- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලෝකෙ ඕනෑම තැනකට විදින්න පුළුවන් මිසයිල අපි ලඟ - පූතින්
Image copyright AFP
ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි.
ජනපතිවරණයට පෙරාතුව ජාතිය අමතා අදහස් දක්වමින් ඒ බව කියා සිටි ජනාධිපතිවරයා, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතු බවත් සඳහන් කළේය.
සබ්මැරීනවල සිට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ද්‍රෝන යානා අත්හදා බලමින් සිටින බවත් ජනාධිපතිවරයා සිය දේශනයේදී හෙළි කළේය.
රුසියාව සතුව තිබෙන න්‍යෂ්ඨික ආයුධවලට වඩා බලගතු ආයුධ නිපදවීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දැක්විය යුතු බව රුසියානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
න්‍යෂ්ඨික නිරවිකරණ වැඩසටහන උල්ලංඝනය කරන බවට රුසියාව මීට ඉහතදී එක්සත් ජනපදයට චෝදනා කර තිබේ.
සිව් වැනි වරටත් ජනාධිපති පදවියට පත්වීම සඳහා ව්ලදිමීර් පූතින් තවත් දින 17කින් පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියි.
Image copyright AFP
ජනපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ.
රුසියාව සතු මිසයිල පිළිබඳව වීඩියෝ උපුටා දක්වමින් පැහැදිළි කළ ජනාධිපතිවරයා, එහිදී ප්‍රදර්ශනය කළ එක කෘස් මිසයිලයකට "ලෝකයේ ඕනෑම තැනකට ලඟාවිය හැකි" බවත් සඳහන් කළේය.
එමෙන්ම යුරෝපයේ හෝ ආසියාවේ පිහිටි කිසිදු මිසයිල නාශක පද්ධතියකට එය නැවැත්විය නොහැකි බවත් ජනාධිපති පූතින් අවධාරණය කළේය.
විපක්ෂ නායකයාට ඡන්දය තහනම්
මාර්තු 18 වෙනි දින පැවැත්වෙන ජනපතිවරණයේදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් හත් දෙනෙක් තරග වදින නමුත්, ඒ කිසිවෙකුටත් ප්‍රබල ජනතා සහයෝගයක් නැත.
බදාදා (පෙබරවාරි 28) අනෙක් අපේක්ෂකයන් සමග පැවති පැවති රූපවාහිනී විවාදයට ජනාධිපතිවරයා සහභාගී නොවූ අතර, විරුද්ධ පක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයාවන අලෙක්සේයි නවාල්නිට මැතිවරණයට තරග වැදීම තහනම්ය.
ජනපතිවරණය වර්ජනය කරන මෙන් ඔහු ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වනතුරු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් නොකළ ජනාධිපති පූතින්, ඉදිරි වසර හය සඳහා සිය සැලසුම් පිළිබඳවත් කිසිවක් සඳහන් කොට නැත.
- soileconomy
- Posts : 82
Join date : 2016-05-26
Age : 46
Location : Nebraska