The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
Today at 5:54 pm by serene

» Thread for News on Local and Foreign Politics
Today at 2:09 pm by The Invisible

» බඩගිනී
Today at 9:20 am by Ethical Trader

» Thread for News on International Markets
Yesterday at 11:21 am by The Invisible

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BFN - Orient Finance
Fri Dec 07, 2018 6:05 pm by nihal123

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» CFVF - First Capital
Wed Dec 05, 2018 1:39 pm by The Invisible

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Dividend Announcement
Mon Dec 03, 2018 11:50 am by lanka

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

» WATA - Watawala
Fri Nov 09, 2018 10:22 am by The Invisible

» Asian markets rally as investors see positive in US gridlock
Fri Nov 09, 2018 8:02 am by serene

» CSE RISE , RIDING ETHICALLY
Wed Nov 07, 2018 5:53 am by pjrngroup

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"

Go down

බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"

Post by Ethical Trader on Thu Jan 04, 2018 2:32 pm

BBC Sandeshaya 2018 ජනවාරි 3

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය කරතිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග සිය පක්ෂයේ මතය පැහැදිලි කරමිනි.

කොමිසමේ නිර්දේශ පිළිබඳව බදාදා (දෙසැම්බර් 03) විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බැඳුම්කර නිකුතුවෙන් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ද කොමිසම නිර්දේශ කර තිබේ.

ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය

ඒ පිළිබඳව සිය ප්‍රතිචාරය පළ කරන ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ, කොමිසමේ නිර්දේශ වහාම ප්‍රකාශයට පත් කළ යුතු බවය.

අර්ජුන මහේන්ද්‍රන්

බැඳුම්කර නිකුතුවේදී සිදු වූ දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙන් ඒකාබද්ධ විපක්ෂය මුල සිටම උද්ඝෝෂණය කළ බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි එහි නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට හෝ ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කළේය.

"එය නීතිපතිවරයාට යවනවා කියන කාරණය පමණක් උචිත වන්නේ නැහැ මොකද නීතිපතිවරයාට මීට කලිනුත් මේ වංචා පිළිබඳ සියලු පැමිණිලි යවල එතන ඒ ගොනුව තාම ගැට ගහල පැත්තකට කරලා තියෙනව," මන්ත්‍රීවරයා පැවසීය.

කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසීම සඳහා රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

එම නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා: "දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල," යනුවෙන් සඳහන් කළේය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ, ජනාධිපති කොමිසමේ නිගමනය කවරක් වුවත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු රටේ කේන්ද්‍රීය මූල්‍ය ආයතනයේ ප්‍රධානී තනතුරට පත්කිරීම බරපතල වැරැද්දක් බවය.

එම තර්කය බැහැර කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසන්නේ මහ බැංකු ප්‍රධානී පදවියට විදේශිකයන් පත්කිරීම ලොව පුරා වෙනත් බොහෝ රටවල ද සිදු වී තිබෙන බවය.

මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත කටයුතු පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වූ බොහෝ තොරතුරු පිළිබඳව අගමැතිවරයාට පූර්ව අවබෝධයක් නොතිබුන බැවින් අගමැතිවරයා තමන් යටතේ සිටින නිලධාරීන් පිළිබඳව විශ්වාසය තැබීම වැරැද්දක් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ මතයය.

"අගමැතිතුමා රහස් පරීක්ෂකයෙක් නෙවෙයිනේ? පොලිස් නිලධාරියෙකුත් නෙවෙයි. අගමැතිතුමාට මේ තොරතුරු තිබුණේ නෑ.

බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාව තවමත් ප්‍රකාශයට පත් වී නොමැති බැවින් සමස්ත වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි වුවත්, රවි කරුණානායක මන්ත්‍රීවරයා සම්බන්ධ නිර්දේශය හැරුණු විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් වූ සියලු නිර්දේශ තමන් ද සාමාජිකත්වය දරන කෝප් කමිටුවේ ද නිර්දේශ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2008 සිට පරීක්ෂණයකට ඒකාබද්ධ විපක්ෂය එකඟද?

2015 මාර්තු මාසයේ දී සිදු වූ බැඳුම්කර නිකුතුව පමණක් නොව 2008 සිට මේ දක්වා සිදු කළ බැඳුම්කර නිකුතුවලදී සිදු වූ වංචා සොයා බැලිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය මතු කළ තර්කය කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීමේදී මතු වූ මතභේදයට හේතුව බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මගින් ද එය අනුමත කරනු ලැබ තිබේ.

විශේෂයෙන්ම 2008 සිට සේවක අර්ථසාධක රමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳව වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කොමිසම නිර්දේශ කර තිබේ.

2008 සිට සිදු වූ බැඳුම්කර නිකුත් පරීක්ෂා කිරීමේ නිර්දේශයට එකඟ වන්නේ දැයි බීබීසී සිංහල සේවය දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "ජේආර් ජයවර්ධන යුගයේ සිට" සිදු වූ බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් ද අවශ්‍ය නම් පරීක්ෂණ කළ හැකි බවය.

කෙතරම් පරීක්ෂණ සහ විමර්ශන පැවැත්වුවත් එදා මෙදා තුර එම පරීක්ෂණවල වාර්තා ප්‍රකාශයට පත් නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයා පැවසීය.
නීතිමය පියවර

ඔහු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පදවි දැරූ රාජපක්ෂ පාලනයට ද එම චෝදනාව අදාළ වන්නේ නොවේ දැයි විමසූ විට දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ රාජපක්ෂ පාලනය පරණගම කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කළ බවය.

කිසියම් ලෙසකින් ආණ්ඩුව බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමස්ත කැබිනට් මණ්ඩලයම අදාළ වංචාව සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බව ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයා අවධාරණය කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව ශ්‍රී ලංකාවේ මුදලේ අගය සහ ආර්ථික ස්ථාවරභාවය හා බැඳුනු "බරපතල ප්‍රශ්නයක්" බව ද දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිලධාරීන් සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කොමිසම කරන නිර්දේශය අනුමත කරන්නේ දැයි විමසු අවස්ථාවේ නීතිඥ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ, "අනිවාර්යයෙන්ම," යන්නය.

"නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක විය යුතුයි," ඔහු පැවසීය.

"රටේ නීති ප්‍රමාණවත් නැත්නම් මේ අහිමි වූ මුදල් ආපසු ඇය කර ගන්න, ජනාධිපතිතුමා කියපු ආකාරයටම විශේෂිත පනතක් මගින් ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතුයි. ඒක කළ යුතුමයි."
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4654
Join date : 2014-02-28

Back to top Go down

Re: බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"

Post by mymoney on Thu Jan 04, 2018 3:25 pm

ජනාධිපතිතුමා මෙසේ කියයි,

අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකුවේ නිලධාරීන් අකර්මණ්‍ය වී ඇත.
අර්ජුන් මහේන්ද්‍රන් තම හිතුමනාපයට වැඩ කර ඇත.

ඔහු මෙසේ හැසිරුනේ ඔහුට උඩින් තිබූ කාගේ බලය නිසා දැයි අපට නම් සිතා ගත හැක.

mymoney

Posts : 493
Join date : 2014-08-06

Back to top Go down

Re: බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"

Post by CK on Thu Jan 04, 2018 3:27 pm

Yes yes...Ranil is the baby here.. lol!

Thanks ET for sharing the article
avatar
CK
Active Member
Active Member

Posts : 1265
Join date : 2015-11-01

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum