- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අලුත් අවුරුද්දට අලුත් ගෙයක්
දීර්ඝ කලයක් පුරා මෙම ලිපි පෙළ කියවූ ඔබට නිවෙසක් සෑදීමේදී හිතන්න ඕනෙ කරුණු ගැන දැන් හොඳ අවබෝධයක් ඇති. වසර ගාණක් දුක් මහන්සියෙන් සල්ලි හම්බ කළේ, ඉතුරු කරන්න බැලුවේ පුංචියට හරි වාසනාවන්ත, සිරියාවන්ත ගේ පොඩ්ඩක් හදාගන්න නේද? ඔව්.... එහෙනම් අලුත් නිවෙසක සිහින දැකපු ඔබට මේ උදා වුණේ "සිහින නිවෙසේ" බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්තම වසර කියා නිතරම සිතන්න. බලාපොරොත්තු කියන්නේ හිතේ මැවුණු සිහින තමයි. සිහින මායාවන් නොවී සත්‍ය වෙන්නට නම් ඔබේ කැපවීම නැතිවම බැහැ.
දිනෙන් දිනම ඉහළ යන බඩු මිල ඕනෑම දේකදි බාධාවක් තමයි. හෙට කළ යුතු දේ අමාරුවෙන් හෝ අද පටන් ගන්න එක තමයි මේකට විසඳුම. ගේ හදන්න යන මුළු මුදලම එකතු කරලා වැඩේ පටන් ගන්න යනවා කියන්නේ ඉතාම අමාරු දෙයක්. මේක ප්‍රායෝගික නැහැ. අතේ තියෙන සල්ලි ටිකෙන් කොහොම හරි ගේ හදාගන්නත් ඕනෙ. ධනාත්මකව ඔබ හිතන දේ මෙහිදී හරි වැදගත්. ඒ විතරක් නෙවෙයි. වැඩේ පටන් ගන්න ඕනෙත් බොහොම සරල විදියට. සැලසුමක් ඇතිව, ඔළුවට බරක් ගන්නේ නැතිවයි.
"ගෙයක් හදන එක හරියට කොටි වලිගයක් අල්ලා ගත්තා වගේ" සමහරුන් කියන කතාවක් මේක. වැඩේ පටන් ගත්තාම ඉවර වෙනකම් වියදම්ම තමයි. ඔව්.... කතාව ඇත්ත. ගෙයක් හදනවා කියන්නේ අතේ තියෙන මුදල් නිදන් කරනවා වගේ දෙයක්. මුදල් වැය කරලා ව්‍යාපාරයකදී වගේ එදිනෙදා ලාභ නොලැබුණාට ගෙයක් හදලා අද දිනයේ ඔබ කරන්න යන්නේ අනාගතය වෙනුවෙන් ලොකු ආයෝජනයක්.
නිවෙසේ වගේම ඉඩමේ වටිනාකමත් අවුරුද්දක් ගාණේ වැඩි වෙනවා. ඔබ වාගේම අවට ඉන්නා අයත් ඉදිකිරීම් කරන නිසා තව තවත් වටිනාකම ඉහළ යනවා. ගේ හදන්නේ විකුණන්න නොවුණත් ඔබත් ලොකු වත්කමක හිමිකරුවෙක්.
ඔබත් මේ විදියට හිතන්න. මේ විදියට කරන්න. තවමත් සිහින නිවෙසේ සැලසුම පිළියෙල කර නැති නම් ඔබේ අවශ්‍යතාවන්ට අනුව හුරුබුහුටියට වාසනාවන්ත ගෙයක් සැලසුම් කරගන්න. වාස්තු විද්‍යානුකූල බව හා අඩු වියදම් තාක්ෂණික ක්‍රම ගැන දැනීම ඔබට වාසනාව හා මුදල් ඉතිරිය ඇති කරන දෙයක්. නිවාස සැලසුම ඇඳ, අනුමත කරන කාලය තුළදී ඔබ තවත් වැඩ කීපයක් කළ යුතුයි.
ඉදිකිරීම් කටයුතුවල මූලික පියවර, ඔබට දැරිය හැකි මුදල් ප්‍රමාණය හා කළමනාකරණය ගැන විෂයයේ නිපුණයකු සමඟ සාකච්ඡා කරන්න. නිවාස ණයක් ලබා ගන්නේ නම් ඒවා ගැනත් සොයා බලා කෙසේ හෝ පදිංචි වන තත්ත්වයටවත් වැඩ කටයුතු කර ගන්න මුදල් සොයාගත හැකි ක්‍රම ගැන සොයා බලන්න. අවසානයේ ඔබ සැමට ගැළපෙන සුවිශේෂී නැකැතකට වැඩ පටන් ගන්න. කිරි ගහට ඇන්නා වගේ පැතුම් මල්පල ගැන්වෙන එක නම් සිකුරුයි.
ඔබට කිව යුතු ඉතාම වටිනා දෙයක් තියෙනවා. ඔබගේත් පවුලේ අයගේත් අධිෂ්ඨානය, අරමුණ සාර්ථක වන තුරු නොපසුබට උත්සාහය නම් මෙතැනදී අනිවාර්යයයි. නිවැරැදි තීරණයක් තුළ කිසිම විටෙකත් ඉදිරියට තැබූ පය ආපස්සට ගන්න නම් එපා. පල ඇති රුකට ගල් ගහනවා වාගේ වැඩේ පටන් ගත්තහම ඔබට නොයෙකුත් හිත් රිදීම්, දුෂ්කරතා, ඇස්වහ, කටවහ ආදියෙනුත් අඩුවක් නම් නැති වෙයි. කවුරු මොනවා කිව්වත් කළත් ඔබ නොවේ ආපස්සට හැරිය යුත්තේ. ඔබ අද පටන් ගන්නා දේ හෙට ඒ මුදලට කරන්න බැහැ. ඉදිරියේ දිනයක මොහොතකට ආපස්සට හැරී ඔබගේ උත්සාහයේ ප්‍රතිඵල දැක අභිමානයක්, තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ සඳහා පමා නොවෙන්න. අදම හිතට ගන්න.
බාධක කොපමණ ආවත් ගස්, ගල්, පස්, ඉවුරුවල වැදී හැපී ගංගාවක් තම ගමන සුන්දර කරගන්න හැටි ආදර්ශයට ගන්න. ගඟ මුහුදට වැටුණු විට නිදහස්. දුෂ්කර වුණත් ඔබේ ගමනත් මේ වගේ සුන්දර කර ගන්න. ඔබට ජය!
තෙරුවනේ පින් බලය එක්කයි ජය පිටම ජය රැගෙන එන්නේ
පැමිනුණේ මේ අලුත් වසරයි ඔබේ නිවෙසට මුල්ගල තියන්නේ
සිවිල් ඉන්ජිනේරු වාස්තු විද්‍යාවේදී ගයාන් එරමුදුගොඩ
- WasteofTime
- Posts : 271
Join date : 2014-09-29
Re: අලුත් අවුරුද්දට අලුත් ගෙයක්
Does anyone have an idea of the cost per square foot for constructing your home if you are the contractor and you sub contract. I am referring to a simple normal home (2400 sq/ft to 3000 sq/ft)?
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: අලුත් අවුරුද්දට අලුත් ගෙයක්
nihal123 wrote:අලුත් අවුරුද්දට අලුත් ගෙයක්
නිවෙසේ වගේම ඉඩමේ වටිනාකමත් අවුරුද්දක් ගාණේ වැඩි වෙනවා. ඔබ වාගේම අවට ඉන්නා අයත් ඉදිකිරීම් කරන නිසා තව තවත් වටිනාකම ඉහළ යනවා. ගේ හදන්නේ විකුණන්න නොවුණත් ඔබත් ලොකු වත්කමක හිමිකරුවෙක්.
සිවිල් ඉන්ජිනේරු වාස්තු විද්‍යාවේදී ගයාන් එරමුදුගොඩ
Land is an asset but house is not considering the maintenance it incurs cuz u dont rent it and earn a living but u liv there incurring costs..