දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
- 100%
- Posts : 106
Join date : 2014-07-19
දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
පිළිකා රෝගය පිළිබඳව ද අපට කිව හැක්කේ එයමයි. රෝහල්වලින් ප්‍රතික්ෂේප කළ රෝගීන් බොහෝ දෙනෙක් දේශීය ප්රතිකාරවලින් අප දැනුවත්වම සුව කර දී ඇති අවස්ථා එමටය.
වයස අවුරුදු අසූ දෙකක් වූ මවක් පසුගිය දිනක පිළිකා රෝහලට ගෙන ගොස් තිබුණේ රෝගියා කෙසේ හෝ සුව කර ගැනීමේ පවිත්‍ර ෙච්තනාවෙනි.
එක දිගටම මාස කිහිපයක් වෛද්‍ය ප්‍රතිකාර ගෙන තිබුණත් සුවතාවක් තිබුණේ නැත. පිළිකා සෛල සිරුර පුරා වර්ධනය වෙමින් තිබුණේ මරුවාට අත වනමිනි.
වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි කළ යුතු සියලු කටයුතු නොපිරිහෙළා ඉටු කළත් අන්තිමේදී රෝහලෙන් ලැබුණ පිළිතුර හද කම්පා කරවන තරම් ශෝකජනකය.
"මේ අම්මාට තවත් ප්‍රතිකාර කිරීමෙන් වැඩක් නෑ. කොහොමත් ජීවිතේ අන්තිම කාලෙ නේ. දැනටමත් පිළිකා සෛල වර්ධනය වෙලා වැඩියි. ඔයගොල්ලො මේ ලෙඩා ගෙදර එක්ක ගිහිල්ලා හිත සතුටින් තියා ගන්න."
එම අවස්ථාවේ ඔවුන් නිකමට මෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් දේශීය වෙදකමෙන්වත් මෙයට නිසි ප්‍රතිකර්මයක් තිබේ දැයි මගෙන් විමසුවේය. හෙළ වෙදැදුරුවරුන් පිළිබඳ නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින මට පිළිකා රෝගවලට විශේෂත්වයක් දක්වන ගලේවෙල දේවහූවේ පුලස්ති වෙද මැඳුර සිහියට ආවේය.
මම දන්නා තරමින් රෝගීන් කිහිපදෙනකු මේ වෙදැදුරුගෙන් පිළිකාවලට ප්‍රතිකාර ගෙන සුවපත් කරල තියෙනවා. එවැනි රෝගීන් කිහිපදෙනකු සමගත් මම කතාබහක යෙදී තිබෙනවා. සමහර විට මේ වෙදැදුරුට ඔබලාගේ රෝගියාටත් සුවයක් ලබා දීමට පුළුවන්කමක් තියේවි. නමුත් මම දන්නේ මෙතැනට ගිය රෝගීන් කිහිපදෙනා ගැන විතරයි. ඇතැම් විට ප්‍රතිකාර වරදින්නේ නම් ඒ රෝගියාගේ පෙර අකුසල කර්ම නිසා මිස වෙදකමේ වරදකින් නොවේ යෑයි කියමින් පුලතිසි වෙද මැදුරේ වජිරජීව වෙදැදුරු පිළිබඳව පැහැදිලි කිරීමක් කළෙමි.
මාගේ විස්තරයට කිසියම් පැහැදීමක් ඇති කර ගත් මිත්‍රයා ඊට පසු දිනම තම රෝගියා ගලේවෙල දේවහූවේ පුලස්ති වෙදමැඳුරට ගෙන ගියේ කෙසේ හෝ ඇය තවත් කාලයක් ජීවත් කරවීමේ අපේක්ෂාවෙනි.
ක්ෂණයෙන් රෝගියා පරීක්ෂා කළ වෙදැදුරු ඇයගේ වයස පිළිබඳව ද සැලකිලිමත් වෙමින් රෝග නිර්ණපත් ටික ද පරීක්ෂා කළේය. ඒ වන විට උදර ප්‍රදේශයම පිළිකා සෛලවලින් වැසී තිබෙන බවක් එක්ස්රේ කොපියේ සටහන් වී තිබුණත් ඔහු ඒ ගැන බියක් ඇතිකර ගත්තේ නැත.
අපි බලමු බෙහෙත් පත්තියක් කරලා. මේ බෙහෙත් ටිකෙන් වරදින්න විදියක් නෑ. එහෙම වැරදුනොත් තවත් ඉදිරියට ප්‍රතිකාර කිරීමේ තේරුමක් නෑ. රෝගියාට නො ඇසෙන සේ වජිරජීව වෙදැදුරු ඥාතීන්ට පමණක් ඇසෙන සේ කීවේය.
දින 14 ක බෙහෙත් පන්තියකින් පසු නැවත එක්ස්රේ කොපියක් සමඟ ඔවුන් පුලස්ති වෙද මැඳුරට ගියේ රෝගියා නොමැතිවය.
එදිනද සියලු තොරතුරු විමසා නැවත එක්ස්රේ කොපිය පරීක්ෂා කර තවත් දින 14 කට ප්ර්රතිකාර නියම කෙරිණි. මෙයාකාරයෙන් මාස තුනක් එක දිගට ප්‍රතිකාර කිරීමෙන් පසු පිළිකා රෝහලෙන් ප්‍රතික්ෂේප කළ ඒ මහලු මාතාවට සුවය ලැබුණේ දේව හාස්කමකින් නොව හෙළ වෙදකමේ ම තිබෙන මහානුභාවෙන් යෑයි කීවොත් එහි වරදක් නැත.
"දැන් හොඳටම සුවයි. ශරීරය පුරා පැතිරෙමින් තිබුණ පිළිකා සෛල මැරිල ගිහිල්ල. තවත් මේ සෛල වැඩෙන්නෙ නෑ."
අවසාන වශයෙන් රෝගියාගේ ඥාතීන්ට විස්තර කර දුන්නේ එදින ද ඔවුන් රැගෙන ගිය එක්ස්රේ කොපිය පරීක්ෂා කිරීමෙන් පසුවය.
වජිරජීව වෙදැදුරුගේ මේ ප්‍රකාශයට අතිශයින් ම සතුටට පත් ඔවුහු නැවත සැක හැර දැන ගන්නට එම වාර්තාවද රැගෙන බටහිර වෛද්‍යවරුන්ට පෙන්වීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දැන් නම් පිළිකා සෛල වර්ධනයක් නොමැතිව රෝගියා සුවපත් වී ඇති බවයි.
සති දෙකකින් මරු තුරුලට යනවා කියූ ඒ මහලු මාතාව පසුගිය දිනෙක මා සමඟ ද කතා කරමින් දැන් මම නිරෝගී සුවයෙන් ඉන්නවා යෑයි පැවැසුවාය.
පුලස්ති වෙද මැඳුරෙහි පියපුතු වෙදැදුරු දෙදෙනා පිළිබඳව මීට ප්‍රථමයෙන් ද මම විස්තර කර ඇත්තෙමි. එහෙත් රෝගීන්ගේ හිත සුව පිණිසම යළි යළිත් ඔවුන් පිළිබඳ මතකය අලුත් කරවීම මහඟු සමාජ සත්කාරයක් සේ මම සලකමි.
ජ්‍යෝතිෂයත් ගුප්ත විද්‍යාවත් හෙළ වෙදකමේ කොටස්කරුවෝ ය. මේ දෙකම නිවුන් සහෝදරයෝ මෙන් විය. එකින් එකට ඈඳෙමින් කරන ප්‍රතිකාරය කිසිසේත්ම වරදින්නේ නැත. යම් යම් ඖෂධ නිපදවීමේදී ජ්යෝaතිෂයත් නිපදවා ගත් ඖෂධ බල ගැන්වීමට ගුප්ත විද්‍යාවත් නැතිව බැරිය. මේ කාර්යයන් සියල්ල එක පිට පුලස්ති වෙද මැඳුරෙන් කෙරෙන්නේ පියපුතු සංයෝගයෙන් යෑයි කීවොත් එහි වරදක් නැත.
මේ වෙද මැඳුරෙන් නිපදවෙන ඖෂධ බල ගැන්වීමට පියා යුහුසුළු වෙද්දී පුතා රෝගීන්ට ඒවා නියම කරමින් නිරෝගී සුවය අත්කර දෙන්නේය.
කන්ද වැද්දාගෙන් පැවත එනවා යෑයි කියන ඒ වෙද පරපුරේ ආදිතමයෝ බොහෝ ය. එහෙත් වර්තමානයට අනුගත වී ඇත්තේ වජිර ජීවක කුමාර සහ ඔහුගේ පියා ය. මුලින් මෙම වෙදකම පවත්වා ගෙන ගියේ ඔහුගේ පියා ය. එහෙත් දැනට පුතා වන වජිරජීව වෙදැදුරු ආයුර්වේදයෙන් උපාධිය ලබාගෙන සිය පරපුරේ වෙදකමට අත්පොත් තබා කිසියම් දක්ෂතාවක් දක්වන බව රෝගීන්ගේ තොරතුරුම සාක්ෂි දරන්නේය.
මෙම ලිපිය අවසන් කරන්නට පෙර මම පුලස්ති වෙද මැඳුරේ වජිරජීව වෙදැදුරුගෙන් ප්‍රශ්නයක් ඇසීමි.
"අපේ පුලස්ති වෙද මැඳුරට එන සියලුම රෝගීන් සුව වෙනවා යෑයි මම කීවොත් එය මුසාවක් වේවි. නමුත් ඇතැම් රෝගීන්ගේ කුසලාකුසල කර්මයනුත් සුව වීමට හෝ නොවීමට බලපානවා. හොඳම උදාහරණය තමයි බුදුහාමුදුරුවන්ට හැදුන ලේ අතිසාරය. උන්වහන්සේ එය මතුවෙන්න ඉඩ හැරියේ බුදු වුණත් අකුසල කර්ම විපාක දීම පෙන්වීමටයි. එහෙම නැතිව උන්වහන්සේව එය යටපත් කර ගැනීමට නොහැකිව නොවෙයි. එහෙම නම් පෙර අකුසල කර්ම තියෙනවා නම් විඳවන්න වෙනවමයි. ඒක වෙදකමේ තියෙන දුබලතාවක් නෙමෙයි. ඒක මේ වෙද මැඳුරට විතරක් නෙමෙයි සියලු තැන්වලට පොදු ධර්මතාවක්.
විමලසිරි අගලකඩ _ දිවයින
- aviner
- Posts : 42
Join date : 2015-05-04
Re: දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
- jiggysaurusTop contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
aviner wrote:Yes, this is 100% truth. i also got medicim from that doctor, he cure me within 3 month period. i suffered 12 years due to the ill health of PHLEGM. PLEASE SPREAD THIS NEWS, IT WILL REASON TO SAVE LIFES OF PEOPLES....
Defa Defa he very powerful, he cure me within 3 weeks period. I suffered 16 years and 1 month due to the ill health of JIGGY addiction.
We must get One Shot to do a promotion and spread this news.
- aviner
- Posts : 42
Join date : 2015-05-04
Re: දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
- SBerni
- Posts : 34
Join date : 2014-08-11
Re: දේශීය වෙදකමට අභියෝගයක් නොවූ පිළිකාව
Don't worry. He misjudged. Not cured yet. His difficulty.aviner wrote:i am not joker, by spreading this news i have no profit. thanks for your comment.
- sfmr555
- Posts : 90
Join date : 2014-08-25