- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
චීනය ජෝර්ජ් සොරෝස් ට අනතුරු අඟවයි
චීනයේ මුදල් ඒකකය වන රෙන්මිඹි සාර්ථක මුදල් ඒකකයක් නොවන බවට ජෝර්ජ් සොරෝස් විසින් කරන ලදැයි කියනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. මෙහිදී People’s Daily වාර්තාවට අනුව චීනය විසින් කියා ඇත්තේ රෙන්මිඹි ට එරෙහිව යුද්ධයකට යාමෙන් වළකින ලෙස අවවාදාත්මකව දැනුම් දෙන බවයි.
1997 වකවානුවේදී ආසියානු කලාපය තුළ ඇති වූ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් හා 1992 දී එංගලන්තයේ Bank of England හි කඩා වැටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ ජෝර්ජ් සොරෝස් වෙතයි. මෙවැනි කරුණු හේතුවෙන් චීනය කියා සිටින්නේ තම මුදල් ඒකකය හැසිරවීමට යාමෙන් වළකින ලෙස ජෝර්ජ් සොරෝස් වෙත අවවාදාත්මකව දැනුම් දෙන බවයි.
චීන මුදල් ඒකකය වන රෙන්මිඹි පසුගිය 2015 අගෝස්තු මස සිට මේ දක්වා 5.7% කින් අවප්‍රමාණය වී තිබේ.
පසුගිය දා මෙරට පැවති ආර්ථික සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජෝර්ජ් සොරෝස් ය. ඔහු එහිදී කියා සිටියේ තම ආයෝජන කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ මේ වන විට සොයා බලන බවයි.