- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැනට පවතින ප්‍රධාන හා දිරිසවි පුවරුවලට අමතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ පුවරුවක් හඳුන්වා දීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති රනෙල් ටී විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක ඇතුළු ප්‍රාග්ධන හා මූල්‍ය වෙළෙඳපොළෙට සම්බන්ධ පාර්ශවකරුවන් රැසක් එක්වී සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ සුළු හා මධ්‍යපරිමාණ පුවරුව හඳුන්වාදීම කාලීන තීරණයක් බවත් මෙය මෙරට පුද්ගලික ව්‍යවසායන් සවිබලගැන්වීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් බවත් කියා සිටියේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ මෙම නව පුවරුව EMPOWER පුවරුව ලෙසින් නම් කර තිබේ. මෙම පුවරුවෙහි ලැයිස්තුගත වීමෙන් පොදු මහජනතාවට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම අදහස් කෙරේ.
ණය ලබා ගැනීමේ දී එය අනාගතයේ දී පොලියක් සමඟ නැවත පියවීමක් කළ යුතු වුවත්, කොටස් නිකුත් කිරීම හරහා එසේ සිදු නොවන අතර එය ප්‍රාග්ධන වියදම්, මෙහෙයුම් ප්‍රාග්ධනය, අපත්පත්කර ගැනීම්, වෙළෙඳපොළ සේවා සහ අනෙකුත් වර්ධන මූලාරම්භයන් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනයකරදීමේ ප්‍රධාන මෙවලමකි.
මෙහිදී සමාගමේ වත්කම් තහවුරු කිරීම් හෝ පෞද්ගලික ඇපකාරීත්වයන් අපේක්ෂා නොකරන අතර උපායමාර්ගික වශයෙන් වැදගත් ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට අවකාශ හිමිවේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ EMPOWER පුවරුවෙහි ලැයිස්තුගත වීම සඳහා සපුරාලිය යුතු මුලික අවශ්‍යතාවයන් පහත පරිදි වේ.
ප්‍රකාශිත ප්‍රාග්ධනය ලැයිස්තුගත කරන අවස්ථාවෙහි රුපියල් මිලියන 25ට වඩා වැඩි හා රුපියල් මිලියන 100 ට වඩා අඩු විය යුතුය.
සාමාන්‍ය මූලික කොටස් නිකුතුවක දී මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 10 ක් විය යුතුය.
ධනාත්මක ශුද්ධ වත්කම් - අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන දිනයට අදාළ වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය වාර්තාවට අනුකූල විය යුතුය.
අයදුම්කරන්නා මව් සමාගමක් නම් ඒකාබද්ධ විගණිත මූල්‍ය වාර්තාවන් හී ධනාත්මක ශුද්ධ වත්කම් අයදුම් කරන දිනයට අදාළ වර්ෂයට ආසන්නතම වර්ෂයට අනුකූල විය යුතුය.
අයදුම්කරන දිනයට ආසන්නතම වසර 2 ක මෙහෙයුම් ඉතිහාසයක් තිබිය යුතුය.
ලැයිස්තුගත වීමේ අයදුම්පතඉදිරිපත් කරන දිනට රුපියල් මිලියන 600 ක් හෝ ඊට අඩු මුළු වත්කම් තිබිය යුතුය.
අයදුම්පත්‍රය ඉදිරිපත් කරන ආසන්නතම වසරට අදාව වෙනස් නොකළ විගණන මතය හෝ වාර්ෂික වාර්තාවෙහි අඛණ්ඩ අවධානයක් තිබෙන බවට ස්වාධීන විගණන මතයන් ඉදිරිපත් නොවීම.
අයදුම්පත්‍රය කොළඹ කොටස් හුවමාරුව විසින් අනුමත කළ අනුග්‍රාහකයෙකු හරහා ඉදිරිපත් කළ යුතුය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
- විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි
- කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි