- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
උත්තරධ්‍රැවයේ අයිතිය කාගේ ද? බෙන්ජමින් එම්. වීගෝල්ඩ්, අරුණි ශපිරෝ පරිවර්තනයක්.
විවිධ රටවල ආණ්ඩු විසින් තත්වය තවත් බරපතල වෙන අන්දමකින් ආක්ටික් වෘත්තය දිගේ උත්තරධ්‍රැවයේ අයිතිය දිනාගැනීමේ සටනක යෙදී සිටිති. උත්තරධ්‍රැව කලාපීය ස්වභාවික සම්පත් දිහා ඔවුන්ගේ ඇස් සියල්ලම එල්ල වී ඇත. ලොව දැනට පවතිනවා යැයි සොයාගෙන ඇති භාවිත නොකරන ලද තෙල් සහ පාෂාණ වායු (natural gas) වලින් 22% ක් උත්තරධ්‍රැව මුහුදු පතුලේ ඇතැයි කියැවේ.
මෙවසරේ සිට 2017 දක්වා ආක්ටික් කවුන්සිලයේ මූලාසනය හිමිව පවතින්නේ ඇමෙරිකාවටයි. මෙය 1996 දී පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර සමුළුවකි. කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, රැසියාව සහ ඇමෙරිකාව එහි සමාජිකත්වය දරන රටවල් වෙති. එම කවුන්සිලයේ අරමුණ හැටියට “ ආක්ටික් රටවල් අතර සහයෝගීතාවය, සම්බන්ධීකරණය, සහ අන්‍යෝන්‍ය කටයුතු සඳහා මාර්ගයක් පාදා දීම … [සහ] ආක්ටික් නිපන් සමාජ … [ඇමතීමට] …” යනාදී වශයෙන් සඳහන් වේ.
වර්තමානයේ හටගෙන ඇති රැසියන් ඇමෙරිකන් එදිරිවාදීකම් අනුව ආක්ටික් කවුන්සිලයේ මූලාසනය කොතරම් බලපෑම් සිද්ධ වන ආකාරයකින් සහ කුමන අරමුණු සඳහා භාවිතා වේදැයි බලා සිටීම ප්‍රයෝජනවත්ය. උත්තරධ්‍රැවය පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන බවට ඇමෙරිකන් ආණ්ඩුව විවේචනයට ලක් වී තිබුණි. ආක්ටික් කවුන්සිලයේ රැස්වීමකට සහභාගී වූ ප්‍රථම රාජ්‍ය ලේකම් තනතුර දැරූ අය බවට පත්වූයේ 2011 දී හිලරි ක්ලින්ටන්ය. එහෙත් දේශපාලන වාසියක් ඇතැයි දකිද්දී වොෂිංටනය තම හැදියාව වහා වෙනස් කරන බව සැවොම දනිති.
මේ අතර, රැසියන් සමූහාණ්ඩුව ඔවුන්ගේ ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය වැඩියෙන් භාවිතයට ගනිමින් රැසියන් ආක්ටික් හමුදා කඳවුරු යළි විවෘත කරන බව දැනුවත් කිරීමට සමගාමීව ජනාධිපති ව්ලැඩිමියර් පූටින් බාල්ටික් මුහුදේ සබ්මැරීන් එකක සිටින ඡායාරූප ද විසුරුවා හරින ලදි. 2007 ආක්ටිකාගවේෂණයේ දී ඔවුන් තම ප්‍රසිද්ධිය පිණිස ගත් උත්සාහයක දී උත්තරධ්‍රැවයේ මුහුද පතුලේ රැසියන් කොඩියක් අටවා එය ඔවුන්ගේ යැයි සංකේතමය ලෙසකින් ප්‍රකාශ කර සිටියහ.
තත්වය තවත් සංකීර්ණ කරමින්, පසුගිය වසරේ දී ඩෙන්මාර්කය විසින් එක්සත් ජාතීන්ට පෙත්සමක් යවා කියා සිටියේ එහි 900,000 km2 ප්‍රමාණයක භූමිය තමන්ට අයිති බවයි. එය ඩෙන්මාර්කයට වඩා විසිගුණයකින් වැඩි ඉඩ ප්‍රමාණයකි! කැනඩාවත් ප්‍රොපගැන්ඩා උත්සාහයේ එල්ලුනේ එහි අගමැති විසින් නත්තල් සීයා කැනේඩියානු පුරවැසියෙක් යැයි ප්‍රකාශ කරමිනි.
ඉතින්, ආක්ටික් කවුන්සිලයේ සෑම සාමාජිකයෙක්ම පාහේ තමන්ට උත්තරධ්‍රැවය අයිතියක් ඇතැයි කියන්නට ඉදිරිපත් වී සිටිති. එසේම එහි සාමාජික නොවන නිරීක්ෂකයන් ද ඒ සඳහා වෑයමක් ගෙන ඇත.
උත්තරධ්‍රැවයේ රාජ්‍ය පාලනය සඳහා නීතිමය පදනම
මේ හිමිකම් පදනම් වනුයේ 1982 දී එක්සත් ජාතීන් ඉදිරියේ වූ මුහුදු ගිවිසුම් පිළිබඳ නිතියයි. ගැඹුරු මුහුදේ මායිම් සම්පාදනයේ මාර්ගෝපදේශකයක් වශයෙන් සකස් කරගත් එයින් මුහුද පත්ලේ ඇති ස්වභාවික සම්පත් ගැන විශේෂ අදාළතාවයන් ද දැක්විණ. සුවිශේෂී ආර්ථික කලාපයක් (EEZ) ගැන මතියක් එම ගිවිසුමෙන් පිහිටුවන ලදි. රටවල් වලට ලැබී තිබෙන පූර්ණ අයිතියට අනුව ගවේෂණයට, කැනීම් යනාදියට මේ EEZ තුලින් රටක වෙරළේ සිට නාවුක සැතපුම් 200 ක් දක්වා ප්‍රමාණයක් ලැබීම ගැන සඳහන් වුණි.
එම ගිවිසුම තුලින් නිල වශයෙන් මහාද්වීපික තටාක අයිතීන් ගැනත් මතියක් පිහිටුවා ගැනිණ. එයින් එම රටවල “මායිම්” වලට ඔබ්බෙන්, EEZ තුලින් ලැබි භූමි ප්‍රමාණයන් ද ඉක්මවා යන මහාද්වීපික තටාකයන් හිමිව ඇත්නම් තවත් දුරකට අයිතියක් කියන්නට ලැබෙන්නකි. (මෙම නීතිමය නිර්වචනය යනු භූවිද්‍යාත්මක වූ නිර්වචනයන් වලින් ඉඳුරාම වෙනස් බව සලකන්න.) ඉතින් මේ ගැටුම් යනු EEZ කලාපයන් එකමත එක පිහිටීම ගැන සම්බන්ධයෙන් හටගන්නා ලද ඒවායි. විවාදයට තුඩු දෙන පෙදෙස ඔවුන්ගේ වෙරළ මායිමට යාබද යැයි යම් රටකට පෙන්වන්නට හැකිනම්, එවිට ඒ රටට අනෙක් රටේ EEZ කලාපය ප්‍රතික්ෂේප කරන අධිතීරණයක් ද ගන්නට හැකියි.
මහාද්වීපික තටාක අයිතීන් ගැන මතියක් මුලින්ම ගෙනාවේ හිටපු ඇමෙරිකන් ජනාධිපතිවරයෙක් වූ හැරී ටෲමන් විසිනි. එහෙත් තවමත් ඇමෙරිකාව මුහුදු ගිවිසුම් පිළිබඳ නීතිය අපරානුමත කර නැත. මෙය තවමත් නොකරන ලද ආක්ටික් කවුන්සිලයේ රටවල් අතර මෙන්ම ලොව එකම ආණ්ඩුව ද ඇමෙරිකාව වෙයි.
