- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
තායිලන්ත ලෙනෙන් මුදවාගත් දරුවන් තාවකාලික පැවිදි දිවියට
Image copyright AFP
තායිලන්තයේ ලෙනක සිරවී සිටියදී බේරා ගන්නා ලද පාපන්දු කණ්ඩායමකට අයත් පිරිමි දරුවන්ගෙන් බොහෝ දෙනා සාමණේර හිමිවරුන් ලෙස පැවිදි දිවියට පිවිසීමට සුදානම් වෙති.
'අකේ' යනුවෙන් හඳුන්වන ඔවුන්ගේ පුහුණුකරු ද පැවිදි දිවියට ඇතුළත් වනු ඇත. ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ බැවින් එක් පිරිමි දරුවකු මීට සහභාගී නොවේ.
'විපත් සමය' සිහිපත් කිරීමේ තායිලන්ත සම්ප්‍රදාය අනුව යමින් මෙම කණ්ඩායම දින නවයක් විවිධ ආශ්‍රමවල කාලය ගතකරනු ඇත.
ඉතා අසීරු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මුදවා ගැනීමට ප්‍රථම, සති දෙකක කාලයක් මෙම කණ්ඩායම ලෙන තුළ සිරවී සිටියේය.
මුදවා ගැනීමෙන් අනතුරුව රෝහල් ගතකෙරුණු ළමුන් සියලුදෙනා, පසුගිය සතියේ ඉන් පිටව ගිය අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව වාර්තා විය.
Image copyright AFP
Image caption "ආධ්‍යාත්මික පවිත්‍රත්වය" ලබා ගැනීම සඳහා ගත් පියවරක්
දරුවන්ට "ආධ්‍යාත්මික පවිත්‍රත්වය" ලබා ගැනීම සඳහා මෙම පියවර ගත් බව කියැවේ.
"ඔවුන් ආශ්‍රමයේ කාලය ගතකළ යුතුයි. එය ඔවුන්ගේ ආරක්ෂාව සඳහායි," එක් දරුවකුගේ මුත්තණුවෙක් බීබීසී වෙත මිට පෙර පවසා තිබේ.
"ඒක හරියට ඔවුන් මියගියා වගේ. නමුත් දැන් ඔවුන් නැවත උපත ලබලා"
බදාදා (25) පැවැත්වෙන සිවුරු ඇඟලෑමේ චාරිත්‍රයට පෙර ළමයින් හිස මුඩුකොට සූදානම්වූ බව තායිලන්ත බලධාරීන් පැවසීය.
භාවනා කරමින්, වන්දනා මාන කරමින් සහ ආශ්‍රම පිරිසිදු කරගනිමින් අගෝස්තු 4 වෙනිදා දක්වා විවිධ ආශ්‍රමයන්හි ඔවුන් කාලය ගතකරනු ඇත.
Image copyright AFP
Image caption හිස මුඩුකර පැවිදි බවට සුදානම්ව
විසිපස් හැවිරිදි පුහුණුකරු ද ළමයින්ට එක්වනු ඇති අතර, සාමණේර භාවය වෙනුවට ඔහු පූර්ණ භික්ෂු භාවය ලබනු ඇත.
ඔහු මෙම සිද්ධියට මුහුණදීමට ප්‍රථම සාමණේර ලෙස ආශ්‍රමයක කාලය ගතකර තිබේ.
ළමයින් සමග ලෙනට යාම පිළිබඳව 'අකේ' ඇතැමුන්ගේ විවේචනයට ලක්වුනත්, දරුවන්ට භාවනා ක්‍රම උගන්වමින් තැන්පත්ව සිටීමට කියාදුන් හේතුවෙන් ඔහු අගය කිරීමට ද ලක්විය.