- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි
පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට උද්ධමනය 7.9% දක්වා ඉහළ නැඟ තිබෙන බව නවතම මහ බැංකු වාර්තා සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මුදල් මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ද වූ රවී කරුණානායක මහතා පසුගිය සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මහ බැංකුවේ සිටින ‘අදක්ෂ හොරු‘ මෙලෙස උද්ධමනය ඉහළ යාමට වගකිව යුතු බවයි.
අද (26) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ, මේ බව මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා සිටියේය. පසුගිය කාලය පුරාවට උද්ධමනයේ හැසිරීම සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් කළ අධිපතිවරයා මෙහිදී පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ තෙල් සහ වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යාම, රට තුළ ඇති වූ නියං සහ ගංවතුර ආපදා තත්ත්වයන් වැනි සාධක මෙන්ම නව VAT බදු සංශෝධනයන් ද උද්ධමනය මෙයාකාරයෙන් ඉහළ නැඟීමට හේතු වුණු බවයි. VAT බදු ඉහළ නැංවීම මහ බැංකුවේ තිරණයක් නොව එය මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණයක් බව ද අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙවැනි වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට තමන් කාලය නාස්ති නොකරන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, “මහ බැංකුවට විශිෂ්ට කාර්යය මණ්ඩලයක් (excellent staff) සිටිනවා. ඔවුන් දක්ෂතාවය ඉහළයි (Highly competent), ඔවුන් ඉහළ තාක්ෂණික ඥානයකින් සන්නද්ධයි (Technically very proficient), කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් හරියටම දන්නවා“, යැයි පැවසීය.
කෙසේ වෙතත් ලබන වසරේ පළමු කාර්තුව තුළදී සියයට 5 මට්ටමට උද්ධමනය පහළ බසිනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි
රවිට අනුව පෙනෙනුයේ දක්ෂ සහ අදක්ෂ යනුවෙන් හොරැ වර්ග දෙකක්ම ඉන්නා බවයි. එයා කුමන වර්ගයට අයත්දැයි කියනවා නම් වඩා හොඳයි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි
හොරුන්ගෙත් හොරු; කම්බ හොරු
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28