- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වැටුණ මුදල් සමාගම් 06 ක් නග්ගන්න මහ බැංකුව මැලේසියානු සරණ යයි
Tuesday, 08 September 2015 01:17
බිද වැට් ඇති මුදල් සමාගම් ගොඩ නැගිමට අදාල අධ්‍යයන චාරිකාවක් සදහා මහ බැංකුවේ නිළධාරින් තිදෙනෙකු මැලේසියාව කරා පිටත් කර යැවිමට මහ බැංකු අධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් මහ බැංකුවේ ඇතැම් පාර්ශව වල නොසතුට පළ වි ඇතැයි එහි වාර්තා කියයි.
පසුගිය 90 දශකයේ අඟ භාගයේ එරට මුල්‍ය අංශයේ අර්බුදයක් ඇති වු අවස්ථාවේ එයට පිළියම් යොදා ඇති ආකාරය අධ්‍යයනය කර ඒ අනුව දේශිය අර්බුදයන්ට විසදුම් ලබා දිම මෙම සංචාරය අදාල නිළධාරින්ට ලබා දිමේ අරමුණ වි ඇත.
මෙම වාර්තා අනුව Central Investments & Finance PLC (CIFL) ,The Finance, City Finance Corporation Ltd, The Standard Credit Finance Ltd සහ EAP සමුහයේ සමාගම් දෙකක් මේ වන විට ද්‍රවශිලතා අර්බුදයන්ට ලක්ව ස්වකිය අඛණ්ඩ පැවැත්ම පිළිබඳ තර්ජනයන්ට මුහුණ දි ඇත.
මේ අතුරින් Central Investments & Finance PLC (CIFL)මේ වන විට මුළු මණින්ම අකර්මන්‍යව ඇතත් කොළඹ කොටස් වෙළෙඳ පොල තවමත් ගනු-දෙනු සිදු වෙමින් ඇති අතරේ ඒ සදහා ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සදහා එහි තැන්පතුකරුවන් දැඩ් වෙහෙසක් ගෙන කටයුතු කරති.රුපියල් බිලියන 03 කට අධික තැන්පතු මෙහිදි ගෙවිය යුතුව ඇත.
කලක් වොන්ඩර්ලයිට් සමාගමේ හිමිකරු වු දිනේෂ් හෙට්ටිආරච්චි සතු City Finance Corporation Ltdමේ දිනවල විදේශ ආයෝජකයෙකු අපේක්ෂාවෙන් සිටි.හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමගේ පුත්‍ර යෙකු වන ඩී.කේ බෝගොල්ලාගම මහතා ගේ සහභාගිත්වයෙන් යුතු සිංගප්පුරුව පදනමි කර ගත් One Asia Investment Partners (“One Asia”) නම් ආයෝජන උපදේශණ සමාගම තවදුරටත් අර්බුදයට පත් City Finance Corporation Limited (formerly Industrial Finance Limited) හි අරමුදල් ආයෝජනය කිරිමට එකඟ වි ඇතැයි මහ බැංකු ප්‍රකාශකයෙකු රන්දොරට මෙයට පෙර කීය.
මේ වන විට රුපියල් මිලියන 175ක පමණ මුදලක් ඔවුන් මෙම සමාගම නැවත නගා සිටුවිම වෙනුවෙන් ආයෝජනය කර ඇති බව කී මෙම ප්‍රකාශකයා තවදුරටත් සමාගමේ සක්‍රිය ව්‍යාපාරික කටයුතු සිදු කිරිම සදහා රුපියල් බිලියනයකවත් අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් පැන නැගි ඇති බව අවධාරණය කළේය.
The Standard Credit Finance Ltd මේ වන විට Entrust groupපාලනයට නතුව පවති.
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14