- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජනාධිපතිවරණට පෙර පළාත් සභා ඡන්දය කැඳවයි..
ඒ අනුව ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වනදා රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත් වූ බව එම ආරංචි මාර්ගවල සඳහන්.
පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා නීතිපතිවරයා වෙත දැනුම්දී තිබූ අතර මත විමසීමට පෙර ඒ ගැන තමාට ලිඛිතව දන්වන ලෙසද නීතිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඒ අනුව නීතිපතිවරයා මේ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
http://nethgossip.lk/article/34383