- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'
Image copyright Getty Images
නියමිත වේලාවට වඩා තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වීමෙන් මගීන්ට ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට ජපාන දුම්රිය සමාගමක් ක්‍රියා කර තිබේ.
මින් මාස කීපයකට පෙර ද මෙවැනි සිදුවීමක් වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටීමට දුම්රිය බලධාරීහු ක්‍රියා කළහ.
"අපේ පාරිභෝගිකයන් මේ විදියට දැඩි අපහසුතාවට පත් කිරීම ඇත්තෙන්ම සමාව දිය නොහැකි වරදක්," යනුවෙන් දුම්රිය ක්‍රියාකරුවෙකු පැවසීය.
පසුගිය වසරේ නොවැම්බර් මස දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සකට පෙර පිටත් වූ නිසා අදාළ සමාගම මගීන්ගෙන් සමාව අයැද සිටියේය.
දුම්රිය නොටොගාවා දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ උදෑසන 7.11 ට බව හසුරවන්නා සිතා සිටියත්, එය 7.12 ට පිටත්වීමට නියමිතව තිබිණි.
දුම්රියේ දොරවල් මිනිත්තුවකට පෙර වසා දැමුණු අතර, එසැණින් ඔහුට සිය වැරැද්ද වැටහුණි. ඒ අවස්ථාවේදී වුවද ඔහුට වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය ඉතිරිව තිබුණි.
එහෙත් දුම්රිය වේදිකාවේ බලා සිටි මගීන් නොදුටු ඔහු තත්පර විසිපහකට පෙර දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇත.
Image copyright AFP
දුම්රිය පිටත් වීමට සුළු වේලාවකට පෙර වේදිකාව මතට පැමිණි මගීන්ට එය ඉවතට ඇදෙනු බලා සිටීමට සිදු වූ බැවින් ඒ පිළිබඳ දුම්රිය බලධාරීන්ට පැමිණිලි කිරීමට මගීන් කටයුතු කර ඇත. ඉන් සුළු මොහොතකට පසු දුම්රිය සමාගම ඔවුන්ගෙන් සමාව අයැද තිබේ.
ජපාන දුම්රිය සේවා නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබද මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'
If someone makes a mistake, we are reluctant to report, thinking that by doing that, eventually, he/she will lose his/her job and he/her and his/her family will be destitute.
Back in our minds, this Karma thing is running and that is making our decision-making ability weak.
So, instead of taking the bull by the horn, all that we do is sidestepping and hoping someone else will step in and deal with the situation.
It will be a Win-Win situation for me.
No bad Karma and also get to reap the benefits.
Ultimately, no one does anything and we are like ආඩි හත්දෙනා වගේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'
කිත්සිරි ද සිල්වා wrote:I think the problem with us is that we do not demand such behaviours from anyone.