The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on International Markets
Yesterday at 11:21 am by The Invisible

» Thread for News on Local and Foreign Politics
Yesterday at 11:20 am by The Invisible

» Thread for News on CSE and SL Economy
Yesterday at 11:19 am by The Invisible

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BFN - Orient Finance
Fri Dec 07, 2018 6:05 pm by nihal123

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» බඩගිනී
Thu Dec 06, 2018 5:34 pm by PANTOMATH

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» CFVF - First Capital
Wed Dec 05, 2018 1:39 pm by The Invisible

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Dividend Announcement
Mon Dec 03, 2018 11:50 am by lanka

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

» WATA - Watawala
Fri Nov 09, 2018 10:22 am by The Invisible

» Asian markets rally as investors see positive in US gridlock
Fri Nov 09, 2018 8:02 am by serene

» CSE RISE , RIDING ETHICALLY
Wed Nov 07, 2018 5:53 am by pjrngroup

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

‘දැඩිතර සෝකමාලය‘

Go down

‘දැඩිතර සෝකමාලය‘

Post by කිත්සිරි ද සිල්වා on Fri Sep 25, 2015 10:11 pm

නිව්යෝර්ක් පුර ‘දැඩිතර සෝකමාලය‘ -යහපාලනලන්තේ කතා 2

අහෝ දුකකි.. ඉරකි... තිතකි...

මේ කළ අපරාධයට නම් යහපාලනලන්තේ උන්ට හෙණ හතක් ගහලාත් මදිය. වෙනදා මේ කාලය වන විට නිවියෝර්ක් නුවර වෙසෙන මිහින්ලන්ත දේශප්රේතමීන් වන අප සිටියේ මහත් වූ ප්රීයතියෙනි, උද්දාමයෙනි. මහා මණ්ඩලයේ සම්මන්ත්රෙණ ශාලාවට යන්න අවසර ලැබෙන්නේ එක රටකින් දහ දෙනෙකුට වඩා අඩු පිරිසකට වුනාට අපගේ මහ රජානෝ සිව් රඟ සෙන් පිරිවරා ගුවන් යානයක් පුරවාගෙන මෙහි පැමිණ ගොඩ බසින චිත්තාකර්ශනීය දර්ශනය බලන්නට මෙවරත් අපි පුල පුලා දෑස් දල්වාගෙන සිටියෙමු. ඒත් මෙවර ඒ කිසිදු විසිතුරක් නැත. යහපාලක තුමා හත් අට දෙනෙකු සමග පැමිණ තිබේ.

2006 සිට 2014 දක්වාම සෑම වසරක් පාසාම අපි අධිරාජ්යලවාදී පර සුද්දන්ට අපේ අතීත ශ්රී  විභූතිය කියා පෑවෙමු. මෙවර අප සිතා සිටියේ උගන්ඩාවේ ඉඩි අමීන් කළාක් මෙන් ඉල්ලන ගානක් දී සුද්දන් හතර දෙනෙකු ලවා අපේ මහ රජ තුමා දෝලාවෙන් නිව්යෝර්ක් නගරය වටා රවුමක් ගෙන යන්නට ය.

ඒත් ජනවාරි 8 වෙනිදා යහපාලනලන්ත මෝඩ ජනතාව අපගේ ඒ සිහිනය සුනු විසුනු කළෝය. දැන් අපට පාරට බහින්නටවත් විදිහක් නැත. පර සුද්දන්ගේ පඩත්තල කඩොළු කතාත් ඇනුම්පදත් අසන්නට සිදුවෙලා ය. ජනාධිපති ඔබාමාට වත්කමක් නැති වුනාට අපේ මහ රජතුමාත් එතුමාගේ පිරිවර සේනාවත් වෙනුවෙන් තෙල් සල්ලි ආකර වල පීනන සුල්තාන්ලා නවාතැන් ගන්නා ඇස්ටෝරියා හෝටලයේ වෙනදා වෙන් කරන තට්ටුව මෙවර පාළුවට යනු ඇත. ඒ තට්ටුව මදි තරමට වෙන්කර ගන්නා ලද නගරයේ වෙනත් පළමු පෙළේ හෝටල් වල කාමරද පාළුවට යනු ඇත. වෙනදා උජාරුවෙන් අපේ අය වෙනුවෙන් පාරවල් අරක් ගත් ලිමෝසීන් රථ හැට හැත්තෑවක් ගරාජ් වල සුසුම් ලමින් පාර්ක් කර තිබෙනු ඇත. කවුරු ගන්නද?

වෙනදා මේ කාලයට නිව්යෝර්ක් නුවර සාප්පු සංකීර්ණ වල මිලදී ගත් බඩු මුට්ටු අතින්  කටින් එල්ලා ගෙන යන එන සාඩම්බර මිහින්ලන්තවාසීන්ගේ මනස්කාන්ත දර්ශනය අනේ කවදා ආයේ දැක ගන්නද? සාප්පු අයිතිකාරයෝ මැසිවිලි නගනු ඇත. උන් මීට පසුව කඩ සාප්පු වසා දැමීමටත් බැරි නැත. වෙන අවුරුදු වල මිහින්ලන්තෙන් එන අපේ කට්ටියගේ චිත්ත ප්රීසතිය උදෙසා 42 වන වීදියේ ඇඟේ නූල් පොටක් වත් නැතිව ඇඹරි ඇඹරි නටන නංගිලාට මේ පාර හරි පාලුවක් දැනේවි. ඒ දුකට එයාලා හරියට නටන එකකුත් නැතිවේවි.

මහ රජ තුමා බිසවුන්නාන්සේ සහ පුත් කුමාරවරු නිරන්තරයෙන් ටී වී වලින් ඉන්ටර් නෙට් වලින් දැක බලා ගත්තත් උන්නාන්සේලාට ආවතේව කරන මාලිගාවේ මුළුතැන්ගෙයි උයන පිහන, ලූණු සුද්ද කරන, වතුපිටි වල මල්පාත්ති වලට වතුර දමන, වත්තේ හරක් දිගේලි කරන, පොල් කඩන භවතුන් දැක බලා ගන්නට ලැබෙන එකම අවස්ථාව යහපාලනය විසින් අපට අහිමි කර තිබේ. ඔවුන් සමග එක් වී හෝටල් කාමරයක මිනී බාර් එකක් හිස් කර සින්දුවක් කියා පොඩ්ඩක් නටා බ්ලූ ෆ්ලිම් එකකුත් බලා ආතල් එකක් ගන්නට අපට තිබූ අවස්ථාවද අහිමි කර තිබේ. මෙය කොතරම් අසාධාරණයක් ද ?  

අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම නිව්යෝර්ක් නුවර පදිංචිව සිටියත් රජතුමා නවාතැන් ගන්නා හෝටලයේ සතියක් හමාරක් නවාතැන් ගැනීමට ලැබීමේ මහඟු අවස්ථාව අපට අහිමි කෙළේ ඇයි? ගෙවල් දොරවල් වසා දමා රජතුමා සමග එන අපේ හිතවතෙකු සමග සතියක් හමාරක් ඒ හෝටලයේ ගත කිරීම ගැන ඉරිසියාවක් වත් හිතිලාද?

වෙනදාට බිසොවුන් වහන්සේගේ ආවතේවයට සැදී පැහැදී සිටින අපේ බිරින්දෑවරුන් පවා මේ දිනවල සිටින්නේ මහත් විස්සෝපයෙනි. මිහින්ලන්තයේ වෙසෙන ඥාතීන්ගේ දරුවන් ලොකු ඉස්කෝලෙකට දම්මවා ගන්නට ලොකු මහත් වෙච්චි දරුවන්ට ලොකු තැනකින් රස්සාවක් ඉල්ලා ගන්නට, නෑනාගේ මස්සිනාගේ ස්ථාන මාරුව නැතිනම් ප්ර්මෝෂන් එක හදවා ගන්නට, පුල පුලා බලා සිටි අපගේ ඇත්තන්ට ඇත්තියන්ට දැන් ඉතින් කාගේ පිහිටක් ද?

ඇමරිකානු සමාජයේ ධනවතුන් වංශවතුන් යන එන සාප්පු වලට බිසොවුන් වහන්සේත් ඇගේ සත්කාර කණ්ඩායමත් එක්කරගෙන යන්නට ආයේ ලැබෙන්නේ කවදාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජතුමාටත් බිසොවුන් වහන්සේටත් වාහන සහ ආරක්ෂාව දී තිබියදීත් හදිස්සියේ වුවමනාවක් වුනෝතින් යයි කියා  ස්ටෑන්ඩ් බයි හිටුවා තිබෙන ලිමොසින් වලට ලැබෙන දෛනික කුලිය ආයේ ඉතින් කවදා ලබා ගන්නද? ජැන්ඩියට හැඳ පැළැඳගෙන රජ තුමා එක්ක මිහින්ලන්ත වාසීන්ගේ සුහද හමුවට යන්නට ආයේ ලැබෙන්නේ කවදාද? රජතුමායි පුත් කුමාරවරුයි සමග මීට පෙර ගමන් වල ආ ගිය නිරූපිකාවන් ගැන සමහර කඩප්පුලියන් අතන මෙතන අරක මේක කියද්දී ඉස්සර අපේ රජවරුන්ට පන්සියයක් අන්තහ්පුර බිසෝවරු සිටි බව මතක් කර දුන්නේ අපියි. ඒ නිසා සතුරු හමුදා සුනු විසුනු කර රට එක් සේසත් කළ අපේ විරෝධාර රජතුමා අග බිසොවුන් වහන්සේට අමතරව රිදී දෝලි යකඩ දෝලි පරිහරනය කළාට වරදක් නැතැයි කියා තර්ක කෙළේ අපියි. එහෙව් අපිට යහපාලක තුමා මෙහෙම කෙළේ ඇයි..?

මහා මණ්ඩල ශාලාවේ හැම රටවලම හැම දෙනාම පිරී ඉන්නේ ජනාධිපති ඔබාමාගේ කතාවට පමණය. අනෙක් කතා යද්දී එහෙමට සෙනගක් නැත. ඒ නිසා අපේ රජතුමා සභාව අමතන වෙලාවට ශාලාව පුරවන්නට එම්බසියේ ඈයෝ වෙන රටවලින් ණයට ඉල්ලාගෙන එන පාස් වලින් සභා ශාලාවට ගිහිල්ලා ස්වාසිලන්තයේ හරි මයික්රොවනීසියයාවේ හරි ඉබාටුවේ හරි කාගේ හෝ පුටුවක වාඩි වෙලා අපේ රජතුමාගේ කතාවට අප්පුඩි ගහපු අපට මෙහෙම කරපු එක හරිද කියලා යහපාලනතුමා තමන්ගෙන්ම අහලා බැලුවානම් වඩා හොඳය.

අනික අපේ රජතුමාගේ කතාව මිහින්ලන්ත ජනතාවට පෙන්වන කොට, කතාකරන රජතුමායි ඔබාමාගේ කතාවට සවන් දීලා අප්පුඩි ගහන රාජ්යන නායකයොයි පූට්ටු කරලා මාට්ටු කරලා නිව්ස් හදල මීඩියා මැජික් පෙන්වන්න අපේ මීඩියා කාරයන්ට යලි කවදා අවස්ථාවක් උදා වෙයිද?

කොහොම නමුත් මෙවර මහා මණ්ඩල වැඩේ නම් අපේ නම්බුවට කොහොමටවත් ගැලපෙන එකක් නෑ. යහපාලන තුමා කෝඩු කාරයා නිසා මේවා ගැන දැනුමක් තේරුමක් බරක් පතලක් නැතුව ඇති. ලබන ගමන වෙනකොටවත් එතුමාට රටේ නම්බුව, කීර්තිය, විභූතිය ගැන කල්පනාවට ආවොත් නම් ඉතින් අපිට ගොඩ ගියහැකි.

-යහපාලනලන්තයේ ලංකා ඊ නිව්ස් හි පදිංචි ඊ.කේ.අයියා නිව්යෝර්ක් නගරයේ සිට රචනා කරන ලදී ( සියළු හිමිකම් අයියලා සතුය)-

* එක්දහස් හත්සිය ගණන් වල දකුණු පළාතේ ජීවත් වූ ගජමන් නෝනා කිවිඳිය තමා විඳින දුක කියා එකල හම්බන්තොට පලාතේ සිටි යටත් විජිත දේපොල බාර නිලධාරියා වූ සර් ජෝන් ඩොයිලිට යැවූ කාව්යයය “දැඩිතර සෝකමාලය“ නම් වේ  


http://www.lankaenews.com/news/2764/si/si

Some may now question me, how this has anything to do with CSE.
I say to them Think Deep. Very Happy
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: ‘දැඩිතර සෝකමාලය‘

Post by කිත්සිරි ද සිල්වා on Sat Sep 26, 2015 12:08 pm

යහපාලනයද ( යමපාලනයද ) මේ ? Shocked

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: ‘දැඩිතර සෝකමාලය‘

Post by කිත්සිරි ද සිල්වා on Sat Sep 26, 2015 9:38 pm

Constitution law is not my forte.
I was wondering, is there any provision in the constitution to charge the President (impeach or no confidence) for breaching the trust of the people by this act of accompanying his son on this trip.
Anyone with legal back ground to comment?
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: ‘දැඩිතර සෝකමාලය‘

Post by yellow knife on Sat Sep 26, 2015 9:46 pm

Why Nations Fail?

By chasing out a dictator you get another who abuse power openly bravely and unpleasantly than earlier.. that happened in Russia, Ethiopia, Nigeria and many more...

Whether you like it or not you cant engineer development... That is a historical process..

This will continue upto 2020... but i am confident we are seeing the end of third lapse in politics since independence... give life to next stage by educating oneself and in return by spreading your learning to others and by showing all politicians on stage that your days are numbered and below the stage there are millions more suitable than you on stage

yellow knife
Top contributor
Top contributor

Posts : 6107
Join date : 2014-03-27

Back to top Go down

Re: ‘දැඩිතර සෝකමාලය‘

Post by කිත්සිරි ද සිල්වා on Sun Sep 27, 2015 8:00 am

Thanks YK.
I am envious of your optimism.   Very Happy
yellow knife wrote:Why Nations Fail?

By chasing out a dictator you get another who abuse power openly bravely and unpleasantly than earlier.. that happened in Russia, Ethiopia, Nigeria and many more...

Whether you like it or not you cant engineer development... That is a historical process..

This will continue upto 2020... but i am confident we are seeing the end of third lapse in politics since independence... give life to next stage by educating oneself and in return by spreading your learning to others and by showing all politicians on stage that your days are numbered and below the stage there are millions more suitable than you on stage
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum