- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
Exclusive- යුනියන් බැංකුවේ නව සභාපති ධුරයට ඉන්දීය සුපිරි බැංකුකරු PJ Nayak නම් කෙරේ
මේ අනුව කොළඹ යුනියන් බැංකුවේ,වත්මන් සභාපති හා කොළඹ යුනියන් බැංකුවේ TPG Capital හි ඩොලර් මිලියන 113 ක ආයෝජනය මෙරටට ගෙන එමට පුරෝගාමිව කටයුතු කළ අලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල් මහතා ස්වකිය ධුරයට සමු දෙනු ඇතැයි සදහන්ය.කෙසේවෙතත්,ඔහු තවදුරටත් මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇති බවද වාර්තා කියයි.යුනියන් බැංකු ප්‍රධාන විධායක අනිල් අමරසුරිය මහතා ස්වකිය ධුරයට මෙම 14 දා සමු දිමට නියමිත අතර 15 දා සිට ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා මෙම ධුරයේ පත් විමට නියමිතය.
ඉන්දිය සුප්‍රසිද්ධ බැංකු කරුවෙකු වන PJ Nayak මහතා ස්වකිය Morgan Stanley, හි ඉන්දිය ප්‍රධානියා ලෙස කළ සේවයෙන් ඉවත්ව මාස 17 ක ඈවැමෙන් TPG Capital හි උපදේශක ධුරයක් පසුගියදා භාර ගත්තේ ලංකාවේ මෙම යුනියන් බැංකුව ගොඩ නැංව්මේ කටයුත්තට උර දිමට බවද සදහන්ය.
ලංකාවේ බැංකු අංශයේ ඉහළ වර්ධනය තුලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබන්නට නම් අපිට PJ Nayak වැනි මේ අංශයේ විශිෂ්ඨතමයන් ඒ සදහා දායක කර ගත යුතු වෙනවා.යැයි මේ අතරේ ඉන්දිය මාධ්‍ය වෙත කරුණු දක්වමින් Puneet Bhatia නම් TPG Capital හි ඉන්දීය අංශයේ ප්‍රධානියා පවසා ඇත.