- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලොව පුරා කොටස් වෙළඳපළ පහත වැටේ.
Monday, 15 December 2014 - 20:05ලෝක වෙළඳපළේ තෙල් මිල වසර 5කින් අඩුම මිල සටහන් කරද්දී ලොව පුරා මූල්‍ය වෙළඳපළ කොටස් මිල අද කැපී පෙනෙන ලෙස පහත වැටුණා. විශේෂයෙන් බලශක්ති ක්ෂේත‍්‍රයේ කොටස් මිල පහත වැටීම ඊට හේතුවයි. ඇමරිකානු වෙළදපළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 57යි ශත 81 දක්වා පහත වැටී ඇති අතර බි‍්‍රතාන්‍ය වෙළදපළේ සටහන් වන්නේ ඩොලර් 62ක් ලෙසයි. පසුගිය ජුලි මාසයේ සිට ලෝක වෙළදපළේ තෙල් මිල සියයට 40කින් පමණ පහත වැටී තිබෙනවා. කෙසේ නමුත්, මිල සමනය කිරීමේ අරමුණින් නිෂ්පාදනය කපා හැරීමට කටයුතු නොකරන බව ඔපෙක් සංවිධානයේ මහලේකම්, අබ්දුල්ලා අල් බද්රි ප‍්‍රකාශ කළා.
http://www.hirunews.lk/sinhala/business/99280