රොත්බාඩ්ගේ පුද්ගලික දේපල පිළිබඳ ආචාර ධර්ම මෙයට මඟ පෙන්වයි ද?
මෙවැනි මහා විශාල ලෙසකින් ගැටුම් හටගන්නා ලකුණු පෙනෙන, එසේම කිසිවෙකුට පැහැදිලි කරගත නොහැකි ලෙසකින් දක්වන හිමිකම් පිළිබඳ වූ තත්වයක දී, දේපල පිළිබඳ යථාර්ථවාදී පද්ධතියකින් විවාදය සමනය කළ යුතු වේ. උත්තරධ්‍රැව ප්‍රත්‍යන්ත දේශයේ අයිතිය පුද්ගලික ගවේෂකයෙකුට, කර්මාන්කරුවන්ට, නැත්නම් ස්වදේශීන්ට හිමි නොවී උත්තරධ්‍රැවයේ පිහිටීමක් යාන්තමකට හෝ නැත්තටම නැති මේ රටවල් වලින් එකකට ලැබිය යුතු ඇයි?
නිදහස පිළිබඳ අචාර ධර්ම යන 1982 සම්භාවනීය කෘතියෙන් මුරේ රොත්බාර්ඩ් විසින් මිනිස්-දේපල අයිතීන් පිළිබඳ ක්‍රමානුකූල න්‍යායක් පිළිගන්වන ලදි. අයෙක් මුහුණ දෙන ඕනෑම දේපල ආරවුලක දී මෙන්ම මෙම ආක්ටික් ගැටුම පිළිබඳවත් මේ වැදගත් පොතේ අදහස් වලින් යම් උපදෙසක් ලබාගත හැකියි.
ස්ව-අයිතිවාසිකම ගැන සත්‍යය තහවුරු කිරීමෙන් පටන් ගන්නා රොත්බාඩ් කියන්නේ සෑම අයෙකුටම තම සිරුරට අයිතියක් ඇතැයි කියාය. තම සිරුරට ඇති දේපල අයිතියත් ඒ සිරුරට අයත් ඉන්ද්‍රීයයන්ට ඇති අයිතියත් නිසා ස්වභාවයෙන්ම නිදහසට අයිතියක් ඇති බවයි. පුද්ගලයෙක් ජීවතුන් අතර සිටින තාක් කල් එම අයිතිය අහිමි කරන්නට නොහැකියි. එය පුද්ගලයාගෙන් වෙන් කරන්නට නොහැකි වූවකි.
අනතුරුව රොත්බාඩ් පෙන්වා දෙන්නේ, තම සිරුරට ඇති දේපල අයිතියෙන් තර්කානුකූලව ඉඩම් හෝ භෞතික වස්තූන් වෙත දේපල අයිතීන් පැවරෙන ආකාරයයි. මෙතෙක් නොදත් සම්පතක් භාවිතයෙන් හා පරිවර්තනයෙන්, අයෙකුගේ “ශ්‍රමය පස් සමඟ මිශ්‍ර කරමින්” නව වාසස්ථාන පිහිටුවා ගැනීමේ සිද්ධාන්තය මුලින්ම තර්කානුකූලව පැහැදිලි කරදුන්නේ 17 සියවසේ බුද්ධි විචාර යුගයේ දාර්ශනිකයෙක් වූ ජෝන් ලොක් විසිනි. එවිට විවාදයට තුඩු දුන් වස්තුව එය පළමුවෙන් භාවිතා කරන ලද්දාගේ යුක්ති සහගත වූ දේපලක් බවට පත්වේ.
සොයාගත් අයට තියාගන්නට හැකියි, සහ පළමුවෙන් එන අයට පළමුවෙන් සේවා සැපයේ යනාදියෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපිට මේ අදහස් නිතර අහන්නට ලැබේ.
සෑම අයෙකුටම ඔවුන්ගේ සිරැරැ වලට අයිතියක් ඇතැයි අපි දනිමු. එසේම සාමාන්‍ය පිළිගැනීම වෙන්නේ ද, කිසිවෙකුත් වාසස්ථානය කර නොගත් ඉඩමක මුල් පදිංචිකරුවා එහි නීත්‍යානුකූල අයිතිකරුවා හැටියටයි. මේ අදහස් පිළිනොගන්නේ නම්, එහි දී අදහස් වෙන්නේ සමහර පිරිසක් විසින් තව පිරිසක් යටත් කරගත්තාට කමක් නැත (වහල් ක්‍රමය) යැයි ද, එසේ නැත්නම් වෙන කාගේ හෝ අයිතියෙන් යුතු වූවක් තමන්ට හා තම යහළුවන් සමඟ බෙදා ගත්තාට කමක් නැත (මංකොල්ලය) යැයි ද බව රොත්බාඩ් තර්ක කරයි.
ඉතින් එහෙනම් කවුද දැන් උත්තරධ්‍රැවය වාසස්ථානය කරගෙන තියෙන්නේ? කවුද එය පැහැර ගන්නට මාන බලන්නේ? වාසස්ථානය කරගත් අයසිටින පෙදෙස් හැරුණු විට, සංවර්ධනය වී වාසස්ථාන කරගෙන ඇත්තේ උත්තරධ්‍රැව මුහුද සහ එහි මහාද්වීපික තටාක කලාපයන් වල ඉතා කුඩා පෙදෙසක් පමණකි. එයාකාරයෙන් බලද්දී මේ උත්තරධ්‍රැවයේ විවිධ රටවල් විසින් කියන නීතිමය හිමිකම් යනු ආර්ථික යථාර්ථයන් හෝ සත්‍ය ලෝකයේ වාසස්ථාන ඉදිකරගත්තා වූවක් ගැන පදනම් වූ ඒවා නොවෙති. එනම්, බොහෝ රටවල් පළාතේ පාලනයට අයිතියක් කිව්ව ද, එහි සත්‍ය හිමිකරුවන් ඉල්ලා සිටින පරිදි මෙය සිද්ධ වෙන ස්ථානයක් කොහේවත් නැත. රොත්බාඩ්ට අනුව, මේ ප්‍රධාන ආර්ථික පියවර නොමැතිව උත්තරධ්‍රැවය ගැන නීත්‍යානුකූල සහ ආචාර ධාර්මික වූ හිමිකමක් කියන්නට නොහැකියි.
දේශපාලන තථ්‍යතාවය
උත්තරධ්‍රැව දේශයේ හිමිකම් තක්සේරුව සඳහා නිදහස පිළිබඳ වූ ආචාර ධර්ම උපදෙස් සැපයුවත් අපට පෙනී යන්නේ පළාතේ අයිතීන් පිළිබඳ හොඳ අදහස් වලට කිසිත් සැලකිල්ලක් නොලැබෙන බවයි.
වාසස්ථාන මොඩලය සමඟින් ආණ්ඩු විසින් උත්තරධ්‍රැවය ගැන කරන හිමිකම් සසඳා බලද්දී ලැබෙන්නේ කුමක් ද? ඩෙන්මාර්කය විසින් උත්තරධ්‍රැවයේ මුහුදෙන් 900,000 km2 භාවිතයට ගන්නේ නැත. ඔවුන් ගවේෂණය නොකරන ලද, මෙතෙක් පරිහරණය නොගත් එහි යට තිබෙන භූමිය ද භාවිතයට ගන්නේ නැත. ඉතින් සත්‍යයෙන්ම ඔවුන්ට එයට කිසිත් අයිතියක් නැත. එසේම රැසියාවට ද, ෆින්ලන්තයට ද, ස්වීඩනයට ද, ඇමෙරිකාවට ද එවැනි අයිතියක් කියත හැකියාවක් නැත. ඉතා කුඩා ඉඩම් කොටස් ප්‍රමාණයකට හැරෙන්නට මේ කිසිවෙකුට යුක්ති සහගත වූ හිමිකම් කියත හැකියාවක් නැත.
තත්වය තවත් සංකීර්ණ වනුයේ දැනටමත් උත්තරධ්‍රැවයේ වෙරළබඩ පෙදෙස් හි ස්වදේශී ජනතාවක් වාසයයි. ඔවුන් භූමිය භාවිතයට ගනිති. යම් රටක් විසින් රාජ්‍ය හිමිකමක් ප්‍රකාශ කරනවා වෙනුවට එම ජනතාවට එයට ඇති හිමිකමට ගෞරව කළ යුතුයි.
ඔවුන් ස්වාධීන යැයි ප්‍රකාශ කර සිටිය දී පවා, සාමි වැනි ස්වදේශී ජනතාව වෙතින්, බලහත්කාරයෙන් විවිධ රාජ්‍යයන් විසින් අනේක අවස්ථාවල දී බදු අයකරගෙන තිබේ. 1950 ගණන් වල දී (එස්කිමෝ ප්‍රශ්නයක් යැයි හඳුන්වා එයට විසඳුමක් ලෙසින්) හයි ආක්ටික් යළි පදිංචි කරවීම් සිද්ධ විය. කැනඩාවේ රජය විසින් “මිනිස් කොඩිගස්” ලෙසින් විවාදයට තුඩුදුන් දේශයේ ඉනුයිට් පවුල් බලහත්කාරයෙන් යළි පදිංචි කරවන ලද්දේය.
සිද්ධ විය හැකි ප්‍රතිඵලය
අවසානාවට, ඉතිහාසය පෙන්වන්නේ ආණ්ඩු විසින් සෑම විටම වැඩි සැලකිල්ලක් දක්වන්නේ දේපල අයිතියට ගරු කිරීම නොව, හමුදා බලය යොදවමින් අලුත් ජනතාවක් සහ දේශයක් පාලනයට ක්‍රම සොයා ගැනීමයි. ඔවුන්ගේ දැක්ම අනුව ශක්තිය හැමවිටම නිවැරදි දෙය ජයගන්නකි.
සියළු දේපල ගැටළු සාමකාමී සහ යුක්ති සහගත ලෙසකින් නිරාකරණයට රොත්බාඩ් විසින් බුද්ධිවිචාරය මත පදනම් වූ ස්වභාවික නීති සැපයුව ද, ආණ්ඩු වලින් කරන උත්තරධ්‍රැව ව්‍යාප්තිවාදයේ සහේතුක ප්‍රතිෂ්ඨාව වෙන්නේ වැඩියෙන්ම ලොකු තුවක්කු උරැක්කු කරන්නට සමත් වෙන්නාට මංකොල්ල කෑ වස්තුව හිමිවිය යුතු බවයි.
ආක්ටික් ස්වදේශී ජනතාව පීඩනයට පත් කිරීම, ගවේෂකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ හඳුනානොගත් අයිතීන්, ආක්ටික් දේශ අතර අවිගත් ගැටුම් පවා, යන සියල්ලම නිදහස පිළිබඳ වූ ආචාර ධර්ම වෙනුවට ඇති විකල්ප පමණි. රොත්බාඩ්ගේ තර්කය නොසලකා හරින තාක් කල්, මෙවැනි ප්‍රතිඵල පමණක් දකින්නට අපට සිද්ධ වේ. මේ 21 වැනි සියවසයි. යල්පැන ගිය, අතීතයේ පරිදි අවිචාර දේශපාලන යුක්ති සහගත කිරීම් ඉදිරියටත් කරනවාට වඩා ඒවායෙන් අයින් වී අලුත් යමක් අත්හදා බලන්නට කාලය එළඹී ඇත.
උත්තරධ්‍රැවයේ අයිතිය කාගේ ද? මැයෙන් අප්‍රේල් 7 වැනිදා බෙන්ජමින් එම්. වීගෝල්ඩ් විසින් මීසස් ඩේලි වෙත ලියන ලද ලිපියේ පරිවර්තනයයි.