- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නේෂන් ලංකා තැරැව්කරුට සියලු ගනුදෙනු තහනම්
අංක 5.1.1 දරණ කොටස් තැරැව්කාර නියමයන්ට අනුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම අසමත් වූ නේෂන් ලංකා ඉක්විටීස් හට සිය සේවාදායකයින් වෙනුවෙන් කොටස් මිල දී ගැනීම 2017 මාර්තු 08 දින සිට තහනම් කරන ලදී.
නව නිවේදනයට අනුව සිය සේවාදායකයින් සතු කොටස් අලෙවි කිරීම ඇතුලු සියලු වෙළෙඳ කටයුතු මේ අනුව නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගමට තහනම් වනු ඇත.
මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් කියා සිටින්නේ දැනටමත් එහි තම ගිණුම් පවත්වාගෙන යන සේවාදායකයින් හට ඒවා වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කිරීම සඳහා නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගම අමතන ලෙසයි.