- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල'
රුපියල වාර්තා තබයි
ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී.
ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වේ.
දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන බීබීසීයට ප්‍රකාශ කළේය.
"මෙය නොකඩවා වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රුපියල පහළට වැටීමේ ක්‍රියාවලියේ තවත් එක අවස්ථාවක් පමණයි." ආචාර්ය විජේවර්ධන පවසයි.
අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් විය.
Image caption
අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් විය.
"2013 වසරේ සිට ශ්‍රී ලංකාවේ අපනයනය ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට පහත වැටෙමින් පැවතුනා. 2015 පත්වෙච්ච යහපාලන රජයටවත් මෙම පහල වැටීම නවත්වන්න බැරිවුනා"ආචාර්ය විජේවර්ධන වැඩි දුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයනය අතර වෙනස, නැතහොත් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 - 10ත් අතර ප්‍රමාණයක පවතින් බවත් ඔහු පවසයි.
"මේ හිඟය මෙතෙක් කල් තරමකින් හෝ පියවා ගත්තේ විදෙස් ශ්‍රමිකයන් එවන මුදලින්. එම ඉතිරිකිරීම් පසුගිය වසර දෙක තුළ ඇ.ඩො.බි. 6.5 - 7 අතර පැවතුනා. ඉන් පසුව වන හිඟය ශ්‍රී ලංකාව පියවගත්තේ විදේශ ණය මගින්. දැන් එය තවදුරටත් කළ නොහැකි මට්ටමක පවතිනව. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීමේ ක්‍රියාවළිය ආරම්භවී තිබෙනවා." ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පැවසීය.
ආනයන පිරිවැය වැඩිවීමෙන් ඇඟළුම් කර්මාන්තයට අයහපත් ප්‍රතිවිපාක
මේ හේතුවෙන් විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ අපනයනවලට වාසියක් අත්වෙන නමුත්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයනය වන ඇඟළුම් කර්මාන්තය ඔවුන්ගේ සමස්ථ නිෂ්පාදනයෙන් 60%ක් පමණ ආනයනය කරන බැවින් ආනයන පිරිවැය වැඩිවීමෙන් ඇඟළුම් කර්මාන්තයට අයහපත් ප්‍රතිවිපාක ඇතිවන්නට ඉඩ තිබේ.
මේඅතර, දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 60% - 70%ක් ම පිටරටින් ආනයනය කරන බැවින් රුපියලේ අගය අවප්‍රමාණය වීම විශාල බලපෑමක් ඇතිකරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ආනයන අංශයේ ප්‍රධානී, නිශාන් නනායක්කාර බීබීසීයට අදහස් දක්වමින් පැවසීය.
"මේ දවස් කිහිපය තුළ 3% - 3.5%ක අගයකින් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. තව ටික කාලයක් මේවිදියට රුපියලේ අගය අඩුවෙන ලක්ෂණ තමයි තියෙන්නෙ. මෙය තාවකාලික තත්ත්වයක් හැටියටයි අපි විශ්වාස කරන්නෙ." ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ආනයන අංශයේ ප්‍රධානීයා පැවසීය.
මාස තුනකට වඩා මේ තත්ත්වය පැවතියහොත්, රටේ ආර්ථිකයටත්, ආනයනය කරන භාණ්ඩ වලටත් සැළකියයුතු බලපෑමක්
කෙටි කාලයක් තුළ මෙය නවතා ගත හැකි වුවහොත්, ලොකු බලපෑමක් වෙතැයි නොසිතන නමුත්, මාස තුනකට වඩා මේ තත්ත්වය පැවතියහොත්, රටේ ආර්ථිකයටත්, ආනයනය කරන භාණ්ඩ වලටත් සැළකියයුතු බලපෑමක් විය හැකි බව වාණිජ මණ්ඩල ආනයන අංශයේ ප්‍රධානීයා වැඩිදුරටත් සඳහන් කළේය.
"පවතින (දේශපාලන) තත්ත්වය නිසා විදේශිකයන් ඔවුන්ගේ ආයෝජන ඉවත්කර ගන්නව. රුපියලේ අගය අඩුවීමට හේතුව එයයි. දේශපාලන ස්ථාවරත්වය ලැබුනොත් මේ තත්ත්වය ඉකමණින් වෙනස්වීමේ හැකියාව තියෙනව." නිශාන් නනායක්කාර පැවසීය.
ආණ්ඩුවේ අර්බුදය උග්‍ර වේ: "අගමැති යා යුතුයි"
ඒ අතරම ශ්‍රී ලංකාවට කෙරෙන සියළුම ආනයනික භාණ්ඩවල මිල ඉහළගොස්, පාරිභෝගිකයන් ද අසීරුතාවකට පත්වීමේ හැකියාව ඔහු පෙන්වා දෙයි.
ආර්ථික අර්බුධය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය
"ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය හැටියට ආර්ථික අර්බුදය ඉක්මවාගොස් දේශපාලන අර්බුදය ඉහළගොස් තිබෙනව. මේ අර්බුදය නිසා දැනට පවතින ආණ්ඩුවට හෝ මීලඟට පත්වන ආණ්ඩුවකට ප්‍රතිඵලදායක ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීමේ හැකියාව අඩුවෙල තියෙනව." ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන තවදුරටත් බීබීසී සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
අකණ්ඩ රුපියල පහළට වැටීමේ ක්‍රියාවලියේ එක අවස්ථාවක්
"මෙය පාලනය කළහැකි එකම ක්‍රියා මාර්ගය අපනයන වැඩි කිරීම. එය සිදුකළ නොහැකි දෙයක් නෙවේ. ඊට මධ්‍යකාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කළ යුතුයි. එවැනි පතිපත්ති මාලාවක් අනුගමනය කිරීමට රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර වියයුතුයි."
මේ තත්වය නිසා මේ වසර අග වනවිට ශ්‍රී ලංකා රුපියලේ තත්වය ඩොලරයකට සාපේක්ෂව රු. 160 ත් 165 ත් අතර මට්ටමකට පහත වැටෙන්නට ඉඩ තිබෙන බව ආචාර්ය විජේවර්ධන පවසයි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල'
- ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඩොක්යාර්ඩ් අර්බුදයක
- කොරියානු අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම
- වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි
- Weekly Markets-රුපියල බැස්මේ වාසිය කාටද?FOMC භීතිකා හමුවේ රුපියල් බිලියන 25 ක බැදුම්කර විදේශිකයෝ හලති
- "එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල