇල සහ කොට්‌ටාව සිට පිටකොටුව දක්‌වා බස්‌ රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන මංතීරුවක්‌ වෙන් කිරීම, මාලඹේ සිට පිටකොටුව දක්‌වා මොනෝ රේල් ක්‍රමයක්‌ ඇතිකිරීම, වේයන්ගොඩ සිට පානදුර දක්‌වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම ,කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්‌රථ සේවා එක්‌ ස්‌ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස්‌ රථ සේවා සම්බන්ධීකරණය දෙමටගොඩ සිට මාලඹේ දක්‌වා නව දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම, කොට්‌ටාව සිට කොටුව දක්‌වා වූ දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක්‌ ලෙස සංවර්ධනය කිරීම, නව මාර්ග කිහිපයක්‌ ඉදිකිරීම ඉදිරිපත්ව ඇති යෝජනා අතර වේ.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුම් වහාම ලබාදිය යුතුය. පැලැස්‌තර ලෙස වරින්වර පොලිසිය අත්හදා බලන ක්‍රමවේදවලින් සිදුවන්නේ ජනතාව දැඩි අපහසුතාවන්ට දිනෙන් දින මුහුණදීමය. එම නිසා වහාම වඩාත් ප්‍රයෝගික මෙන්ම ජනතාවාදී විසඳුම් ලබාදිය යුතුය. පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවට පහසු ඒවා විය යුතුය. එසේම ඒවා රථවාහන තදබදය පෙන්වා ආණ්‌ඩුවේ ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රමවේදයක්‌ද නොවිය යුතුමය. අනෙක්‌ අතට පිටකොටුව මැනින් වෙළෙඳපොළ පෑලියගොඩට ගෙන යැමට සැලසුම් කර තිබේ. මීට පෙර මාළු වෙළෙඳපොළ මෙසේ ගෙනයාම අදටත් අසාර්ථකය. දහස්‌ ගණනකට රැකියා අහිමි විය. ඊට එන ජනතාවද පත්ව ඇත්තේ අපහසුතාවන්ටය. මැනින් වෙළෙඳපොළ ගෙනගියහොත් තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇත. එසේ නම් සෑම ප්‍රදේශයකින්ම එතැනට එන බස්‌ සේවා තිබිය යුතුය. මාළු වෙළෙඳපොළට යන්නට ත්‍රීවීල් රථයකද යා යුතු සේ මැනින් වෙළෙඳපොළටද එසේ වුවහොත් අපහසුවට පත්වන්නේ ජනතාවය. එම නිසා නිසි ප්‍රවාහන සේවා හා මාර්ග පද්ධතියක්‌ ඇතිකරන තෙක්‌ කෙලෙසකවත් මැනින් වෙළෙඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යායුතු නැත.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2016/01/31/feature24.html
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 8:11 am
Message reputation : 100% (4 votes)
1>Colombo is not only city of Sri Lanka and there are more and more cities around 500++
2>There are middle and low salary scale people who living in the country (government couldnt observe yet)

Increasing of Vehicle Tax and Other Service Charges affected to every and each ppl of country.

So reduce Traffic is only problem of Colombo and related areas not about whole country.

But if they think to reduce the traffic by increasing tax and all,it's matter of they unable to capture entire country and it's diversity.

General Transport.
Normal Vehicles ---->

1>Reduce of Entry to Colombo City
2>Use of Public or Common Transport to Colombo
3>Introduce a charge for private entry/exit on weed days morning and evening to/from Colombo .
4>Initiate a overhead road go strait.

Trains --->

1>Construct new rail way to parallel with current one.
2>Increase Trains Schedules.

Boats,Ships --->

We are still far behind of use this as a transport.
Government need to this this also..

No need of Increase Tax of a vehicle.
Start of Construction Overhead Road will worth more and more(you know what is highways )

conclusion :-

No Point of Blaming,Need to Start Development to go further.
Increase of Tax is not the way of reduce the traffic.

(Increase the alternatives are the way of get rid in)

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  1145792
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 10:44 am
Message reputation : 100% (4 votes)
Good one from Chuti. Multiple options to improve current transportation and new ones should be looked at. You have covered a lot. I thought of two things but highly doubt Monorail or an underground system will be cost effective for SL folks. 

One more thing. Lot of people come to Colombo to get things done as some main govt and private offices are based here. Also only some Col hospitals have most facilities and medicine so people go there. Do you know that about 60% who come to clinics are from outside Colombo district. Even other services same  think of passport office. Some of them come with extended family as well Smile

So if these services are available in chosen main cities can reduce people coming to Colombo.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 11:11 am
Message reputation : 100% (3 votes)
Thank U Bala,Ur two concept is very good for the country,but as i feel it's not the right time to introduce underground with current political situation.U know current gov unable to propose a thing like that.

Colombo is the big business city of SL.so i feel to do the business it's really required people,so As Bala said government can shift some services out of Colombo city. and Any suggestion to change School Hours ?????
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 8:59 pm
Message reputation : 100% (3 votes)
Move all the top schools out and you will get immediate results.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 9:04 pm
Message reputation : 100% (3 votes)
Backstage wrote:Move all the top schools out and you will get immediate results.

Only Problem is if any gov initiate this opinion,the black marks goes to them,so they wont do so..good opinion Back Smile
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 9:55 pm
Message reputation : 100% (1 vote)
If moving top school will get immediate why traffic problem during school holy days
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Sun Jan 31, 2016 10:02 pm
Message reputation : 100% (2 votes)
Deegoda Gamage wrote:If moving top school will get immediate why traffic problem during school holy days

lesser traffic than regular days,and extra class also located city areas.
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Mon Feb 01, 2016 2:54 pm
Message reputation : 100% (1 vote)
Some body told me New Delhi India has introduced new system

Only even number(Last Number 2.4.6.8 0) Cars can
enter City one day

and

other day only odd number( Last number.1. 3.5.7.9)
can enter the city

Number of Cars entering city has reduced effectively
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම  Empty Re: තියෙන ප්‍රශ්නත් හරි ට්‍රැෆික්‌ ප්‍රශ්නෙත් හරි විසදුමක්‌ නැති ට්‍රැෆික්‌ නාඩගම

Mon Feb 01, 2016 3:01 pm
Message reputation : 100% (1 vote)
Imagine the cops trying to figure out the numbers as they fly past.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum