- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොට්ටාව නව නගරයේ ප්‍රවාහන මධ්‍යස්ථානයට නව රජය අත තියයි
මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරික සංවර්ධන සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මගී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බස් හා දුම්රිය සම්බන්ධ කර ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මාකුඹුර නව නගරය සංවර්ධනය කිරීම කරන බව සඳහන්ය.
මේ යටතේ බස් පර්යන්තයක්, දුම්රිය ස්ථානයක්, බස්/කුලී රථ නැවතුම් පොළක් සහ අදාළ මාර්ග පද්ධතිය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නව රජය සඳහන් කර තිබේ.
මෙම බහුවිධ ප්‍රවාහන පද්ධතිය සහ නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය රජය කාලයේදී කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර 25 ක ඉඩමක් පවරාගෙන තිබුණි.
කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම එම සැලසුම් අතර විය.
තිබූ සැලසුම් වලට අනුව හයිලෙවල් මාර්ගය මෙම ස්ථානයේදී කනු මතින් උඩින් ඉදිකිරීමට නියමිතය.
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සහිත නව නගරයේ ඉදිකිරීම් පිළිබඳව අප විසින් පසුගිය වසරේ ජූලි මාසයේ පලකළ ප්‍රවෘත්තියක් මෙන්න!
http://www.adaderana.lk/biz
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම