- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හෙට බැදුම්කර නිකුතු 02 කින් මහ බැංකුව රුපියල් බිලියන 20 ක් හොයන්න යයි
(www.randora.lk-06/04/15)-ශ්‍රී ලංකා මහ බැංකුව වසර 02 හා 06 ක කලයකින් කල් පිරෙන බැදුම්කර නිකුතුවකින් රුපියල් බිලියන 20 ක් රජය වෙනුවෙන් රැස් කිරිමට නියමිත අතර මෙම නිකුතු හෙට 07 දා සිදු කිරිමට නියමිත බව මහ බැංකු වෙබ් අඩවියේ දැක්වේ.මෙහිදි,කලින් කල්පිරෙන බැදුම්කර නිකුතු නැවත නිකුත් කිරිමක් සිදු නොකරන බවද සදහන්ය.
2017 වසරේ මැයි 15 දා ට කල් පිරෙන වසර 02 බැදුම්කරය මගින් රුපියල් බිලියන 12.5 ක්ද රැස් කිරිමට නියමිත අතර මෙහි අනුපාතය සියයට 8.75 ක් බවද සදහන්ය.වසර 02 ක මේ ආකාරයේ බැදුම්කර නිකුතුවක් එන්නේ වසර 02 කට පසුව බව ප්‍රාථමික වෙළෙඳ පොල නියෝජිතයෝ කියති.
ඒ සමගින් වසර 06 කින් කල් පිරෙන (2021 අගෝස්තු 08 දා) සියයට 11 කූපන් අනුපාතයකින් යුතු බැදුම්කර නිකුතුවකින් රුපියල් බිලියන 7.5 ක් රැස් කිරිමට නියමිතය.පසුගිය මාර්තු 17 දා මේ ආකාරයෙන්ම වසර 06 කින් කල් පිරෙන බැදුම්කර නිකුතුවක් සිදු කළේ සියයට 9.55 ක බරතැබු සාමාන්‍ය අනුපාතයකටය.මෙය මේ වන විට සියයට 9.05/25 අනුපාතයකට ද්විතියික වෙළෙඳ පොලේ ගනු-දෙනු බවන බවද සදහන්ය.
අද මුදල් වෙළෙඳ පොල ප්‍රති මිලදි ගැනුම් අනුපාතය සියයට 6.30/40 හා call moneyඅනුපාතය සියයට 6.70 ක් වු අතර මෙම අනුපාත සදහා මහ බැංකුව බලපැම් සිදු කරන බව සදහන්ය.
වසර දෙකේ බැදුම්කර සියයට 7.85/8 අතරද 2018 ජුනි 01 කල් පිරෙන වසර 03 බැදුම්කර සියයට 8.52/58 අනුපාතයටද වසර 05 බැදුම්කර (2019/09/15 කල් පිරෙන) සියයට 8.82/88 අනුපාතයටද 2022 ජුලි 01 කල් පිරෙන බැදුම්කර සියයට 8.85/9.15 අනුපාතයටද 2023 09/01 කල් පිරෙන වසර 08 බැදුම්කර සියයට 9.65/9.75 අනුපාතයටද 2025 මාර්තු 15 කල් පිරෙන වසර 10 බැදුම්කර සියයට 10.00/10 අනුපාතයටද මේ වන විට ගනු-දෙනු වෙමින් පවති.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26