The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» ඩොලරයේ විකුණුම් මිල රු. 167 ඉක්මවයි
Yesterday at 6:11 pm by serene

» ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
Tue Sep 18, 2018 2:42 pm by yellow knife

» BLI.N0000 ( Bimputh Finance PLC )
Tue Sep 18, 2018 10:47 am by yellow knife

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
Sun Sep 16, 2018 6:13 pm by Senarath67

» අනං මනං! #/+?.<>
Sun Sep 16, 2018 11:31 am by Yin-Yang

» CAL Securities Facilitates First Cross-Border Share Transaction by a Sri Lankan Stockbroker
Sat Sep 15, 2018 11:04 pm by serene

» මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
Fri Sep 14, 2018 12:48 pm by Ethical Trader

» ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී
Fri Sep 14, 2018 7:49 am by serene

» නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල
Thu Sep 13, 2018 6:44 pm by Ethical Trader

» ණය අපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි
Wed Sep 12, 2018 6:14 pm by Ethical Trader

» Banking Sector Outlook-
Wed Sep 12, 2018 8:17 am by serene

» Dividend Announcement
Tue Sep 11, 2018 7:45 am by serene

» Sri Lankan central bank rejects currency crisis report
Tue Sep 11, 2018 7:31 am by serene

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
Sat Sep 08, 2018 1:53 am by stockback

» අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
Wed Sep 05, 2018 6:26 pm by Ethical Trader

» ශ්‍රී ලංකා රුපියල
Wed Sep 05, 2018 6:24 pm by Ethical Trader

» සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්
Wed Sep 05, 2018 6:22 pm by Ethical Trader

» ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Wed Sep 05, 2018 2:26 pm by nihal123

» Sri Lanka car registration up in July, tax not yet hit
Mon Sep 03, 2018 5:14 pm by Ethical Trader

» 2018 මාස 08 කදී කොළඹ කොටස් 4.54% කින් පසුබසී
Mon Sep 03, 2018 5:11 pm by Ethical Trader

» Sri Lanka rupee ends steady, stocks flat
Mon Sep 03, 2018 7:26 am by The Invisible

» Sri Lanka's August inflation in Colombo hits 5.9-pct
Mon Sep 03, 2018 7:24 am by The Invisible

» ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018
Mon Sep 03, 2018 7:22 am by The Invisible

» Pictures & Stories ........
Sat Sep 01, 2018 6:57 pm by malanp

» සිංහ රෝහලට අසාධ්‍යයි
Fri Aug 31, 2018 7:56 pm by nihal123

» මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
Tue Aug 28, 2018 8:01 pm by spw19721

» Billionaire Ashok Pathirage controlled Asiri Health to launch an MBBS degree Program
Tue Aug 28, 2018 5:26 pm by Ethical Trader

» දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි
Mon Aug 27, 2018 11:47 am by Ethical Trader

» මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්
Fri Aug 24, 2018 6:06 pm by Ethical Trader

» Sri Lanka rupee opens at new low, stocks gain 0.15-pct
Fri Aug 24, 2018 5:55 pm by Ethical Trader

» Sri Lanka's John Keells fine-tunes hotel strategy
Fri Aug 24, 2018 5:53 pm by Ethical Trader

» Sri Lanka's The Finance struggle to recover Ceylinco assets
Fri Aug 24, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka increases planting subsidies for rubber
Thu Aug 23, 2018 10:34 am by The Invisible

» Sri Lanka eyes Euro, Yen and Renminbi bonds to cut costs
Thu Aug 23, 2018 10:33 am by The Invisible

» Sri Lanka to start first boat service in Colombo canals with navy
Thu Aug 23, 2018 10:32 am by The Invisible

» ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට
Thu Aug 23, 2018 8:41 am by Ethical Trader

» යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්
Thu Aug 23, 2018 8:39 am by Ethical Trader

» හැරී ගේ මීළඟ ඉලක්කය
Wed Aug 22, 2018 5:23 pm by Ethical Trader

» Sri Lanka pension fund to value hotel stake eyed by HPL Hotels
Wed Aug 22, 2018 11:29 am by The Invisible

» Sri Lanka's Hemas Holdings profitability seen improving: Fitch
Wed Aug 22, 2018 11:27 am by The Invisible

» Sri Lanka's LMF to invest Rs2bn in new dairy farm
Wed Aug 22, 2018 11:26 am by The Invisible

» Sri Lanka’s national inflation accelerates to 3.4-pct in July
Wed Aug 22, 2018 11:23 am by The Invisible

» Sri Lanka rupee ends at new low, stocks flat
Wed Aug 22, 2018 11:22 am by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Tue Aug 21, 2018 11:00 pm by Expert

» මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
Tue Aug 21, 2018 9:26 pm by Rana

» මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි
Tue Aug 21, 2018 6:07 pm by Ethical Trader

» Sri Lanka to charge 7-pct tax from banks on added value
Mon Aug 20, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka rupee opens weaker, stock gain
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

» Sri Lanka's EPF delay holding up hotel sale: East West
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

» Sri Lanka hotel room price controls not removed: Minister
Mon Aug 20, 2018 5:46 pm by Ethical Trader

September 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

Go down

ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

Post by Ethical Trader on Mon Sep 11, 2017 11:47 am

BBC Sandeshaya 2017 සැප්තැම්බර් 10

Image copyright Reuters/ KCNA

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන් පවසන පරිදි, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් එම කාලය ඇතුළත රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහකි. ($44,344,912).

ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)

උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් ආරක්ෂක මණ්ඩලයට පසුගිය සැප්තැම්බර් 05 වෙනි දින භාර දුන් වාර්තාවක් සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරිණ.
Image caption එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවේ කොටසක්

ඒ අනුව ශ්‍රී ලංකාව, බාබඩෝස්, චීනය, කොස්ටා රිකා, ප්‍රංශය, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය සහ පාකිස්තානය එම සම්බාධක උල්ලංඝනය කරමින් යකඩ සහ වානේ ආනයනය කර තිබේ.

වාර්තාව පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව එසේ වානේ සහ යකඩ ආනයනය කර තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලය.

ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.

ඒ අතර චීනය පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාවෙන් තඹ කිලෝ 556,884 ක් ආනයනය කර තිබේ.

උතුරු කොරියාව වෙනුවෙන් ඇන්ගෝලාවේ නාවික හමුදා යාත්‍රා නවීකරණය කරන Green Pine Corporation නම් සමාගමේ නියෝජිතයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ එම නාවික යාත්‍රා විකිණීමට දැරූ උත්සාහයක් අසාර්ථක වී ඇති බව ද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව ඇන්ගෝලා නාවික හමුදා යාත්‍රා නවීකරණය කිරීම එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමක් බව ද වාර්තාවේ දැක්වේ.
Image copyright Getty Images
Image caption "උතුරු කොරියාව ගැන හෙළා දැකීම ජනපති දැන සිටියේ නැහැ"

ඒ හැරුණු විට ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ගල් අඟුරු, යකඩ නිධි ඇතුළු තවත් ද්‍රව්‍ය උතුරු කොරියාවේ සිට නීති විරෝධී ලෙසින් ආනයනය කිරීම පිළිබඳව චීනය සහ මැලේසියාවට චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර එම භාණ්ඩ තොග එක්සත් ජාතීන් විසින් පරීක්ෂා කරනු ලැබුවේ ද යන්න සහ නොඑසේනම් එම භාණ්ඩ ආනයනය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ විශේෂ අවසරයක් යටතේ ද යන්න පිළිබඳව අදාළ රටවලින් කරනු ලැබූ විමසීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චීනය පමණක් බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව පිළිබඳව විමසීම පිණිස රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
Image caption උතුරු කොරියාව මෑතදී මිසයිලයක් අත්හදා බැලූ අවස්ථාවක්

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙලා දකිමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කළ නමුත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුව සඳහන් කළේය.

රසායනික ආයුධ, බැලිස්ටික් මිසයිල සහ සාම්ප්‍රදායික අවි ආයුධ සම්බන්ධයෙන් උතුරු කොරියාව සහ සිරියානු ආණ්ඩුව සහයෝහයෙන් ක්‍රියාකරන බවට පළවන වාර්තා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය, ඇන්ගෝලාව, එරිත්‍රියාව, මොසැම්බික් රාජ්‍යය, නැමීබියාව, සිරියාව උගන්ඩාව සහ ටැන්සානියාව යන රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ද තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
න්‍යෂ්ඨික අත්හදා බැලීම

උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික බෝබ්ම නිෂ්පාදනය කළේ සහ මිසයිල අත්හදා බැලුවේ එක්සත් ජාතීන්ගේ සම්බාධක සහ ජාත්‍යන්තර බලපෑම් උල්ලංඝනය කරමිනි.
Image caption එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවෙන්

උතුරු කොරියාව පසුගියදා න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමත් සමඟ කලාපයේ අංශක 6.3 ක මහා භූ චලනයක් සිදු වූ බව ජපානයේ භූ කම්පන විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.

පිපිරීම සමග හටගත් භූ කම්පාව චීනයට සහ රුසියාවට පවා දැනී තිබෙන අතර, උතුරු කොරියාවේ දේශසීමාව ආසන්නයේ හදිසි විකිරණ පරීක්ෂාවක් සිදු කරන බව චීනය නිවේදනය කළේය.

න්‍යෂ්ඨික බෝම්බය අත්හදා බැලීම පිළිබඳව වහාම ප්‍රතිචාරය පළ කළ දකුණු කොරියාව, රොකට් ප්‍රහාර එල්ල කරමින් සජීව හමුදා අභ්‍යාසයක නිරත විය.

ඒ සමගම උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විය හැකි බව ද සඳහන් කරයි.

පසුගිය මාස දෙක ඇතුළත පමණක් අන්තර් මහද්වීපික මිසයිල දෙකක් අත්හදා බැලූ උතුරු කොරියාව, එයින් එක් මිසයිලයක් ජපානයට ඉහලින් ශාන්තිකර සාගරයට විදීමට සමත්විය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4265
Join date : 2014-02-28

Back to top Go down

Re: ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

Post by Yin-Yang on Mon Sep 11, 2017 6:55 pm

එතකොච මාමේ, න්‍යෂ්ඨික බෝම්බයි, මිසයිලයි අත්හදා බලපු ඇමෙරිකාවටයි වෙන රටවලටයි සම්බාධක පණවන්නේ නැතෙයි?
avatar
Yin-Yang

Posts : 1053
Join date : 2016-03-12

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum