- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තේ කර්මාන්තයට පහර පිට පහර වදී. අනාගතය අඳුරේද?
biz_man Top News July 23rd, 2015
රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන අර්බුද හේතුවෙන් මෙරට තේ අපනයන කැපී පෙනෙන කඩා වැටීමකට ලක්වී තිබේ.
මේ අනුව, පිට පිටම අටවන මාසය සඳහාත් මෙරට තේ අපනයන අඩුවෙමින් 2015 මැයි මාසයේදී ලංකාව විසින් අපනයනය කළ තේ ප්‍රමාණය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 12.1 කින් පහළ බැස තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් අනාවරණය වේ.
2014 වසරේ මැයි මාසයට සාපේක්ෂව ගෙවුණු මැයි මාසයේදී ලංකාවෙන් රුසියාවට සහ මැදපෙරදිගට යැවූ තේ ප්‍රමාණය සියයට 19.2 කින් සහ සියයට 9.7 කින් අඩුවී ඇත.
රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහත රට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්ත කරුවන් සඳහන් කරන්නේ පහත රට තේ මිල මේ නිසා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.
පසුගිය මාස හය තුළදී පමණක් රූබලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පමණ අවප්‍රමාණය වූ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ රුසියාවේ ණය වර්ගීකරණය ඉදිරියේදී පහළ දැමීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවයි.
ශ්‍රී ලංකාවෙන් වසරකට තේ මෙට්‍රික් ටොන් මිලියන 300 ක් පමණ පිටරට යවන අතර මින් මෙට්‍රික් ටොන් මිලියන 200 ක් පමණම පහත රට තේ වේ.
පහත රට තේ වලින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 40 ක් පමණ මිලදී ගන්නේ රුසියාව විසිනි. ඒ අනුව, පහත රට තේ මිලදී ගන්නා ප්‍රමුඛම රට වන්නේ රුසියාවයි.
රුසියාවේ ආර්ථික අර්බුදය නිසා එරට විසින් මිලදී ගන්නා ශ්‍රී ලංකා තේ ප්‍රමාණය අඩුවී තිබේ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: තේ කර්මාන්තයට පහර පිට පහර වදී. අනාගතය අඳුරේද?
Yes, this is a real threat and authorities have to think differently.
Coffee gaining grounds with their innovations and TEA stands on their previous glories than being innovative.
People are more concerned about healthy lifestyles these days than before and TEA should take cue from this trend.
(Disclaimer - Hold a few counters of producers and brokers in my Pf).