- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු
කෘතිම ලෙස වෙළඳපොළ මෙහෙයවීමට කුමන්ත්‍රණය කිරීම සහ ලාෆ් ගෑස් කොටස් මිල සම්බන්ධයෙන් වරදකට සහය දැක්වීම යන චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව විසින් ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ.
මෙම චෝදනා එල්ලවී ඇත්තේ ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, කළමනාකාර අධ්‍යක්ෂ යූ. කේ. තිලක් එන් ද සිල්වා සහ තැරැව්කාර සමාඟමක ආයෝජන උපදේශකවරයෙකුවන තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිව ය.
එම චෝදනා සඳහා වගඋත්තරකරුවන්, වරදකරුවන් වන්නේ නම් වසර 5ක් දක්වා සිරදඬුවමකට යටත් කිරීමේ හැකියාව ඇත.
මධ්‍යම තැන්පතු ගිණුම් උපයෝගී කර ගනිමින් 2011 වසරේ ඔක්තෝබර් 7 සහ 10 යන දිනවල ලාෆ් ගෑස් සමාගමේ කොටස් ඇණවුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙලෙස කෘතිමව වෙළෙඳපොළ මෙහෙයවීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව පෙන්වා දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වන දින මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ.