- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් බදාදා (ජනවාරි 10) කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සැසිය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය.
මෙලෙස මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඒ අතරතුරදීය.
බැඳුම්කර ගනුදෙනුව ගැන ජනාධිපති කොමිසම් වාර්තාව හා පැවති රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දුෂණ අක්‍රමිකතා 34 ගැන සැකසූ වාර්තා බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස පක්ෂ නායකයන් අඟහරුවාදා (ජනවාරි 09) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලු නමුත් පාර්ලිමේන්තුව වෙත එම වාර්තා එවා නොතිබිණි.
ලබන 17 වෙනිදා මෙම වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන බව ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට දැනුම්දී තිබේ.ඒ නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් අනුවය.
වාර්තාව ඉදිරපත් නොකිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධය පළකළ අතර ඒ අතරතුර අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදීමත් සමග මෙම දැඩි උණුසුම් කාරී තත්ත්වය ඇතිවිය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබාගැබ මැදට පැමිණ අගමැතිවරයාට විරෝධය පළකරමින් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එයට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකුත් සබාගැබ මැදට පැමිණීමත් සමග දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය.
දෙපිරිස අතර නොසන්සුන්තාවය සබාගැබ මැද සිදුවද්දී අගමැතිවරයා නොනවත්වා සිය කතාව කර ගෙන ගිය අතර දෙපිරිස "හොරා, හොරා" යැයි එකිනෙකාට චෝදනා කරගනු දක්නට ලැබුණි.
කතාව කරගෙන ගිය අගමැතිවරයා දෙසට යම් දෙයක් දමා ගැසීමට එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කටයුතු කිරීමත් සමග දෙපිරිස අතර ගැටුම ඇතිවිය.
නොසන්සුන්තාවය අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් මන්ත්‍රීවරුන් ඔහුව සබාගැබෙන් පිටතට රැගෙන යන අයුරුද දක්නට ලැබුණි.
අගමැතිවරයා දැඩි බාධා කිරීම් මැද සිය කතාව අවසන් කිරීමත් සමග කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක් සඳහා සබාව තාවකාලිකව කල්තැබූ අතර එම පක්ෂ නායක රැස්වීම ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ වර්ජනය කරන ලදී.
ඉන් අනතුරව නැවතත් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී පක්ෂ නායකයන්ගේ රැස්වීමේ තීරණයක් අනුව අගමැතිවරයාගේ ප්‍රකාශය යළි ඉදිරිපත්කිරීමට අවස්ථාව ලබාදුනි.
ඒ ඔහුගේ කතාවට මින් පෙර ඇතිවූ බාධාව සැලකිල්ලකට ගනිමිනි.
එයටද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යම් විරෝධයක් එල්ලවුණු අතර අගමැතිවරයා කතාව ඉදිරිපත් කරන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබාගැබෙන් පිටව යනු දක්නට ලැබුණි.
අගමැතිවරයා සිය ප්‍රකාශයෙන් බැඳුම්කර චෝදනාව ගැන ගෙන ඇති ක්‍රියාමාර්ග මුල සිට පැහැදිලි කළ අතර 2015 මාර්තු මස සිටම මේ ප්‍රශ්නය සම්බන්ධව රජය විසින් අඛණ්ඩවම නිසි ක්‍රියාමාර්ග ගෙන සියළු කරුණු පාර්ලිමේන්තුවට, කෝප් කමිටුවට, නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කොට තිබෙන බව ප්‍රකාශ කළේය.
"පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්ගත රුපියල් බිලියන 12 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රදවාගෙන තිබෙනවා. ජනාධිපති කොමිෂමේ වාර්තාව අනුව මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11ක් බව සඳහන් වෙනවා. දැන් ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තා කොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති අලාභය නැවත අයකර ගැනීමට කටයුතු කිරීමයි. එමගින් රජයට අලාභයක් සිදුව ඇත්නම් එය පියවා ගැනීමටත් හැකියාව ලැබෙනවා" යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පැවසූ අගමැතිවරයා එම සියළුම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
එම කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යතුමා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකළ යුතු බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
"අද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා. විවිධ ජනමාධ්‍යවලට, දේශපාලන පක්‍ෂවලට මඩ ෆැක්ටරිවලට මේක හොඳ ඉල්ලමක් වෙලා. සමහරු මෙම බැඳුම්කර ප්‍රශ්නය නිසා පොලී අනුපාතය ඉහළ ගියා කියනවා. ඩොලරයේ අගය ඉහළ ගියා කියනවා. මේ ඔක්කොම මඩ ප්‍රචාරවලට නොරැවටි අපි සත්‍ය සොයා ගනිමු. සත්‍ය සොයා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමු" යනුවෙන් පවසමින් අගමැතිවරය ඔහුගේ ප්‍රකශය අවසන් කළේය.
අගමැතිවරයාගේ ප්‍රකාශයෙන අනතුරව සබාව ජනවාරි මස 23 වෙනිදා දක්වා කල්තැබීමට කතානායකවරයා කටයුතු කළේය.
පාර්ලිමේන්තුව දිනකට කැඳවීමට ලක්ෂ 50 කට අසාන්න මුදලක් වැය වන බව වාර්තාවේ.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්
1. Cost of Parliament
පාර්ලිමේන්තුව දිනකට කැඳවීමට ලක්ෂ 50 කට අසාන්න මුදලක් වැය වන බව වාර්තාවේ.
If so the cost per annum is
Rs 5,000,000*365 = 1,825,000,000
Cost per 5 Year term is
Rs 1,825,000,000*5 = 9,125,000,000
Thus if we get rid of Parliament we can save nearly the LOSS of Bond Scam.
Better
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්
yellow knife wrote:Calculations
1. Cost of Parliament
පාර්ලිමේන්තුව දිනකට කැඳවීමට ලක්ෂ 50 කට අසාන්න මුදලක් වැය වන බව වාර්තාවේ.
If so the cost per annum is
Rs 5,000,000*365 = 1,825,000,000
Cost per 5 Year term is
Rs 1,825,000,000*5 = 9,125,000,000
Thus if we get rid of Parliament we can save nearly the LOSS of Bond Scam.
Better
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27