The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 06, 2018 8:36 am
Message reputation : 100% (2 votes)
A few days back I was fortunate enough to visit a “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala, Sri Lanka.

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala 28660410

This garden is full of rare and very useful herbs, plants and trees needed in Ayurvedic treatments.

Everything is given away free of charge.

The place is well known in and around the area.

If anyone is interested in visiting the place, one has to take the Kahathuduwa ( කහතුඩුව ) exit on the E01 expressway and ask direction, which is another 05 minutes’ drive away from the exit point.
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 06, 2018 9:16 am
Message reputation : 100% (1 vote)
r they giving plants for free kith?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 06, 2018 2:56 pm
YES, Depending on the prescription.
(It will be given away free if the entire plant is needed for the preparation).
CK wrote:r they giving plants for free kith?
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 06, 2018 5:14 pm
Message reputation : 100% (1 vote)
Thanks kith for the important news.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 06, 2018 5:19 pm
Message reputation : 100% (1 vote)
Thanks Kith.
avatar
miran
Posts : 2
Join date : 2014-04-30

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 06, 2018 7:12 pm
As far as I know, this is a CSR project of Jinasena Group (Particularly of Loadstar if I am not wrong)
avatar
lanka
Posts : 624
Join date : 2014-11-26

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Wed Mar 07, 2018 12:13 pm
Message reputation : 100% (2 votes)
we are still fortunate to hear about such acts & generous, noble-minded people in our motherland.

May All They be Healthy, Strong & Happy !!!

Thank you, dear Kith - lot of merits.
avatar
soileconomy
Posts : 82
Join date : 2016-05-26
Age : 46
Location : Nebraska

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Thu Mar 08, 2018 8:17 am
Message reputation : 100% (1 vote)
Should appreciate
AjithR
AjithR
Posts : 283
Join date : 2014-09-15

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Tue Mar 13, 2018 6:01 pm
Message reputation : 100% (1 vote)
Please read this article about Polgasovita Osu Uyana.
http://www.rivira.lk/epaper/sunday/2018/03/11/index.html#25/z
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Sun Mar 25, 2018 12:26 pm
Message reputation : 100% (1 vote)
මනුස්සකම ආයෝජනය කළ 'ජිනසේන කලාව'
ආචාර්ය තිස්ස ජිනසේන
සල්ලිකාර පවුලක ඉපදී සැප විඳින්නටම හැකිව තිබියදී මේ මහ පොළොවේ පය ගසා දුක සතුට කඳුළ සිනහව විඳින්නටත් වැඩ කරන මිනිසුන් හා එක්ව දහඩිය මුගුරු හළා හරි හරියට වැඩ කරන්නටත් ඔහු වෙනත් මඟක් තෝරා ගත්තේය.‘ජිනසේන’ නම ලොවට ගෙන ගිය පරපුරක මහා මිනිසකු වූ ඔහු ව්යාපාරික ලෝකයේ තරුවක් වන්නේ ඒ වෙනස්ම වූ ගති ලක්ෂණ නිසාය.
• ‘ජිනසේන’ ලකුණ රටේ තැබු පරම්පරාවක ඔබ තුන්වැනි පරපුර. දැනගන්න කැමැතියි ඔබේ වතගොත...
සී. ජිනසේන මගේ සීයා. එතුමා තමයි 1905 බයිසිකල් අලුත්වැඩියා කරන වැඩපොළකින් මේ ජිනසේන ඉංජිනේරු කර්මාන්තය ඇරැඹුවේ. ශ්රී ලංකා දුම්රිය පාසලින් ඉංජිනේරු ශිල්පය හදාළ එතුමා, එතුමාගේ පුතු ටී. එස්. ජිනසේනත් ඉංජිනේරුවෙකු කළා. ඒ මගේ පියා. මගේ පියා ඔහුගේ පුතුන් හතර දෙනාවමත් ඉංජිනේරුවන් කළා. ඒ අනුව අපි ඉංජිනේරු පවුලක්.
• වෘත්තිය ඉංජිනේරුවෙකු වුණත් ඔබට තියෙන්නෙ වෙනස් ගමනක් නේද...
ඔව්. සීයා, තාත්තා, මම සහ මගේ අයියලා තුන්දෙනාටමත් ඒ කාරණාව පොදුයි. සාම්ප්රදායික අර්ථයේ ඉංජිනේරුවකු නොවී, රටේ කර්මාන්ත ක්ෂේත්රයට උදව් වන ආකාරයේ නව නිපැයුම් සහ රැකියා අවස්ථා උදා කළා. නමුත් මං ඉන් ඔබ්බට ගිහින් මේ ගමනට තවත් වෙනස් මුහුණුවරක් දුන්නා. ඒ තමයි කලා විෂයන් කළ අය ඉංජිනේරුවන් කිරීමේ ව්යාපෘතිය.
• ලංකාවේ අධ්යාපන ක්රමය තුළවත් සැකසී නැති එවැනි වැඩපිළිවෙළක් ඔබ ක්රියාත්මක කරන්නේ කොහොම ද...
මේ ව්යාපෘතියට තරුණ තරුණියන් තෝරාගන්න අපි ඈත ගම්දනව්වලට යනවා. ඒ පළාත්වල ළමයි කලා විෂය තෝරා ගන්නේ වෙන කරන්න දෙයක් නැති කමට මිස විද්යා, ගණිත අංශයට අදක්ෂ නිසා නෙවෙයි. ඔවුන්ට පහසුකම් නැහැ. අද මේ රටේ කී දෙනෙක් ඉන්නව ද කලා උපාධි තියාගෙන රස්සා නැතිව. කලා විෂය කළා වුණත් ඉංජිනේරු කර්මාන්තයට ළැදි තරුණයන් තෝරා ගෙන අපි මේ පුහුණුව පටන් ගන්නවා. මේ සඳහාම ඇප කැප වූ ආයතන තුනක් ක්රියාත්මකයි.
• මොනව ද ඒ ආයතන...
ප්රමුඛ ආයතනය තමයි ඒකල පිහිටි JITI හෙවත් ජිනසේන නව නිපැයුම් හා කාර්මික පුහුණු ආයතනය. ඉන් ලබා දෙන ඉංජිනේරු දැනුම හා පාඨමාලාව සමානයි, ‘Edexel High National Diploma’ පාඨමාලාවට.
අනෙක තමයි, JTRT ආයතනය. සුනාමියෙන් පීඩාවට පත් මිනිසුන් උදෙසා පටන් ගත් මේ ව්යාපෘතියත් අද පුහුණු පාඨමාලා පැත්තට නැඹුරු වෙලා. JTF කියන්නේ, ‘තිස්ස ජිනසේන පදනම'. ඒකෙන් කෙරෙන්නේ තනිකරම පුණ්ය කටයුතු. ආකල්ප වර්ධනය කරන සහ බණ භාවනා වැඩසටහන්.
• ඔබේ පියා හඳුන්වා දුන් ජිනසේන වතුර පොම්පය වැඩි දියුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ ඔබට...
1977 විවෘත ආර්ථිකය ඇරැඹීමත් සමඟ තරගකාරිත්වය වැඩිවුණා. සෙන්ට්රික් වතුර පොම්පයත් නවීන තාක්ෂණයෙන් වැඩිදියුණු කළා. ඒ වගේම කොළ මඩින යන්ත්ර, අත් ට්රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ ගණනාවක් ජිනසේන නිෂ්පාදන අතරට එකතු කරන්න මට පුළුවන් වුණා.
• ඔබේ වෘත්තිය ජීවිතය ඇරැඹෙන්නේ...
1973 වසරේ. ඒ. පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්යක්ෂවරයා ලෙසින්. එවිට මා, එංගලන්තයේ Loughborough විශ්ව විද්යාලයෙන් නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උපාධියත් ‘Reading’ විශ්ව විද්යාලයෙන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ගෙන. ඒ සියල්ලට වඩා පුංචි කාලේ පටන් වැඩබිමේදී ලැබු පන්නරය ඇඟේ තිබුණා. වැඩ කරන්න පටන්ගත් පසුවත් වරින් වර පිලිපීනය, ජපානය ඇතුළු රටවල් ගණනාවකට ගොස් ලැබු පුහුණුව සහ අත්දැකීම් මං අපේ වැඩබිම්වල කාර්මිකයන් හා බෙදා ගත්තා.
• ඔබ ඉංජිනේරුවෙකු වුණේ මවුපියන්ගේ බල කිරීමට ද නැතිනම් ඉංජිනේරු ශිල්පය ඇඟේ තිබුණු නිසා ද...
අපි හතරදෙනාම ගියේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට. ඉස්කෝලේ ඇරිලා ආ ගමන් අපි යන්නෙ ගංගාරාම පන්සල ළඟ තිබුණු අපේ වැඩපොළට.
ඉංජිනේරුවෙකු වුණත් අපි දකිනවා අපේ තාත්තා මජං නාගෙන වැඩ කරන අයත් එක්ක හරි හරියට වැඩ කරන හැටි. අපිත් පොඩිකමට එක එක දේ හදනවා. බාස්උන්නැහේලට උදව් කරනවා. වැඩ කිරීම, මනුෂ්යත්වය, කළමනාකරණය, අරපිරිමැස්ම මේ සියලු දේවල් ආදර්ශයක් විදියට මගේ ඇඟට ආවේ ඒ ළමා කාලයේදීමයි.
• 1984, ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් පිළිගන්නව ද...
ඒක මට විතරක් නෙවෙයි, ජිනසේන සමාගමටත් සුවිශේෂී වසරක්. එය සිදුවුණේ බෙල්ජියමේ සිට පැමිණි පියරේ ප්රින්ජියස් මහතාගේ හමුවීමත් සමඟයි. ගල් ටයර් හෙවත් ගන ටයර් නිෂ්පාදනයට අත ගැසුවේ, එය ලංකාවේ එවැනි ප්රථම ටයර් කර්මාන්ත ශාලාව වශයෙන්. ඒ වෙනකොට එහි කිසිඳු අගක් මුලක් හෝ තාක්ෂණයක් අප දැන සිටියේ නැහැ. මා සතු ඉංජිනේරු දැනුමින් සකසා ගත් ප්රාථමික මට්ටමේ උපකරණ කිහිපයකින් සහ ප්රින්ජියස් මහතා සතු රබර් තාක්ෂණික දැනුමෙන් ඒ වැඩේට අතගැසුවේ. පසු කලෙක ලොව අංක එකට ඔසවා තැබු ‘ලෝඩ්ස්ටාර්’ සමාගම බිහිවුණේ එලෙසින්.
• ඒ ගන ටයර් යැව්වේ ලෝකයේ රටවල් ගණනාවකට. මෙය අභියෝගයක් වුණේ නැද්ද....
මුහුණ දුන් දුෂ්කරතා බාධක ගැටලු අපමණයි. නමුත් අපගේ ඉංජිනේරු දැනුමින් යළි යළිත් නැගිටිමින්, නව සොයා ගැනීම් කරමින් කෙසේ හෝ ලෝක වෙළෙඳපොළ ජය ගත්තා. පසුකාලීනව ගල් ටයර් නිපදවන තවත් ආයතන බිහි වූවත් අපිට කිසිඳු අභියෝගයක් වුණේ නැහැ. වර්තමානය වන විට ලෝක ගන ටයර් වෙළෙඳපොළෙන් 25% ක පමණ කොටසකට හිමිකම් කියමින් ලෝකයේ අංක එකේ ගන ටයර් නිෂ්පාදකයා බවට පත්ව තිබෙනවා. ඒ වාර්තාව කිසිඳු රටක් බිඳ නැහැ. 2006, 2007 වසරවල ශ්රී ලංකාවේ තනි විශාලතම අපනයන කරුවා ලෙස සම්මානනීය වූයේත් ලෝඩ්ස්ටාර් සමාගමයි.
• ප්රතිපත්ති සහ ආකල්ප පිළිබඳ ඔබ හුඟක් කතා කරනවා. ආයතනයක සාර්ථකත්වයට ඒ කාරණා දෙක බලපාන්නෙ කොහොම ද...
ඒකට මා දක්වන හොඳම උදාහරණය ලෝඩ්ස්ටාර් සමාගමයි. මේ ආයතනය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන ගියේ ප්රතිපත්ති සහ යහපත් ආකල්ප මතින්.
• මොනව ද ඒ ප්රතිපත්ති...
අන්යයන්ට ගරු කිරීම, උසස් පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීම, අවංක හා සෘජු බව, කැපවීම, වගකීම හා සාමූහික බව, පරිසරයට හා සංස්කෘතියට ගරු කිරීම... මේ තමයි අප ලෝකයේ අංක එකට ඔසවා තැබු ආයතනික ප්රතිපත්ති. මේවා අප සියලු සේවක සාමාජිකයන් පිළිපදින්නේ දර්ශනයක් තරමටයි. එය අප ගොඩනැඟු ලෝඩ්ස්ටාර් සංස්කෘතියයි.
• ඔය කියන සංස්කෘතිය ලංකාවේ සියලු සමාගම්වලට ආදේශ කරගන්න පුළුවන් ද...
ඇත්තටම ඔව්, ආයතනික වටිනාකම්වලට ගරු කරන, ඒ මත පිහිටා ක්රියා කරන පිරිසක් ඒ මඟින් බිහි වෙනවා. ඉන්පසු ඔවුන් වැඩ කරන්නේ ස්වයං විනයකින්. ස්වයං රීතිවලින්. මේ යටතේ ඕනෑම සේවකයකුට මා හමුවීමේ අවස්ථාව ලබා දුන්නා. මගේ කළමනාකරණ දර්ශනය ගලා යන්නේ එලෙසින්.
• ඒත් සේවකයා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යාම කළමනාකරණයට බාධාවක් බවයි සාමාන්ය මතය...
යහපත් ආකල්ප කියන්නේ සීමාවන් පැනීම නෙවෙයි. යහපත් ආකල්පවලින් පොහොසත් සේවකයන් තම ආයතනය පමණක් නෙවෙයි රටත් ගොඩනඟනවා.
• එහෙම කියන්න ඔබට තිබෙන උදාහරණ මොනව ද...
දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයට, ලොව දෙවැනි ආර්ථික බලවතා වීමට උපකාරී වූයේ, ටොයෝටා, සෝනි, නැෂනල් වැනි ආයතන නිර්මාතෘවරුන්ගේ කළමනාකරණ දර්ශනය හා ප්රතිපත්ති. අපේ රටටත් ගැළපෙන්නේ එවැනි ප්රායෝගික ක්රමවේද.
• ඒක ද ඔබ ‘කළමනාකරණයට මනුස්සකම’ නමින් කළමනාකරණයට අලුත් මුහුණුවරක් ගෙනා පොතක් රචනා කළේ...
කළමනාකරණයේදී යන්ත්ර සූත්ර මෙහෙයවන ආකාරයට මනුෂ්ය ගනුදෙනුව සිදු කරන්න බැහැ. එහෙම කළොත් අති සාර්ථකත්වයට පත්වන්න අමාරුයි.
• කළමනාකරණයේදී ඔබ එහෙම හිතන්න පෙලඹවූ අත්දැකීමක් තිබෙනව ද...
ඔව්. කුඩා කල සිටම අපගේ ආයතනවල සේවකයන් සමඟ එකට වැඩ කිරීමේ පුරුද්දෙනුයි ඒ අත්දැකීම මා ලැබුවේ. අපේ ආයතනයේ ඉතා දක්ෂ බාස් කෙනෙකු වූ එඩ්වඩ් බාස් අපට සැලකුවේ ඔහුගේම දරුවන්ට වගේ. සියලු සේවකයන් හා සුහදව වැඩ කිරීමෙන් මා උගත්තේ සමානත්වයේ පාඩමයි.
• ඔබ යටතේ කී දෙනෙක් එදා සේවය කළා ද...
8000 ක සේවක පිරිසක්. නමුත් වෘත්තිය සමිති නැහැ. ඒ අයගේ සියලු අවශ්යතා සපුරන නිසා අරගල මතින් දිනාගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.
• ඔබ ඔවුන් පාලනය කළේ ශීත කාමරයක ඉඳගෙන ද...
මං මගේ ඔෆිස් රූම් එකට ආවා නම් ඒ මීටිමකට විතරයි. වැඩ කරන හැම තැනකම මාත් හිටියා. ඒ සේවකයෙක් විදියටම තමයි. ඒ වෙලාවට මාත් හිටියේ මජං සූට් එකෙන්. රබර් සෙරෙප්පු දෙකක් පයලාගෙන. ඉස්සර ජිනසේන ආයතනයේ කියමනක් තිබුණා, අධ්යක්ෂවරයා හොයාගන්න ඕනෙ නම් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න කෙනාව හොයාගන්න කියලා.
• ‘හොඳ කළමනාකරුවකු වුණත් නොමඟ යන්නෙ කේලම් ඇසු විට...’ මේ කතාවට ඔබ එකඟ ද...
ඕනෑම කෙනකුට බලය තිබෙන විට ඒ වටා සිටින පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් යමක් අහන්න ලැබුණොත් යම් ප්රමාණයක් ඔළුවට වැටෙනවා. නමුත් මම නම් ඒ මතම තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. හොඳට හොයා බලා තීරණයක් නොගත්තොත් සමහර විට අපි නැති කරගන්නේ අපිට ඉන්න හොඳම සේවකයා.
• ඔබ කරුණාව - මෛත්රිය උතුම්කොට සලකන ව්යාපාරික නායකයෙක්. කවදාවත් කෙනකු සේවයෙන් පහකර නැද්ද...
සමාවක් දෙන්න පුළුවන් වරදකදී නිවැරැදි වෙන්න මං දෙන්නේ එක් අවස්ථාවයි. ඒක කඩකළොත් ගෙදර. කරුණාව මෛත්රිය අදාළ තැනටත්, නීති රීති අවශ්ය තැන ඒ විදියටත් ක්රියා නොකළොත් මිනිසුන්ට තමන්ගෙ රැකියාවේ වටිනාකම දැනෙන්නෑ.
• නමුත් ඔබ වෙලාවකට සේවකයන්ගේ සියලු දුක්ඛ දෝමනස්සයන් අසා සිටින හිතවතෙක්...
වැඩ වර්ජන නැතිව, දේශපාලන මැදිහත් වීමක් නැතිව, නිෂ්පාදනය නතර නොකර, සේවක සාමාජිකයන් හා කළමනාකාරිත්වය අතර මතුවන ප්රශ්න ගැටලු විසඳා ගන්නා ‘බණ මඩුවේ මුහුණට මුහුණ සංවාදය’ ලෝඩ්ස්ටාර් සංස්කෘතියේ ප්රබල අංගයක්.
ඒ වෙලාවට අපි හැමෝම එකම බිමක, එකම තැනෙක පැදුරු එළාගෙන වාඩිගෙන සුහද කතාබහක. වෘත්තිය ජීවිතයේ විඩාව නිවන, අධ්යාත්මික තෙතමනය, මද පවන ලැබෙන මේ මොහොත ලෝඩ්ස්ටාර් පවුලට සතුට ගෙනෙන මොහොතක්.
• මොකක්ද එදා ඔබේ බිස්නස් ‘ආට්’ එක වුණේ...
දුරස්ථ බවක් නැතිකම. වැඩ කරන කෙනාට ගරු කිරීම, අපිත් ඔවුන් සමඟ වැඩ කිරීම. ඉස්සර වාත්තු වැඩ කරනකොට මගේ ලොකු අයියා, එයත් වාත්තු කෝව උස්සනවා. ඉංජිනේරුවෙක් ය, අයිතිකාරයා ය කියන පුහු හැඟීම් ඔළුවෙ තියාගෙන මේ වැඩ කරන්න බැහැ. ඒක තමයි අපේ කලාව.
• ඔබ ආයතනය කඩා වැටුණු යුගයක් තිබුණ ද...
2008 - 2009 තමයි මුහුණ දුන් දුෂ්කරම කාලය. මොකද ලෝක ආර්ථිකය කඩා වැටීම නිසා. ලංකාවේ අපිට තරගයක් නොතිබුණා වගේම අපිට ගනුදෙනුව තිබුණේ ලෝකෙ ප්රබලම ආයතන එක්ක.
• ඔබ දැන් සියලු තනතුරුවලින් ඉවත් වෙලා ද...
ලෝඩ්ස්ටාර් ආයතනයේ අධ්යක්ෂවරයෙක් පමණයි, මං එහි කළමනාකාරිත්වයෙන් විශ්රාම අරන්, නමුත් සේවකයන් වෙනුවෙන් දේශන පැවැත්වීම්, පුහුණු කටයුතු වගේ දේට යනවා. මගේම ආයතන තුනේ වැඩ හුඟක් තියෙනවා.
• මුදල් ඉපැයුවා ඇති කියලා හිතෙන්නෙ නැද්ද...
JTIT, JTRT සහ TJF කියන මගේ මේ ආයතන තුනම මුදල් උපයන නෙවෙයි, මුදල් වියදම් කරන පුණ්ය ආයතන. ඒවායින් තමයි අද මේ රටේ කලා විෂය කරලා අනාථ වෙච්චි දරුවො සිය දහස් ගණනකට ඉංජිනේරුවො වෙන්න පාර කියා දෙන්නේ. ඒවා නොමිලයේ කරන සේවා. මා ලබන සෑම මුදලක්ම පාහේ දැන් වැයවන්නේ ඒ වෙනුවෙන්.
• ඇයි ඔබ මෙහෙම කරන්නේ. දිනෙක මහණ දම් පුරන්න ද...

ඒ ආසාව මගේ හිතේ තිබුණේ බොහොම තරුණ වයසෙදි. විදේශ විශ්ව විද්යාලවලින් ඉගෙන 1973 වසරේ මං ලංකාවට ආවේ වසර 10 ක් සේවය කොට මගේ අධ්යාත්මික ගමන යන්නට අධිෂ්ඨාන කරගෙන.
නමුත් වසර 10 ක් අවසානයේ මට ලෝඩ්ස්ටාර් සමාගම ආරම්භ කරන්න සිදුවුණා. ඊළඟට ගෙවි ගිය වසර 26 ම කැපවුණේ ලෝඩ්ස්ටාර් වෙනුවෙන්. ඒ නිසාම මගේ අධ්යාත්මික ගමන ආයේ ප්රමාද වුණා.
දැන් මං කරන්නේ සමාජ සේවා කටයුතු. මේවායිනුත් මිදිලා මගේ ගමන යන්නටයි මා දැන් හිතා ඉන්නේ.
• එතකොට ඔබ ගොඩ නැඟු මේ සියලු පුණ්ය සහ සමාජ සේවා කටයුතු...
මට පුළුවන් උපරීම ලෙස ඒවා තැනකට ගෙනාවා. ඉදිරියට එන අය ඒවා බලාගත යුතුයි.
• ඔබ වඩාත් සතුටු වෙන්නේ ව්යාපාරිකයෙක් විදියට ද නැතිනම් සමාජ සේවකයෙක් විදියට ද...
මං ලෝකෙට අංක එක වූ ටයර් හැදුවා. ඒ වාගේම කිසිම ආයතනයක ඉන්නවා යැයි හිතන්නට බැරි තරමේ මිනිසුන් පිරිසක් හැදුවා. හිත් පිත් නැති ටයර් වගේම මනුස්සකම් පිරි මිනිසුන් හැදීම කියන කාරණා දෙක ගැනම මට සතුටු වෙන්න පුළුවන්.
• විය පැහැදම් කරන්නට සල්ලි ඉතිරෙන පවුලක ඉපදී ඔබ කොහොම ද මෙහෙම කෙනෙක් වුණේ...
මං බුද්ධ ධර්මය පිළිබඳ පැහැදුණේ එංගලන්තයේ ඉගෙන ගන්නා සමයේ, තනිව පත පොත කියැවීමෙන්.
හැම දෙයක්ම මායාවක් බව මට වැටහුණා. හැබැයි ඒ වෙනකල් මට ජීවිතේ බරක් දැනුණෙත් නැහැ. සල්ලි තිබුණ ය කියලා වැරැදි කළේත් නැහැ.
• ඔබට ඔබේ මව ගැන තිබෙන්නේ මොන විදියේ හැඟීමක් ද...
පුතාලම හතර දෙනෙක් හිටි පවුලේ මං බාලයා. අම්මගේ ආදරේ මට අඩු නැතිව ලැබුණා. තාත්තා සැර වුණත් අම්මා එහෙම නැහැ. මනුස්සකම පිළිබඳ අෑ පරමාදර්ශි චරිතයක්. ඒ වගේම ඈ ක්රිස්තියානි ආගමේ.
මගේ සීයත් ක්රිස්තියානි. නම ප්රනාන්දු. පසුව බෞද්ධ වෙලා නම ජිනසේන කරගත්තා. සීයා මේ සමාජයට බොහෝ දෑ කළ කෙනෙක්. ඔහු තමයි ශ්රී මහා බෝධියේ පළමු පිත්තල වැට ඉදිකළේ.
• ඔබේ මේ දැනුම අත්දැකීම් මීට වඩා රාජ්ය මැදිහත් වීමක මට්ටමින් රටට දෙන්න අදහසක් නැද්ද...
මං අවුරුදු දෙකක් නයිටා ආයතනයේ සභාපතිවරයා වෙලා හිටියා. දේශපාලන මැදිහත් වීම් තියෙන තැනක අපිට යමක් කරන්න බැහැ. හිතන තරම් දෙයක් මේ රටට කරගන්න බැරි වූ තැන මං ඒ සභාපතිකම අත්හැරියා.
• ජීවිතයේ සතුටක් තියෙනව ද...
මං විවාහ නොවුණට දරුමල්ලො නොහැදුවට මේ රටේ දහස් ගණන් දරු පරපුරකගේ ඇස් පාදනවා. ඒ සතුට මට ලෝකයක් වටිනවා.
AjithR
AjithR
Posts : 283
Join date : 2014-09-15

“ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala Empty Re: “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala

Sun Mar 25, 2018 10:57 pm
Message reputation : 100% (1 vote)
Thank you for sharing Kithsiri
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum