- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
June, 19, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනය තුළ දී ඒකක 44.78 කින් පහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,265.73 වශයෙනි. මේ අනුව පෙර දිනයට වඩා සියයට 0.71 කින් අද දින කොටස් වෙළෙඳපොළ පහළ ගොස් තිබේ.
සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය 9 වන දිනය අද වේ.
මේ අතර දර්ශකය ද අද දිනය තුළ ඒකක 40.37 කින් පහළ ගොස් ඒකක 3,473.52 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට වඩා සියයට 1.15% ක කඩා වැටීමකි.
දිනය තුළ රුපියල් මිලියන 638.63 ක පිරිවැටුමක් වාර්තා විය.
ආසන්න මාස දෙකක කාලපරිච්ඡේදය සලකා බැලූ කල, 2018 අප්‍රේල් 18 දින සිට අද (ජූනි19) දක්වා කාලය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 286.1 කින් පහළ ගොස් තිබේ. 2017 අප්‍රේල් 18 දින එහි අගය වාර්තා වූයේ ඒකක 6,551.8 ක් පරිද්දෙනි.
මේ අනුව පසුගිය මාස දෙක තුළ දී සියයට 4.36 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී තිබේ.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
June, 27, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා මෙරට ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති සිය ආයෝජනවලින් කොටසක් ඉවත් කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව තීරණය කර තිබේ. මේ බව කොටස් තැරැව්කාර සමාගම් වෙත, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායකවරයාගේ අත්සනින් යුතු ලිපියක් මගින් දැනුම් දෙමින්, බැංකුව විසින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ කොටස් ආයෝජන විකුණා දැමීම සඳහා 2018 ජූනි 30 දිනට පළමුව යෝජනා කැඳවනු ලබන බවයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී කොටස් තැරැව්කරුවන් කිහිප දෙනෙකුම විසින් මෙවැනි ලිපියක් තමන් වෙතට ද ලැබී ඇති බවත්, පවතින වෙළෙඳපොළ තත්ත්වය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි කොටස් වෙළෙඳපොළේ තීරණාත්මක ආයෝජන අරමුදලක්, සිය ආයෝජන ඉවත් කර ගැනීමට තීරණය කිරීම, විමතිය දනවන කරුණක් බවත් කියා සිටියෝය.
එසේම කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් පහළ බැස තිබෙන මෙවන් වකවානුවක මෙයාකාර තීරණයක්, තවදුරටත් මිල ගණන් පහළ යාමකට හේතු විය හැකි බව ද ඔවුහූ අවධාරණය කළහ. තවද පවතින මිල මට්ටම්වල දී සිය ආයෝජන විකුණා දැමීමට තරම් ද්‍රවශීලතාවයක් කොටස් වෙළෙඳපොළ තුළ මේ වන විට නොපවතින බවත්, අනෙක් අතට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් ආයෝජනවලින් බහුතරයක්ම මේ වන විට විට පවතින්නේ උපලබ්ධි නොවූ අලාභ මට්ටම්වල බවත් වැඩිදුරටත් මෙහිදී අනාවරණය විය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාවට අනුව කෙටි කාලීන වෙළෙඳ ගනුදෙනු පරමාර්ථයෙන් බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන ආයෝජන කළඹෙහි ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 3.52 කි. කෙසේ වෙතත් 2017 දෙසැම්බර් 31 දිනට එහි වෙළෙඳපොළ වටිනාකම සටහන් වන්නේ රුපියල් බිලියන 2.35 ක් ලෙසිනි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශක අගය 2.85% කින් පහළ බැස තිබෙන අතර ඒ අනුව අදාළ වෙළෙඳපොළ වටිනාකම තවදුරටත් පහළ මට්ටමකින් නිරූපණය වීම නොවැළැක්විය හැකි කරුණකි.
කාණ්ඩ 14 ක් යටතේ 40 ක් ඉක්මවූ සමාගම් කොටස් ප්‍රමාණයක මෙම ආයෝජනයන් සිදුකර තිබේ. බැංකුව විසින් යෝජනා කැඳවා ඇත්තේ මෙම ආයෝජන කළඹෙහි තිබෙන සමාගම් කොටස් 37 ක් වෙනුවෙනි. තවද යෝජනා ලබා දීමෙන් පසු මාස 04 ක් ඇතුළත එම කොටස් විකිණීමට අදාළ කොටස් තැරැව්කරු විසින් කටයුතු කළ යුතු වේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව 2017 දෙසැම්බර් 31 දිනට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි එම වත්කම්වලින් සමාගම් කොටස්වල ආයෝජනය කර ඇත්තේ සියයට 1 කටත් වඩා අඩු අගයයකි.
කොටස් තැරැව්කාර සමාගම් වෙත අදාල දැනුම් දීම සිදුකළ ලිපිය සහ අදාළ ආයෝජන සම්බන්ධයෙන් 2017 වාර්ෂික වාර්තවෙහි උපුටන කිහිපයක් පහතින් දැක්වේ.

මේ විදියට පෝස්ට් දාන්නේ මට අලුතින් ඒවා දාන්න බෑ, එඩිට් කරන්නත් බැරි නිසා බව කාරැණිකව දන්වා සිටිමි.
LEGEND
New posts [ Locked ] New posts [ Locked ]
මොකද මෙහේම වෙන්නේ ? දන්න කවුරැ හරි කියනව ද ?
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28

Try to get confirmation.
nihal123 wrote:කොටස් වෙළෙඳපොළේ ආයෝජන ඉවත් කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව යෝජනා කැඳවයි

- Ethical TraderTop contributor
- Posts : 5568

nihal123 wrote:http://biz.adaderana.lk/
මේ විදියට පෝස්ට් දාන්නේ මට අලුතින් ඒවා දාන්න බෑ, එඩිට් කරන්නත් බැරි නිසා බව කාරැණිකව දන්වා සිටිමි.
LEGEND
New posts [ Locked ] New posts [ Locked ]
මොකද මෙහේම වෙන්නේ ? දන්න කවුරැ හරි කියනව ද ?
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
lankaninvestor@gmail.com
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
nihal123 wrote:Yes inform to Admin.
lankaninvestor@gmail.com
- 2017 මාස තුනක් යන්නත් කලින් කොළඹ කොටස් සියයට 4 කින් වැටිලා
- සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- මාස 09 කදී සියයට 5 කින් කොළඹ කොටස් පසුබසී
- මාස 9 කදී කොටස් වෙළෙඳපොළ 8% කින් කඩා වැටෙයි